Loading...

ලොවපුරා බොහෝ දෙනෙක් සිහිනෙන් දුටු අද්භූත මිනිස් රූපයේ අභිරහස!

 

මෙම පින්තූරයේ සිටින පුද්ගලයාව ඔබ සිහිනෙන් දැක තිබෙනවානම්, එම පුද්ගලයාව සිහිනෙන් දුටු එකම පුද්ගලයා ඔබ පමණක් නොවෙයි. ලොව පුරා වෙසෙන දහස් ගණනක්වූ දෙනෙක් ඔහුව එක් වතාවක් හෝ සිහිනෙන් දැක තිබෙනවා.

මීට වසර කිහිපයකට පෙර එය අන්තර්ජාලය තුල අතිශය ජනප්‍රිය පුරාවුර්තයක් බවට පත්වුනා. එම සිදුවීම විස්තර කිරීමට නිර්මාණය කල වෙනමම වෙබ් අඩවිද අන්තර්ජාලයේ තිබෙනවා.

This Man කියන වෙබ් අඩවියට අනුව සෑම රාත්‍රියකම දහස් ගණනක් දෙනෙක් මෙම පුද්ගලයාව සිහිනෙන් දකිනවා.

සිහින හා සම්බන්ධ මෙම සිදුවීම ආරම්භ වන්නේ 2016 ජනවාරි මාසයේදීයි. එම කතාවට අනුව මානසික රෝගී කාන්තාවක්ගේ සිහිනයට මෙම පුද්ගලයා නිරන්තරයෙන්ම පැමිණෙන අතර, ඇය පවසන විස්තර වලට අනුව මනෝරෝග වෛද්‍යවරයෙකු එම පුද්ගලයාව චිත්‍රයට නගනවා. ඇය පවසන පරිදි ඇය එම පුද්ගලයාව දැක තිබෙන්නේ සිහිනයෙන් පමණයි.

වෛද්‍යවරයාගේ මේසය මත දින ගණනාවක් පුරාට තිබුණු එම පින්තූරය, තවත් මානසික රෝගියෙකුගේ නෙත ගැටෙනවා. ඔහු පවසා සිටියේ තමන්ද එම පුද්ගලයාව සිහිනෙන් දුටු බවයි.


ඉහත සිදුවීම් දෙක අතර යම් සම්බන්ධයක් තිබුණු නිසා, වෛද්‍යවරයා අනෙකුත් රෝගීන්ටද එය දර්ශනය වෙන්නට සලස්වා තිබෙනවා. පුදුමයට කරුණ නම් තවත් රෝගීන් 4 දෙනෙක් එම පුද්ගලයා කිහිප වතාවක්ම සිහිනෙන් දුටු බව පවසා තිබුනා. දැන් එම පුද්ගලයාව හඳුන්වනු ලබන්නේ This Man යනුවෙනි.

2006 වර්ෂයේ සිට අද දක්වා කාලය ඇතුලත පුද්ගලයින් 2,000 දෙනෙක් පමණ එම පුද්ගලයාව සිහිනෙන් දැක තිබෙන බව වාර්තා වෙනවා.

ඇමරිකාවේ නිව්යෝක් වලට පමණක් නොවෙයි, ලොස් ඇන්ජලීස්, බර්ලින්, බීජින්, බාසිලෝනා සහ ස්ටොක්හෝම් වැනි ලොව පුරා රටවල් වල මිනිසුන්ද ඒ අතර සිටිනවා.

This Man වෙබ් අඩවියට අනුව එම පුද්ගලයාව සිහිනෙන් දුටු පුද්ගලයින්, එකිනෙකා හඳුනන කිසිම සම්බන්ධයක් ඇති පුද්ගලයින් නොවෙයි. වඩාත් පුදුමයට කරුණ නම් එම පින්තූරයේ සිටින පුද්ගලයාගේ රූපයට සමාන පුද්ගලයෙක්, සැබෑ ලෝකයෙන් මෙතෙක් හමුවී නැහැ.

මෙම අද්භූත සිදුවීම විස්තර කිරීමට ඉදිරිපත් වෙන මත කිහිපයක් ඉහත වෙබ් අඩවිය විසින් ඉදිරිපත් කර තිබෙනවා.



එක් මතයක් නම් මෙම පින්තූරයේ සිටින පුද්ගලයාගේ රූපය, මිනිස් රූපයක් පිළිබඳව සිහිපත් කල විට, මිනිසෙකුගේ සිතට නැගෙන මුලාකෘති රූපයක් බවයි. එසේත් නොමැති නම් එය සමස්ත මිනිස් වර්ගයාට පොදු රූපයක්. එවැනි මතකයන් අපගේ මොලයේ ප්‍රවේනිගත සැකැස්ම තුල එක්රැස්වී තිබෙනවා. මොනෝ විද්‍යාව තුල එය හඳුන්වන්නේ Collective unconscious යනුවෙනි.

මනෝවිද්‍යාඥයින් පවසන විදියට පුද්ගලයුක්ගේ ජීවිතයේ පීඩාකාර සහ ආතතිකර අවස්තාවන් වලදී එවැනි මුලාකෘති දර්ශනය වෙනවා. මෙම පුද්ගලයාව ඔබ සිහිනෙන් දුටුවා නම් පුදුමයට පත්විය යුතු නැහැ. එය අපට ප්‍රවෙනියෙන්ම උරුම වූ දෙයක්.

ඊට අමතරව තවත් එක් මතයක් තිබෙනවා. එය නම් මනොවිද්‍යාවෙන් බැහැරවූ ආගමික මතයක්. එම මතයට අනුව මෙම පුද්ගලයා විශ්වයේ නිමැයුම්කරුවාගේ එක් ස්වරූපයක්. එසේත් නොමැති සර්වබලධාරී දෙවියන් අමරණීයත්වයට පත්වීමට පෙර පැවති මිනිස් රූපයක් වශයෙන් සැලකෙනවා. දෙවියන් වහන්සේ මෙවැනි විවිධ ස්වරූප වලින් මිනිසුන්ට සිහිනෙන් දර්ශනය වෙන බවයි එම මතයෙන් වැඩිදුරටත් පැවසෙන්නේ.

අවසානයටම ඔබව දැනුවත් කරන්නේ වඩාත් සිත්ඇදගන්නා සුළු මතය පිළිබඳවයි. එම මතයට නම් එතරම් විද්‍යාත්මක පසුබිමක් නැහැ. එම මතයට අනුව මෙම පින්තූරයේ සිටින්නේ සැබෑ ලෝකයේ ජීවත් වෙන පුද්ගලයෙක්මයි. ඔහුට ඔහුගේ අධි මානසික හැකියාව භාවිතා කරමින් මිනිසුන්ගේ සිහිනවලට ඇතුළුවීමට හැකියාව තිබෙන බව පැවසෙනවා. ඇතැම්විට එම සිහිනෙන් දුටු රූපය සැබෑ මිනිසාගේ රූපයට හාත්පස සමාන වෙන්නට පුළුවන. එසේත් නොමැති නම් ඔහු වෙනත්ම රූපය මවා පාන බවද එම මතයෙන් විස්තර වෙනවා.


මේ පිළිබඳව මනෝ සමාජවිද්‍යාත්මක මතයක්ද ඉදිරිපත් වෙනවා. එම මතයට අනුව අන්තර්ජාලයෙන් හෝ පුවත්පතකින් දුටු එම පුද්ගලයාගේ රූපය, යටිසිතෙහි තැන්පත්වීම නිසා වෙනස් වෙනස් පුද්ගලයින්ටද එම රූපය සිහිනෙන් පෙනෙන්නට ඇති බවයි. ඉන් පසුව එය පොදු සිදුවීමක් වෙන්නට ඇති බව පැවසෙනවා.

අවසාන වශයෙන් මේ සියල්ල තනිකරම ව්‍යාජ එකක් වෙන්නටත් පුළුවන්. මොකද This Man.org වෙබ් අඩවිය නිර්මාණය කර තිබෙන්නේ ඉතාලියානු සමාජවිද්‍යාඥයෙකු සහ වෙළඳ උපාය දක්ෂයෙකු වන Andrea Natella විසින්. ඔහු කඩාකප්පල් කාරී ව්‍යාජ මත සමාජ ගතකරන්නෙක් ලෙසද ප්‍රචලිතයි. ඉතින් මෙය ඔහුගේ ව්‍යාජ ක්‍රියාවක් වීමටද ඉඩ තිබෙනවා.

ඉතින් මෙය අපි විසින් ඉතාමත්ම සමබරව ඉදිරිපත් කර තිබෙන බව ඔබට පෙනෙනවා ඇති. දී ඇති කරුණු අතරින් කැමති මතයකට එළඹීමේ ඓතිය ඔබට තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඔබේ අදහස අපි සමග බෙදාගන්නට අමතක කරන්නටත් එපා.

Source – thisman.org
ලොවපුරා බොහෝ දෙනෙක් සිහිනෙන් දුටු අද්භූත මිනිස් රූපයේ අභිරහස! ලොවපුරා බොහෝ දෙනෙක් සිහිනෙන් දුටු අද්භූත මිනිස් රූපයේ අභිරහස! Reviewed by Anonymous on 8:04:00 AM Rating: 5

No comments:

Powered by Blogger.