Loading...
BREAKING NEWS අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පාලිසේන අත්අඩංගුවට

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක
නිලධාරී කසුන් පාලිසේන යන මහත්වරුන් මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
අර්ජුන් ඇලෝසියස් මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ කොල්ලුපිටිය, මල්පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේදී ය.
කසුන් පාලිසේන මහතා වැල්ලවත්ත, අර්තුසා මාර්ගයේ පිහිටි නිවසකදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය .
පසුගිය සිකුරාදා අධිකරණය කරුණු වාර්තා කරමින් මහ බැංකු භාණ්ඩාගාර සම්බන්ධ විමර්ශනයන්ට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අර්ජුන් ඇලෝසියස්, කසුන් පාලිසේන සහ අර්ජුන් මහේන්ද්‍රන් යන තිදෙනා සැකකරුවන් ලෙස නම් කළේය.
අර්ජුන මහේන්ද්‍රන් මහතාට 15 වෙනිදාට පෙර මෙරටට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන ලෙස එදින නියෝග කෙරිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් සිදුකළ වැරදි කිහිපයක් හඳුනාගෙන ඇති අතර අභ්‍යන්තර රහස්‍ය මූල්‍ය සංවේදීතාවක් ඇති තොරතුරු භාවිත කිරීම, කුමන්ත්‍රණය කිරීම හා අනුබල දීම ඉන් එක් වරදක් ලෙස හඳුනාගෙන තිබේ.
BREAKING NEWS අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පාලිසේන අත්අඩංගුවට
Reviewed by Anonymous
on
8:09:00 AM
Rating:

No comments: