Loading...

අභ්‍යවකාශ සංචාරය මහජනයාට විවෘත වෙයි, මිල ගණන් මෙන්න.


ගගනගාමියෙකු මෙන් අභ්‍යවකාශයේ සංචාරය කිරීමට ඔබටත් අසාවක් ඇතිවෙන්නට ඇති. නමුත් මේවන තුරු එම අවස්තාව සාමාන්‍ය ජනතාවට විවුර්ත වෙන පාටක්වත් තිබුනේ නැහැ. දැන් අභ්‍යවකාශයේ ඉදිවෙන අධි සුකොපභෝගී හෝටලක් පිළිබඳව නිල නිවේදනයක් සිදුකර තිබෙනවා.

තවත් වසර කිහිපයකින් Aurora Station ලෙස හඳුන්වන අභ්‍යවකාශ හෝටලය මහජනතාව සඳහා විවුර්තවීමට නියමිතයි.


මෙම හෝටලයට පිවිසෙන ඔබට එක් දවසක් ඇතුලත හිරු උදාවීම් 16ක් දැකගන්නට පුළුවන්. ඒවගේම ශුන්‍ය ගුරුත්වය අත්විඳීම සහ අභ්‍යවකාශයේ සිට පෘතුවිය පැහැදිලිවම දැකගැනීම වැනි අවස්තාවන්ද උදාවෙනවා.

එක වර පුද්ගලයින් 6 දෙනෙකුට පහසුකම් සැපයීමට සමත් එම හෝටලය කක්ෂගත වන්නේ පෘතුවියේ මතුපිට සිට සැතපුම් 200ක් තරම් උඩින්. සෑම මිනිත්තු 90කටම වරක් එය පෘතුවිය වටා කක්ෂගත වෙනවා. උපරිම වශයෙන් දින 12ක් ඔබට එහි සිටින්නට පුළුවන්.

වාර්තා වෙන විදියට එම අභ්‍යවකාශ හෝටලයට WiFi පහසුකමද ඇතුලත් කිරීමට නියමිතයි. ඉන් අදහස් කරන්නේ පෘතුවියේ සිටින නෑදෑ හිතවතුන් සමග ඔබට පහසුවෙන්ම සම්බන්ධවිය හැකි බවයි.

වඩාත් විශ්මයජනක දෙය නම්, එම අභ්‍යවකාශ හෝටලයේ ජනේලයක් අසල හිඳගෙන, North and South Auroras පවා දැකගන්නට ඔබට පුළුවන්.


නමුත් දැන් පවසන්නට යන දෙයින් නම් ඔබේ සිත රිදෙනවාට කිසිම සැකයක් නැහැ. මොකද එහි පිවිසීම සඳහා ඔබට ඇමරිකානු ඩොලර් මිලියන 9.5ක මුදලක් වැය වෙනවා.

එය ඔබට විශාල මුදලක් වශයෙන් පෙනුනත්, යමෙකු අභ්‍යවකාශය වෙත රැගෙන යෑම සඳහා අයකරන අවම මුදල එයයි.

ඒවගේම මෙය පෘතුවියේ විනෝද චාරිකාවක් වගේ වෙන එකක් නැහැ. මොකද අභ්‍යවකාශ හෝටලයට යාමට පෙර මාස තුනක පුහුණුව සම්පූර්ණ කිරීමට ඔබට සිදුවෙනවා. සාමාන්‍යයෙන් අභ්‍යවකාශ පුහුණුවක් අවුරුදු දෙකක කාලයක් පුරාවට පවතිනවා. එම නිසා ඉහත මාස තුනක කාලය එතරම් දෙයක් නොවෙයි.

අභ්‍යවකාශයෙන් නැවත පෘතුවියට පැමිණෙන විට, නීල් ආම්ස්ට්‍රෝන් මෙන් වීරයෙකු සේ ඔබව පිළිගැනීමටද Orian Span ආයතනය සුදානම්ව සිටිනවා. එය ඔබට අතිශයින්ම විශ්මයජනක අත්දැකීමක් වේවි.


මේ වන විටත් ලොවපුරා වෙසෙන බොහෝ දෙනෙක් එම චාරිකාව සඳහා අයදුම් කර තිබෙනවා. තම ස්ථානය වෙන් කරගැනීමට ඔවුන් ඩොලර් 80,000ක අත්තිකාරම් මුදලක්ද ගෙවා තිබෙනවා. 2024 වර්ෂයේදී එම අභ්‍යවකාශ හෝටලය පෘතුවිය වටා කක්ෂගත වීමට නියමිතයි.

ඔබත් අනිවාරයෙන්ම මෙම සංචාරයට කැමැත්තකින් පසුවෙනවා ඇති. ඔබේ අදහස පහතින් එකතු කරන්නට අමතක කරන්නට එපා.

Source – edition.cnn.com
අභ්‍යවකාශ සංචාරය මහජනයාට විවෘත වෙයි, මිල ගණන් මෙන්න. අභ්‍යවකාශ සංචාරය මහජනයාට විවෘත වෙයි, මිල ගණන් මෙන්න. Reviewed by Anonymous on 8:35:00 AM Rating: 5

No comments:

Powered by Blogger.