Loading...
තේ කෝප්පයට ගමිරිස් කුඩු ස්වල්පයක් එකතු කර පානය කරන්න – හේතුව ඇසුවොත් ඔබ පුදුම වේවි
ඈත අතීතයේ සිටම මෙවන් සෞඛ්‍යය ගැටළු සුවපත් කර ගැනීම සඳහා ගම්මිරිස් කුඩු භාවිතා කර තිබෙනවා. ගම්මිරිස් කුඩු තුල අන්තර්ගත වන piperine යන සංයෝගය මගින් ශරීරයේ වේදනාවන් සමනය කිරීම සිදු කරනු ලබනවා. ඔබේ තේ පානයට ගම්මිරිස් කුඩු එකකර ගැනීම මගින් සැලසෙන සෞඛ්‍යය වාසි ලැයිස්තුව පහතින් කියවන්න.
1. කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව සුව කිරීම
ගම්මිරිස් තුල අනතර්ගත වන බැක්ටිරියා නාශක බලය සහ ප්‍රතිඔක්සිකාරක බලය නිසා කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව සුවපත් කිරීමට භාවිතා කල හැකි සාර්ථක ඖෂධයක් ලෙස ගම්මිරිස් හඳුන්වන්නට පුළුවන්. ගම්මිරිස් මගින් උණුසුම් සැර ස්පර්ශයක් උගුරට ලබාදීම මගින් උගුරේ සිරවී ඇති සෙම බුරුල් කර නාසය සිරවීමට සහනයක් සපයා උගුර සහ පපුව සැහැල්ලු භාවයකට පත් කරනු ලබනවා. ඔබ සිදු කල යුතු වන්නේ ඔබ පානය කරන තේ පානයට ගම්මිරිස් කුඩු ස්වල්පයක් එක්කර පානය කිරීම පමණයි.
2. උගුරේ වේදනාව සුව කිරීම
ඔබට උගුරේ වේදනාවක් දැනෙනවා නම් ඔබ පානය කරන තේ පානයට ගම්මිරිස් කුඩු ස්වල්පයක් එක්කර පානය කරන්න. ගම්මිරිස් මගින් උගුරට ලබා දෙන සහනය නිසා උගුරේ වේදනාව සුවපත් කර ගන්නට පුළුවන්. සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට නම් දිනකට වාර දෙකක් හෝ තුනක් ගම්මිරිස් සමග තේ පානයක් සකස් කර පානය කරන්න.
3. කෝටර දාහය සුව කිරීම
ඔබේ නාසය සිටවී කෝටර දාහයද ඇතිවී වේදනාවක් ගෙන දෙනවා නම් ඔබේ තේ පානයට ගම්මිරිස් කුඩු එක්කර පානය කරන්න. එමගින් සිරවුණු කෝටර ප්‍රදේශ සහ නාසයට සහනයක් සලසා ගන්නට පුළුවන්.
4. විෂාදය නැසීමට
මෙය ඇසූ සැනින් තරමක අමුත්තක් දැනුනත් ගම්මිරිස් තුල අන්තර්ගත වන piperine යන සංයෝගය මගින් සිතීමේ හැකියාව, කරුණු සෙවීමේ හැකියාව වැනි හැකියාවන් වර්ධනයවී ඥානය වර්ධනය වනවා. ඔබ සිදු කල යුත්තේ ඔබ පානය කරන තේ පානයට ගම්මිරිස් කුඩු ස්වල්පයක් එක්කර පානය කිරීම පමණයි. මෙය විෂාදය තත්වය නැසීම සඳහා ඇති සාර්ථක ඖෂධයක් වේවි.
5. පිළිකාවෙන් ආරක්ෂා වීම
ගම්මිරිස් භාවිතා කර විවිධ වර්ගයේ පිළිකා මර්ධනය කර ගත හැකි බව සෞඛ්‍යය විශේෂඥයන් විසින් සිදු කරන ලද විවිධ අධ්‍යයනයන් මගින් තහවුරු කර තිබෙනවා. ගම්ම්රිස් තුල අන්තර්ගත වන piperine සංයෝගය මගින් ශරීරය තුල ඇති හානිදායක සංයෝගයන් උදාසීන කර පිළිකාව ඇතිවීම පාලනය කිරීමක් සිදු වනවා.
තේ කෝප්පයට ගමිරිස් කුඩු ස්වල්පයක් එකතු කර පානය කරන්න – හේතුව ඇසුවොත් ඔබ පුදුම වේවි
Reviewed by Anonymous
on
11:53:00 AM
Rating:
No comments: