Loading...
ඔබේ අක්මාව විෂ වලින් පිරි ඇති බවට දැනෙන ලක්ෂණ 6ක්.මාරාන්තික වෙන්න කලින් මේ පිලිබදව සැලකිලිමත් වෙන්න
අක්මාව ප්‍රදේශයේ(පපුවට තරමක් පහල ප්‍රදේශය) වේදනාවක් ඇති වෙනවද
එහෙම වෙනවා නම් ඒක හොඳ දෙයක් නම් නෙවෙයි මොකද අක්මාවේ විෂ පිරුණම එකට සුපුරුදු පරිදි සාමාන්‍ය විදිහට ක්‍රියාකාරී වෙන්න බැරි වෙනවා. එතකොට අපිට ඒක වේදනාවක් විදිහට දැනෙනවා. නිසා ඒ ප්‍රදේශයේ වේදනාවක් ආවොත් ඒ ඔබේ අක්මාව විෂෙන් පිරිලා කියලා ඔබට දෙන අනතුරු ඇඟවීමක් වෙන්න පුළුවන්.
කකුල් වළලුකර ඉදිමීම
ඔබ දිගටම අක්මාවේ මේ වගේ ලක්ෂණ තියෙද්දී ඒ ගැන නොසලකා ඉන්නවා නම් අක්මාව විසින් ඉබේම විෂ ඉවත් කරගෙන සුව වෙන්න බලනවා. අන්න ඒ අවස්ථාවේදී ඔබගේ කකුල් ඉදිමෙන්න පුළුවන්. මේ ඉදිමුම කලවා දක්වා පැතිරෙන්න පුළුවන්. ඒ වගේම මේ ඉදිමුම වේදනා රහිතයි.
කොච්චර වෙහෙසුනත් අඩු නොවන බර
සෑහෙන්න මහන්සි වෙලා ව්‍යායාම කරලා කෑම පාලනෙත් කරලා ටික කාලෙකින් තරාදියට නැගලා බැලුවම තිබ්බටත් වඩා බර වැඩි වෙලාද. එහෙනම් කෝකටත් කියලා වෛද්‍යවරයෙක් හමුවෙලා මේ ගැන කියලා අක්මාව පරික්ෂ කරගන්නවා නම් හොඳයි.
ඒ වගේම දිගින් දිගටම ඔබේ ශරීරයට \ විෂ ද්‍රවය (ඇල්කොහොල්, දුම් පානය, අධික මේද සහිත ආහාර, කෘතීම රසකැවිලි) ඇතුල් කරනවා නම් අක්මාවට තවත්දුරටත් ඒවා පිරිසිදු කරන්න බැරි නිසා මේ විෂ ද්‍රවය මේද සෛල තුල ගබඩා කරන්න අක්මාව කටයුතු කරනවා. මෙන්න මේ නිසාත් අධික ලෙස ඔබේ බර වැඩි වෙන්න පුළුවන්.
විවිධ ආසාත්මිකතා (සිංහලෙන් කට්ටිය ඇලජික් කියන්නේ අන්න ඒවා)
නිතර නිතර විවිධ ආසාත්මිකතා ඇතිවෙනවා නම් අන්න එකත් අක්මාවේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අක්මාව හොඳින් ක්‍රියා නොකරන නිසා කෘතීම (විෂ ද්‍රව්‍ය) දේවල් ලේ වලට එකතු වෙන්න පුළුවන්. එතකොට අපේ මොලය ඒවා ආසාත්මිකතා වලට හේතු වෙන දේවල් විදිහට හඳුනා ගෙන ඒවාට විරුද්ධව ප්‍රතිදේහ සහ රසායන නිකුත් කරන්න පටන් ගන්නවා. අන්න ඒවා කසන කුෂ්ට වගේ දේවල් වලට හේතු වෙන්න පුළුවන්. අක්මාව හොඳින් තියෙනවා නම් මේ ගැටළු ඇතිවෙන්නෙ නැහැ. මොකද හොඳ නිරෝගී අක්මාවකින් අපේ ලේ හොඳට පිරිසිදු කරලා යවන නිසා.
සම සහ ඇස් කහ පාටට හැරීම
මිනිසෙකුගේ ඇස් සහ සම කහ පාටට හැරිලා නම් ඒ අවයවයක් නිසි පරිදි ක්‍රියා නොකිරීම නිසා ඇති වෙන රෝග ලක්ෂණයක් කියන්න පුළුවන්. ගොඩක්ම වෙලාවට මෙහෙම වෙන්නේ අක්මාව නිසි පරිදි ක්‍රියා නොකරන වෙලාවට.
අධික තෙහෙට්ටුව සහ නිදිමත
ඉතින් ඔයාට මේ අවස්ථාවට එන්න කලින් අපි උඩින් කියපු රෝග ලක්ෂණ අඩුම මාස 6 කට කලින්වත් පෙන්නුම් කරනවා. ඇත්තටම අක්මාවේන් අපිට ශක්තිය ලබාදෙන්න ලොකු කාර්යභාරයක් කරනවා. ඒ කිව්වේ අක්මාවේන් ග්ලුකෝස් ග්ලුකොජෙන් බවට පරිවර්තනය කරල ගබඩා කරල තියනව පසු පාවිච්චිය සඳහා. ඒ වගේම ඒවා අපේ ආහාරවේල් අතතුර සහ අවශ්‍ය වේලාවන් හිදී නිදහස් කරන්නත් කටයුතු කරනවා. ඉතින් මේ දේවල් අඩාල උනාම තමයි මේ අධික තෙහෙට්ටුව ඇති වෙන්නේ.
ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ අක්මාවට තනියම සුවවෙන්න නැවත යථා තත්වෙට පත් වෙන්න පුළුවන්. ඒකට ඕන කරන්නේ පොඩි විවේකයක් විතරයි. ඒ කිව්වේ මත්පැන් දුම්වැටි වගේ විෂ තියෙන දේවල් වලින් ටික කාලෙකට ඈත් වෙලා (සදාකාලිකවම නම් වඩාත් වඩාත් හොඳයි ඈ) ස්වභාවික පොහොර යොදල වගා කරපු එළවලු පලතුරු වගේ දේවල් ආහාරයට අරන් ග්‍රීන් ටි එකක් එහෙම ගහලා චිල් එකේ ඉන්න තමයි තියෙන්නේ.
ඉතින් මේ දේවල් වලින් ඔබ යමක් ඉගෙන ගත්තා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න. ඔබට සුභ දවසක්!
ඔබේ අක්මාව විෂ වලින් පිරි ඇති බවට දැනෙන ලක්ෂණ 6ක්.මාරාන්තික වෙන්න කලින් මේ පිලිබදව සැලකිලිමත් වෙන්න
Reviewed by Anonymous
on
9:11:00 AM
Rating:
No comments: