Loading...
ළමයින් 18ක් අපයෝජනය කළ පොඩි සාදු ඇතුළු තවත් පිරිසක් කොටුවෙයි
එම ළමා නිවාසයේම වෙසන (22), (20, (19) හැවිරිදි තිදෙනෙකු හා 17 හැවිරිදි චීවරධාරියෙකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණා.
මේ සැකකරුවන් තිදෙනෙකු බාලවයස්කරුවන් හෙයින් ඔවුන් ගල්කන්ද මුදිත ළමා නිවාසයේ රඳවා තබා පරිවාස වාර්තාවක් කැදවන ලෙසත් මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.
අපයෝජනය ලක්ව ඇති බව කියන ළමුන් සියලු දෙනා මේ වන විට වෛද්‍ය පරීක්ෂණ සදහා නිකවැරටිය සහ කුරුණෑගල රෝහල්වලට ඇතුළත් කර ඇති බවද, පොලීසිය අධිකරණයට කරුණු දැක්වා ඇති බවයි වාර්තා වන්නේ.
අපයෝජනයට ලක් වූ බව කියන ළමුන් හා සැකකරුවන් සියලු දෙනා මෙම ළමා නිවාසයේම වෙසෙන අය බවත්, පරිවාස භාරයෙන් ළමා නිවාසයට යොමු කෙරුණු දරුවන් බවත් මෙය වසර 26ක සිට පරිවාස හා ළමා රක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන හිමිනමක් යටතේ, විහාරස්ථානයක පවත්වාගෙන යන බවත් පොලිසිය පවසන්නේ.
ළමා නිවාසයේම වෙසෙන වැඩිවියට පත් දරුවන් හා ළාබාල දරුවන් පැවිදි දිවියට ඇතුළත්ව පිරිවෙනක් ලෙසද එම විහාරස්ථානයේම හිමිවරුන් රැසක් වැඩ වසන බවත් පොලීසිය සඳහන් කළේ.
ළමා නිවාස නේවාසිකාගාරය තුළ දී කළක සිට සැකකරුවන් අතින් අපයෝජනයට ලක්ව ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවද පොලීසිය පැවසුවා.
මෙසේ අපයෝජනයට ලක් වී ඇති පිරිමි ළමුන් සියලු දෙනාම පාසල් අධ්‍යාපනයේ නිරතව සිටින ළාබාල දරුවන් බවද, පොලීසිය වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූවා.
ළමයින් 18ක් අපයෝජනය කළ පොඩි සාදු ඇතුළු තවත් පිරිසක් කොටුවෙයි
Reviewed by Anonymous
on
1:09:00 PM
Rating:
No comments: