Loading...
ශීතකරණයක තැබීමට නුසුදුසු ආහාර වර්ග 10ක්
අපි හැමෝම ආහාර ආරක්ෂිතව කල්තබා ගන්න ශීතකරණය තුල තියනවා. ලෙඩරෝගවලට හේතුවන බැක්ටීරියා වර්ධනය වළක්වා ඔබගේ වටිනා මුදල් ඉතිරිකරදීමට ශීතකරණය ඉතාම වැදගත්.
ඒ උනත් ශීතකරණය තුල එලෙස කල්තබා නොගත යුතු අහාර වර්ග තිඛෙන බව ඔයාල දන්නවද?
සමහර ආහාර වර්ග ශිතකරණය තුල තබා ගැනීමෙන් එහි රසය හා හැඩය වෙනස් වෙන්න පුළුවන්.
01. පැණි කොමඩු
පැණි කොමඩු ශීතකරණයක තබා ගැනීමට වඩා කාමර උෂ්නත්වයේ තබා ගැනීමෙන් එහි තිඛෙන lycopene, beta carotene යන පෝෂ්‍ය සංඝටක වඩාත් සෞඛ්‍ය ආරක්ෂිතව තියාගන්න පුළුවන් කියල පර්යේෂණ මගින් හෙළිවෙලා තියෙනවා. කොහොම උනත් ඔයා මේ කොමඩු කෑලි වලට කපල තියෙනවනම් ආවරණය කරලා ශීතකරණයේ දාන්න.
02. අර්තාපල්
අර්තාපල් ශීතකරණය තුල තබා ගැනීමෙන් අල වල ඇති මෙලෙක් බව අඩුවෙලා පැණි රසක් එකතු වෙන්න පුළුවන්. ශීතකරණයේ තියෙන සීතල අලවල සීනි ප්‍රමාණය වැඩිකරන අතර තද ගතියක් අලවලට එකතුකරනවා. ඒ වගේම මෙහෙම ශීතකරණයේ තබා ගන්න අර්තාපල් ඉහල උෂ්ණත්වයක පිස ගැනීමේදී අර්තාපල් වල අඩංගු acrylamide රසායනිකය ඇතිවෙනවා. acrylamide ඔයාගේ ශරීරයට අහිතකර වගේම පිළිකා ඇතිකරන්නත් හේතුවෙනවා.
ඒ වගේම අල තෙතමනය සහිත ස්ථානයක තැබීමෙන් මුල් ඇදීම සිදුවෙන්නත් පුළුවන්. සම්පුර්ණයෙන් වැඩුණු අල සාමාන්යෙන් මාසයක කාලයක් කාමර උෂ්ණත්වයේ තියාගන්නපුළුවන්. ඒ වගේම අල වල වතුර තියෙනවනම් ගබඩා කිරීමට පෙර මදක් වෙලා ගැනීමෙන් දිගු කලක් ආරක්ෂිතව තියාගන්න ඔයාට පුළුවන්.
අල ප්ලාස්ටික් බැග් වල දාන්නත් එපා. අවශ්‍ය වාතාශ්‍රය අලවලට නොලැබුනොත් ඉකමනටආහාර නරක්වෙන්න බලනවා. බෑග් වල දානවනම් එ තුලට වාතය එන විදිහට තියන්න.
ඒ වගේම අල තෙතමනය සහිත ස්ථානයක තැබීමෙන් මුල් ඇදීම සිදුවෙන්නත් පුළුවන්. සම්පුර්ණයෙන් වැඩුණු අල සාමාන්යෙන් මාසයක කාලයක් කාමර උෂ්ණත්වයේ තියාගන්නපුළුවන්. ඒ වගේම අල වල වතුර තියෙනවනම් ගබඩා කිරීමට පෙර මදක් වෙලා ගැනීමෙන් දිගු කලක් ආරක්ෂිතව තියාගන්න ඔයාට පුළුවන්.
අල ප්ලාස්ටික් බැග් වල දාන්නත් එපා. අවශ්‍ය වාතාශ්‍රය අලවලට නොලැබුනොත් ඉකමනටආහාර නරක්වෙන්න බලනවා. බෑග් වල දානවනම් එ තුලට වාතය එන විදිහට තියන්න.
03. තක්කාලි
තක්කාලි කියන්නේ කොහොමත් ඉතා පරිස්සමෙන් තබා ගත යුතු ආහාරයක්. තක්කාලිශීතකරණ තුල බහා තැබීමෙන් එහි පැහැය සහ රසය අඩුවෙනවා. ශීතකරණයේ තිඛෙන සීතලට තක්කාලි වල තුනී පිටපොත්ත හානි වෙනවා. එ වගේම තක්කාලි තවදුරටත් ඉදෙන එක වළක්වනවා.
අමු තක්කාලි තියන්න සුදුසුම වෙන්නේ කාමර උෂ්ණත්වයේ. තක්කාලි ඉදවා ගන්නඅවශ්යනම් කඩදාසි බෑග් එකක දාල නැට්ට පහතට තියෙන විදිහට ගබඩා කරන්න. ඉදුණු තක්කාලි අවම වශයෙන් දවස් දෙකක් තුළ ආහාරයට ගන්න ඕන. ඒ නිසා ඔයාට අවශ්යප්රමාණයට විතරක් මිලදී ගන්න. කොහොම උනත් ගොඩාක් ඉදුණු තක්කාලි තියෙනවනම් ඒවා ශීතකරණයේ දාල දවස් දෙකක් හෝ තුනක් තියාගන්න පුළුවන්.
තක්කාලි ශීතකරණයෙන් එලියට අරන් ටිකවෙලාවක් සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ තියලගත්තොත් එහි ස්වභාවික රසය වඩාත් හොදින් ඔයාට දැනේවි.
04. ලොකු ළුෑණු
ලොකු ළූණු කියන්නෙත් ශිතකරණයේ නොතැබිය යුතු ආහාරයක්. ශිතකරණයේ තැබීමෙන්තෙතමනය නිසා ළූණු ඉක්මනින් නරක්වෙන්න පුළුවන්. එත් කපපු ළූණු නම් කවරයක දාලහුළං නොවදින විදිහට ශිතකරණයේ තියන්න. ළූණු වලටත් වාතාශ්‍රය අවශ්‍ය නිසා සිදුරුසහිත බෑගයක දැමීම වඩා සුදුසුයි (ළුෑණු ගෙඩි).
තවත් වැදගත් කාරණයක් තමයි අලයි ළූණුයි එකට ගබඩා කිරීමත් සුදුසු නැහැ. ළුෑණු වලින් පිටවෙන වායුව අල සහ ළූණු දෙවර්ගයම නරක් කරන්න හේතුවෙනවා.
05. මී පැණි
මී පැණිත් ශීතකරණයක ගබඩා කිරීම අවශ්‍ය නැහැ. අධික උෂ්ණත්වය මෙන්ම සීතලද මීපැණි ස්වභාවය සහ රසය නරක්කරනවා. මීපැණි වසන ලද වීදුරු බදුනක බහා කාමර උෂ්ණත්වයේ තබාගැනීමට පුළුවන්. ඒ ඒ වගේම හිරු එලිය පතිත නොවන ස්ථානයක මී පැණි ගබඩා කර තබා ගතයුතුයි. ඒ වගේම මී පැණි ලෝහ හෝ ප්ලාස්ටික් බදුන්වල තබා ගැනීමත් සුදුසු නැහැ.
06. ඔලිව් තෙල්
ඔයා ආහාර පිසීමට හෝ සැලඩ් එකක් හදන්න ඔලිව් තෙල් පාවිච්චි කරනවානම් ඒවාශීතකරණයේ ගබඩා කරන්න එපා.මොකද ඉතා අඩු උෂ්ණත්වයකදී ඔලිව් තෙල් කැටිගැහෙනවා ‘ඒ වගේම ඔලිව් තෙල් වල තියෙන ගුණත්වය වගේම රස වෙනස් වෙන්නත් මේනිසා පුළුවන්. අඳුරු භාජනයක හිරු එළියට නිරාවරණය නොවන පරිදි ගබඩා කිරීමෙන්අවරුදු 2ක් 3ක් උනත් ඔලිව් තෙල් තියාගන්න පුළුවන්. කවදාවත් හිරු එලියට නිරාවරණය වන ජනේලයක් ලගඟ හෝ අධික උෂ්ණත්වය නිකුත්වන උදුනක් ලග ඔලිව් තෙල් තියන්න එපා. මෙහෙම තියාගැනීමෙන් ඔලිව් තෙල් මුඩු වෙන්න පුළුවන්. සමහරවිට සුවද හෝ රසයේ කිසිම වෙනසක් නැතුව තිබුනත් ඔලිව් තෙල් නරක්වෙලා තියෙන්න පුළුවන්.
07. සුදු ළුෑණු
ඔබ සුදු ළුණු ගෙඩි වශයෙන් හෝ බික් වශයෙන් ගලවා හෝ ශීතකරණයේ තැබුවහොත් එය ක්‍රමයෙන් මෘදු හා නරක් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම සුදු ළුණු තුල ඇති රසායනික සංයුතිය හා සුවද පවා වෙනස් වෙන්න පටන් ගන්නවා. හැබැයි පෙති කපා ගත් හෝ කුඩාම කොටම වලට කපා ගත්තු සුදු ළුණු හොදින් සීල් වෙන ප්ලාස්ටික් ඇසුරුමක දාලා කෙටි කාලයක් ශීතකරණයේ තැබුවා කියලා ඒ තරම්ම ප්‍රශ්නයක් වෙන්නේ නෑ ” සුදු ළුණු හිරු එලියට නිරාවරනය වෙන ලෙස ත්බුවොත් නැවත දළු ලන්න පුළුවන්. ඒ නිසා ගොඩක් කාලයක් ප්‍රශ්නයක් නැතුව සුදු ළුණු තියා ගන්න ඕනේ නම් කාමර උෂ්ණත්වයේ හිරු එලිය කෙලින්ම වැටෙන්නේ නැති රාක්කයක් වගේ තැනක තබා ගන්න.
ශීතකරණයක තැබීමට නුසුදුසු ආහාර වර්ග 10ක්
Reviewed by Anonymous
on
1:40:00 PM
Rating:
No comments: