Loading...
ශ්‍රී දේවිගේ මරණය සැළසුම්ගත ඝාතනයක්..? චිත්‍රපට වලට මුදල් වියදම් කරන පාතාල කල්ලි නායකයෙකුට ප්‍රබල චෝදනාවක්..!
බොලිවුඩයේ සුපිරි නිළි ශ්‍රී දේවිගේ අබිරහස් මරණය පිළිබඳව මේ වන විට ලෝකයේම කතාබහට ලක්වෙනවා. ශ්‍රී දේවිගේ මරණය පිළිබඳව විටින් විට පරස්පර මත පළවීමත්, ඇයගේ සැමියාගේ පළමු කසාදයේ පුත් අර්ජුන් කපුර් පසුගිය සෙනසුරාදා සිට ඩුබායි නගරයේ රැඳීසිටීමත් යන හේතූන් පාදක කර ගනිමින් ඉන්දීය මාධ්‍යය සහ දේශපාලකයන් ශ්‍රී දේවිගේ මරණය පිළිබඳව සැක පළ කරනවා.
ඩුබායි පොලිසිය පවසන්නේ ශ්‍රී දේවි සිටින කාමරයට ගිය අවසන් පුද්ගලයා ඇගේ ස්වාමියා වූ බොනි කපුර් බවයි. බොනි කපුර් සිය දියණිය මුම්බායි වෙත රැගෙන ගොස් නිවසේ නතර කර ආපසු ඩුබායි හෝටලයට පැමිණ ඇත්තේ ශ්‍රී දේවිය මවිතයට පත් කිරීමට බවද වාර්තා වී තිබෙනවා. එ
එසේම ශ්‍රී දේවි රඟපෑ චිත්‍රපට කිහිපයක් සඳහා මුදල් වියදම් කල බව පැවසෙන කෝටිපති පාතාල කල්ලි නායකයෙකු වන බ්රාහිම් ඩාවුඩ් කෙරේද මෙම මරණය සම්බන්ධයෙන් සැක පළවී තිබෙනවාඑසේම ඔහු ඉන්දීය රජයට ද අවශ්‍යව සිටින පාතාල කල්ලි නායකයෙකු බවයි සඳහන් වන්නේ.
ශ්‍රීදේවි මියගියේ හෘදයාබාධයකින් බවට සාවද්‍ය ප්‍රචාරයක් දියත් කිරීම පවුලේ අයගේ අනුදැනීම මත සිදුකල දෙයක් බවටද අනාවරණය කරගෙන තිබෙනවා.ශ්‍රීදේවි සහ බොනිකපුර් අතරද අර්බුද පැවති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අතර ශ්‍රීදේවි ජුමෙයිරා ටවර් හෝටලයේ කාමරයේ තනියම සිටියදී ඇගේ සැමියා ඩුබායි සිට මුම්බායි වෙත පැමිණීම ද සැකයට ලක් වී ඇති කරුණක් බව සඳහන් වනවා.
ශ්‍රී දේවි නාන බේසමේ වැටී තිබියදී ඇගේ සිරුර හෝටල් කාර්ය මණ්ඩලය සොයාගත් බව ඇතැම් මාධ්‍ය වාර්තාවල පලවෙද්දී බොනි කපුර්ට ඇයගේ සිරුර හමුවූ බවට තවත් ඉන්දීය මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබුණා.
කෙසේ වෙතත් අදාල හෝටලයේ CCTV දර්ශන නිරීක්ෂණ නොකිරීමද බොහෝ දෙනාගේ සැකයට තුඩුදුන් හේතුවක් බවට පත්ව තිබෙනවා.
ශ්‍රී දේවිගේ මරණය සැළසුම්ගත ඝාතනයක්..? චිත්‍රපට වලට මුදල් වියදම් කරන පාතාල කල්ලි නායකයෙකුට ප්‍රබල චෝදනාවක්..!
Reviewed by Anonymous
on
1:39:00 PM
Rating:
No comments: