Loading...
නිළ නොළත් ආරංචි මාර්ග අනුව පොහොට්ටුවට වාර්ථාගත ජයක් හිමිවන ලකුණු – Photos
කෙසේ වෙතත් මේ වන විට අපට ලැබෙන නිළ නොවන ආරංචි මාර්ග හරගා මෙවර ඡන්ද ප්‍රතිපලය අනුව වාර්ථා සහගත ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් ජයගනු ඇති බව වාර්තා වෙනවා..
මේ පිළිබඳව තවමත් කිසිවෙකුත් නිළ අදහසක් දක්වා නැති අතර මෙවර ඡන්දයේදී වෙනදාට වඩා ඉතා වැඩි පිරිසක් ඡන්දය ලබා දීමට උනන්දු වී ඇති අතර ඒ අතර කාගෙත් කතා බහ වී තිබුනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට තම ඡන්දය ලබා දෙන බවයි..
මේ අතර මහරගම නගරසභාව වෙනුවෙන් ඉදිරිපත් කල ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වුවත් මහරගම නගරසභාවේ බලයද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබාගනු ඇති බව බොහෝ ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.
නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වූවායින් පසු මහරගම බලය පොදුජන පෙරමුන විසින් ලබාගන්නෙ කෙසේද යන්න ඔබට ගැටලුවක් වනු ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව එම පෙරමුණ වෙනුවෙන් ස්වාධීන කණ්ඩායම අංක 2 යටතේ මහරගම නගරසභාවට නාමයෝජනා ඉදිරිපත් කල අතර එය අනුමත විය.
ඒ අනුව මහරගම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් තරඟ වදින්නෙ බයිසිකලය ලකුණ යටතේ ඉදිරිපත් වන ස්වාධීන කණ්ඩායම් අංක 2 විසින්.. මේ වන විට ලැබෙන ආරංචි මාර්ග පවසන්නෙ මහරගම නගරසභාවද පළමු වරට ස්වාධීන කණ්ඩායමක් විසින් ජයගන්නා අතර එහි පාලන බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබා ගන්නා බවත්ය.
ඒසේ පැවසීමට හේතු වී ඇත්තේ මහරගම බල ප්‍රෙද්ශයේ අද උදෑසන සිටම ඡන්දය ප්‍රකාශ කිරීමට දැඩි උනන්දුවක් පැවතීමත් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලන් ලැබෙන ආරංචි මාර්ගද ඒ බව තහවුරු කිරීමත්ය.
මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද බලකොටුවක් ලෙස හදුන්වන මහරගම නගරසභාව වෙනුවෙන් පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කල නාමයෝජනාව ප්‍රතික්ෂේප වීමත් සමගම බොහෝ දෙනා සිතුවේ එම නගරසභාව එක්සත් ජාතික පක්ෂය විසින් ජය ගනු ඇති බවටයි.. කෙසේ වෙතත් ඔවුන්ගේ සිහිනය බොද කරමින් එහි බලය ලබා ගැනීමට පොදුජන පෙරමුන සමත්ව ඇති බව මේ වන විටත් තහවුරු වී ඇත.
මේ අතර දිවයිනේ සමස්ථ ප්‍රතිපලයද මේ වන විට ලැබෙන ආරංචි මාර්ග අනුව පොදුජන පෙරමුන විශිෂ්ඨ ජයක් ලබන බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කර සිටී.
මැතිවරණයේ අලුත්ම තොරතුරු දැනගන්නට Watapita අප සමග රැඳී සිටින්න
නිළ නොළත් ආරංචි මාර්ග අනුව පොහොට්ටුවට වාර්ථාගත ජයක් හිමිවන ලකුණු – Photos
Reviewed by Anonymous
on
7:24:00 PM
Rating:
No comments: