Loading...

ශ්‍රී දේවිගේ මරණය සැක සහිතයි ඉන්දියාව කැළඹෙයි


බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය නිළියක වුනු ශ්‍රීදේවි පසුගිය 24 වැනිදා රාත්‍රියේ  අභාවප්‍රාප්ත වුයේ ඩුබායි හි මංගල උත්සවයකට සහභාගීව සිටියදීයි. ඇය හදිස්සි හෘදයාභාධයක් හේතුවෙන් මෙලෙස මියගොස් ඇති බවට මාධ්‍ය වාර්තා පල කෙරුනද මේ වනවිට ඇයගේ මරණය ඝාතනයක්ද යන්න පොලිසියට සැක පහලව ඇති බවට වාර්තා වනවා.

ඇයගේ අවසන් කටයුතු අද (26 වැනිදා) සවස මුම්බායිහිදී සිදු කිරීමට නියමිතව තිබුනද ඇයගේ මරණය පිලිබඳ නිශ්චිත පරීක්ෂණ කටයුතු අවසන් වී නොමැති වීම හේතුවෙන් ඩුබායි පොලිසිය මළ සිරුර නිදහස් නොකිරීම නිසා එම කටයුතු කල් දැමීමට සිදුව ඇති බව ඉන්දියානු මාධ්‍ය මේ වනවිට වාර්තා පල කරනවා.

මංගල උත්සවයට සහභාගී වී ශ්‍රී දෙවි ඇතුළු පවුලේ අය Dubai Emirates Tower හෝටලයේ නවාතැන් ගෙන ඇති අතර ස්වාමියා ව්‍යාපාර කටයුත්තක් හේතුවෙන් නැවත ඉන්දියාව බලා පිටත්ව පසුව සෙනසුරාදා දින ශ්‍රී දෙවි ව පුදුම කිරීමේ අදහසින් නැවත ඩුබායි හි හෝටලය වෙත පැමිණ තිබෙනවා. පසුව ඔවුන් රාත්‍රී භෝජනයකට සහභාගී වීමේ අරමුණින් ශ්‍රී දෙවි නානකාමරය වෙත ගොස් මිනිත්තු 15 ක් පමණ වන තුරුම යලි පිටතට නොපැමිණීම නිසා ඇයව පරික්ෂා කිරීමේදී ඇය නානකාමරයේ bath tub මත සිහසුන්ව වැතිරී සිටිනු දුටු බවට ඇයගේ ස්වාමියා Bonny Kapoor පොලිසිය වෙත පවසා තිබෙනවා.

කෙසේ වෙතත් ඇගේ ඥාතියකු වන Sanjay Kapoor ඩුබායි හි Khaleej Times මාධ්‍ය වෙත පවසා තිබුනේ “ඇයට කිසිදා හෘදයාභාධයක් පිලිබඳ සටහනක් හෝ කිසිදු රෝගී ඉතිහාසයක් නොතිබුණු” බවටයි. අද සවස් වරුවේ Mumbai’s Pawn Hans in Jadhu, ville parle හිදී ඇගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබුනා.

පරිවර්ථනය Hindustani Times වෙබ් අඩවියෙන්

ශ්‍රී දේවිගේ මරණය සැක සහිතයි ඉන්දියාව කැළඹෙයි ශ්‍රී දේවිගේ මරණය සැක සහිතයි ඉන්දියාව කැළඹෙයි Reviewed by Anonymous on 4:16:00 PM Rating: 5

No comments:

Powered by Blogger.