Loading...
එජාප පසුපෙළ පසුබසී.. සන්ධාන ආණ්ඩුවක්? අගමැති ජනපති අද වෙන වෙනම ජාතිය අමතයි
එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවකට අග‍්‍රාමාත්‍යවරයා ද එකග වූ බව එහිදී ප‍්‍රකාශ කෙරුණා. එහෙත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, අමාත්‍ය කබීර් හෂීම් කියා සිටියේ තනි ආණ්ඩුවක් නොව ජාතික ආණ්ඩුවම තවදුරටත් පවත්වාගෙන යන බවයි.
මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් පවසන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ තනි ආණ්ඩුවක උත්සහ තවමත් අත්හැර නොමැති බවයි. විජිත් විජයමුණි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා සහ මහින්ද අමරවීර ඒ බව පැවසුවා.
මේ අතරතුර ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කිසියම් එකගතාවකට එළඹ ඇතැයි ඉන්දියාවේ ද හින්දු පුවත්පත ද වාර්තා කර තිබුණා. ඊයේ පැවති එක්සත් ජාතික පෙරමුණේ මන්ත‍්‍රී කණ්ඩායමේ හමුවෙන් පසුව මෙන්ම කැබිනට් මාධ්‍ය හමුවේදී ද අවධාරණය කෙරුණේ වත්මන් ජාතික ආණ්ඩුව අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන බවයි.
ජනාධිපතිවරයාගේ විශේෂ ප‍්‍රකාශයේ දී අග‍්‍රාමාත්‍ය ධුරය, වත්මන් දේශපාලන තත්වය සහ ජාතික ආණ්ඩුවේ ඉදිරිය පිළිබඳ කරුණු පැහැදිලි කරනු ඇති බවයි පැවසෙන්නේ. ජනාධිපතිවරයා සහ මාධ්‍ය ප‍්‍රධානීන් අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වීමට සැලසුම් කර තිබූණද පසුව එය අවලංගු කෙරුණා.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද පස්වරු 4ට අරලියගහ මන්දිරයේ දී මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට නියමිතයි.
එජාප පසුපෙළ පසුබසී.. සන්ධාන ආණ්ඩුවක්? අගමැති ජනපති අද වෙන වෙනම ජාතිය අමතයි
Reviewed by Anonymous
on
9:08:00 AM
Rating:
No comments: