Loading...
සුපිරි ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකාවට අහිමි වෙයි
අබාධ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා එක්දින සක පන්දුවාර 20 කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්ට බංග්ලාදේශය සමඟ පැවැත්වෙන පන්දුවාර 20 තරඟාවලිය අහිමි වන බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ මේ හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය සහභාගීතත්වයෙන් පැවැත්වෙන නිදහස් කුසලාන පන්දුවාර 20 තරඟාවලියද මැතිව්ස්ට අහිමි වන බවයි.
බංග්ලාදේශය සමග පැවැත්වුණු ටෙස්ට් තරගාවලියද මැතිව්ස්ට අහිමිවුණා.
ශ්‍රී ලංකා සීමිත පන්දු වාර නිත්‍ය නායකයා ලෙස නැවත පත් කිරීමෙන් පසු පැවති බංග්ලාදේශ එක්දින තරගාවලිය අතරතුර ඔහුගේ පාදයේ ආබාධය නැවත මතු වුණා.
එම නිසා මාස 03ක් ඕස්ට්‍රේලියාවේදී ප්‍රතිකාර සඳහා යොමු වී සම්පූර්ණ සුවය ලබා ගන්නා ලෙස මැතිව්ස්ට උපදෙස් ලබාදී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර මැතිව්ස්ගේ අබාධ තත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපතිවරයා පවසා තිබුනේ මෙවැන්නක්.
"මැතිව්ස් පසුගිය වසර 03දීම දිගින් දිගටම, කිසිම විවේකයක් නැතිවම, ක්‍රීඩා කළා. ඒවායේ ප්‍රතිඵල එන්නේ දැන් තමයි. එයා ටිකක් උස මහත කෙනෙක්. ඒ වගේ සිරුරක බරක් දරාගන්න පාදයේ මස්පිඩු ගොඩාක් ශක්තිමත් වෙන්න ඕනේ."
"අපේ සැලසුම වෙලා තියෙන්නේ අයි.පී.එල් තරනඟාවලිය සමයේදී සහ කොදෙව් තරඟාවලිය වෙනකම් තියෙන විවේකයේදී ඇන්ජලෝව ආයෙමත් සුපුරුදු තත්ත්වයට ගේන්න."
සුපිරි ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකාවට අහිමි වෙයි
Reviewed by Anonymous
on
1:14:00 PM
Rating:
No comments: