Loading...
"අපි ශ්‍රීලනිපය එක්ක එකතු වෙමු" , එජාපය කියද්දි ශ්‍රීලනිපයේ ප්‍රබලයන්ට පොහොට්ටුව එක්ක එකතු වෙන්න ඕනලු , තවත් බල පෙරලියකට රහස් සාකච්ඡා .!
මේ අතර බහුතර බලයක් හිමි නොවන පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් ප්‍රධාන පක්‌ෂ අතර අභ්‍යන්තර නිල නොවන මට්‌ටමින් සාකච්ඡා දැනටමත් ආරම්භ වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
නව මැතිවරණ ක්‍රමයට අනුව මෙවර පළාත් පාලන මැතිවරණයෙන් බහුතර බලයක් ලබා ගැනීමට අදාළ පළාත් පාලන ආයතන බල ප්‍රදේශයෙන් සියයට 55 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත යුතු වෙයි.
බහුතර බලයක් නැති ආයතනවල මධ්‍යම ආණ්‌ඩුව මෙන් ශ්‍රීලනිපයත් සමග එක්‌ව බහුතර බලයක් පිහිටුවා ගත යුතු බවට එජාපයේ මතය වී ඇති අතර ඒකාබද්ධ විපක්‌ෂය සමග එක්‌ව බහුතර බලයක් ඇති කරගත යුතු බවට ශ්‍රීලනිපයේ මතය වී ඇතැයි ද වාර්තා වෙයි.
කෙසේ වෙතත් අද (11 දා) මැතිවරණ ප්‍රතිඵල නිකුත් කර අවසන් වීමෙන් පසුව නිල වශයෙන් පක්‌ෂ අතර සාකච්ඡා සිදු කිරීමට සැලසුම් කර ඇති බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.
බහුතර බලයක් ගොඩනැඟීමට පැවැති සාකච්ඡාවලදී යම් යම් පක්‌ෂ එකඟ වී ඇතත් එම ආයතනවල නගරාධිපති හෝ සභාපති ධුරයන් ලබාදීම පිළිබඳව එකඟතාවට පැමිණීමට මෙතෙක් කිසිවකුට නොහැකි වී ඇතැයි ද වාර්තා වෙයි.
"අපි ශ්‍රීලනිපය එක්ක එකතු වෙමු" , එජාපය කියද්දි ශ්‍රීලනිපයේ ප්‍රබලයන්ට පොහොට්ටුව එක්ක එකතු වෙන්න ඕනලු , තවත් බල පෙරලියකට රහස් සාකච්ඡා .!
Reviewed by Anonymous
on
8:51:00 AM
Rating:
No comments: