Loading...

අනියම් පෙම සැමියාට හසුවුණු නිසා සිත් තැවුලෙන් සිටි ගුරුවරියක් ඇඟේ තිනර් හලාගෙන අවසන් ගමන් ගිය හැටි


"වසර දෙකක පමණ කාලයකට පෙර බිරිඳගේ අනියම් සම්බන්ධකමක්‌ මට හසුවුණා"

"නිදන කාමරයේත් ගින්දර තිබූ අතර බිරිඳ පිළිස්‌සී සිටගෙන සිටියා"

බිරිඳගේ අනියම් සබඳතාවක්‌ අතට අසුවීම නිසා කාලයක්‌ තිස්‌සේ සැමියාත්, බිරිඳත් අතර හටගත් බැණවැදීම්, පහරදීම්, ආරවුල් හේතුකොට ගෙන සිත්තැවුලට පත් 42 හැවිරිදි ගුරුවරියක නිවසේ තිබූ තිනර් නමැති රසායනික ද්‍රව්‍යයක්‌ සිරුරේ හලාගෙන ගිනි තබා ගැනීම නිසා කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස්‌ තිබෙනවා.

මෙලෙස මියගොස්‌ ඇත්තේ කුලියාපිටිය - කෝන්ගහගෙදර මුත්තෙට්‌ටුවත්ත පදිංචි 42 හැවිරිදි කාන්තාවක්.

කුලියාපිටිය නාගරික හදිසි මරණ පරීක්‍ෂක නන්දන පී. හෙට්‌ටිගමගේ මහතා විසින් මේ පිළිබඳව කුලියාපිටිය මූලික රෝහල් පරිශ්‍රයේ මරණ පරීක්‍ෂක කාර්යාලයේ පැවැති සාක්‍ෂි විභාගයේදී මියගිය අයගේ  36 හැවිරිදි සැමියා සාක්‍ෂි දෙමින් මෙලෙස ප්‍රකාශ කර තිබෙනවා.

මියගොස්‌ ඇත්තේ මගේ බිරිඳයි. අපි විවාහ වී වසර 9 ක්‌ පමණ වෙනවා... මම මෝටර් රථ කාර්මිකයකු ලෙස කටයුතු කරන අතර බිරිඳ ගුරුවරියක ලෙස ආසන්න විදුහලක සේවය කළා... දැනට වසර දෙකක පමණ කාලයකට පෙර බිරිඳගේ අනියම් සම්බන්ධකමක්‌ මට හසුවුණා.

මේ ගැන අවවාද කළත්, බැන්නත් පහර දුන්නත් ඒක නතර කළේ නෑ. මේ නිසාම වරින් වර නිවසේ ආරවුල් හටගත්තා. බිරිඳට පහර දීම පිළිබඳ පැමිණිලි 3 ක්‌ පමණ පොලිසියට කර තිබුණා. සමථ මණ්‌ඩලයට යොමු කළා.. ඒත් ඵලක්‌ වුණේ නෑ. මෙම සිද්ධියට පෙර බිරිඳ පාසලෙන් කෙටි නිවාඩුවක්‌ ගෙන බැංකුවට ගොස්‌ මුදලුත් රැගෙන ඇගේ නිවසට ගොස්‌ සිටියදී එහිදීත් බහින්බස්‌ වුණා.

පසුව නිවසට පැමිණි මොහොතේදී නැවතත් ආරවුලක්‌ හටගෙන මම ඇයට ඇළුමිනියම් බටයකින් පහර දුන්නා. ඒ නිසා ඇය කුලියාපිටිය රෝහලේ නැවතී ප්‍රතිකාර ගත්තා. සිද්ධිය වූ දින දවල් ඇගේ ටිකට්‌ කපා නිවසට කැඳවාගෙන ආවා. පසුව බිරිඳ නිවසේ සිටියදී කෑමට යමක්‌ ගෙන ඒමට මල්ලි කෙනෙක්‌ සමඟ ටවුමට පැමිණ ගෙදර එනවිට බිරිඳ සිටි කාමරය පැත්තෙන් දුමක්‌ ආවා... මම පිටුපස දොරෙන් ඇතුළු වී බලද්දී සාලයේත්, නිදන කාමරයේත් ගින්දර තිබූ අතර බිරිඳ පිළිස්‌සී සිටගෙන සිටියා.

මම මල්ලි කෙනෙක්‌ යවා ත්‍රිරෝද රථයක්‌ ගෙන්වා ගෙන බිරිඳ කුලියාපිටිය රෝහලට ඇතුළත් කළා. දින කීපයක්‌ ප්‍රතිකාර කළත් බිරිඳ සිදුව තිබූ පිළිස්‌සුම් තුවාල හේතුවෙන් මියගියා".

පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු කුලියාපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එච්. එම්. ඩබ්ලිව්. කේ. හේරත් මහතා විසින් සිදුකරනු ලැබුවා..<br
වෛද්‍ය වාර්තා හා ඉදිරිපත් වූ සාක්‍ෂි අනුව මෙය සිරුරට ගිනි තබා ගැනීමේ හේතුවෙන් සිරුර පිළිස්‌සීම නිසා ඇතිවූ සංකූලතාවයෙන් සිදුවූ මරණයක්‌ බව තීරණය කර තිබෙන බවයි වාර්තාවන්නේ.
අනියම් පෙම සැමියාට හසුවුණු නිසා සිත් තැවුලෙන් සිටි ගුරුවරියක් ඇඟේ තිනර් හලාගෙන අවසන් ගමන් ගිය හැටි අනියම් පෙම සැමියාට හසුවුණු නිසා සිත් තැවුලෙන් සිටි ගුරුවරියක් ඇඟේ තිනර් හලාගෙන අවසන් ගමන් ගිය හැටි Reviewed by Anonymous on 7:20:00 PM Rating: 5

No comments:

Powered by Blogger.