Loading...
“ඇමෙරිකාවට එනවා නම් ෆේස්බුක් තොරතුරු දෙන්න” මින් පසුවට ඇමෙරිකානු වීසා ගන්න නම් ෆේස්බුක් එකේ කතා කරපුවත් කියන්න වෙයි , ඇමෙරිකාවෙන් තද නිතීයක් .!
ඇමෙරිකාව , විදේශීකයන්ට සීමා කර , ඇමෙරිකානු ජනතාවට ත්‍රස්තවාදයෙන් තොර නිදහස් රටක් හිමි කර දීම , එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ පොරොන්දුවක් වූ අතර එම පොරොන්දුව ඔස්සේ විදේශිකයන්ට වීසා ලබා දීමේ නව නිතී පනවා තිබේ.
මේ අනුව මින්පසු ඇමෙරිකා එක්සත් ජනපදයට සංචාරයට හෝ සංක්‍රමණයට වීසා ලබා ගැනීමේදී පසුගිය වු වසර පහේදී සමාජ ජාලා අඩවි ඔස්‌සේ තමන් සබඳකම් පැවැත්වූවන් ගැන තොරතුරු ඉදිරිපත් කළ යුතු යෑයි ඇමරිකානු රජය නියෝග කර ඇත. මේ සදහා තමන්ගේ ෆේස්බුක් , ට්විටර් වැනි සමාජජාලා ගිණුම්හි තොරතුරු ලබා දිය යුතුය.
ඇමරිකාවට පිවිසෙන ඇතැම් අය අන්තවාදීන් සමඟ දැඩි සබඳකම් පවත්වා ඇති බව ඇමරිකානු එෆ් . බී. අයි. පොලිසිය කළ විමර්ශනයකින් හෙළි වී ඇත. මෙම නව නීතිරීති මත වීසා බලපත් අයදුම්කරන්නන් සමාජ ජාලා අඩවි සමඟ සබඳකම් පැවැත්වීමේ තොරතුරු සහ ඔවුන්ගේ නම්ද ඉදිරිපත් කළ යුතුවේ. ඇමරිකාවේ ආරක්‍ෂාව උදෙසා මේ පියවර ගෙන තිබේ.
“ඇමෙරිකාවට එනවා නම් ෆේස්බුක් තොරතුරු දෙන්න” මින් පසුවට ඇමෙරිකානු වීසා ගන්න නම් ෆේස්බුක් එකේ කතා කරපුවත් කියන්න වෙයි , ඇමෙරිකාවෙන් තද නිතීයක් .!
Reviewed by Anonymous
on
11:03:00 AM
Rating:
No comments: