Loading...

රට ම බලා සිටි කොළඹ මහනගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය මෙන්න

 

කොළඹ පළාත් පාලන ආයතන කිහිපයක ප්‍රතිඵල නිකුත් වෙයි

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ වැඩි දෙනෙකුගේ අවදානයක් යොමුවන කොළඹ දිස්ත්‍රික්කයේ ආයතන කිහිපයක ප්‍රතිඵල ද මේවන විට නිකුත්වී අවසන්.

ඒ කොළඹ මහා නගර සභාව , කඩුවෙල මහ නගර සභාව, කොළොන්නාව නගර සභාව සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේයි.

එක්සත් ජාතික පක්ෂය කොළඹ මහා නගර සභාවේ ඡන්ද එක්ලක්ෂ තිස් එක් දහස් 353 ක් ලබාගත් අතර ඔවුන්ට මන්ත්‍රී ආසන 60 ක් හිිමිවුනා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද හැට දහස් 87 යි.

ඔවුන්ට මන්ත්‍රී ආසන 23 ක් ලැබී තිබෙනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද තිස් එක් දහස් 421 ක් ලබා ආසන 12 ක් ජයග්‍රහණය කළා.

කඩුවෙල මහ නගර සභාවේ මන්ත්‍රී ආසන 26 ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබී ඇත්තේ ඡන්ද 71016 ක් ලබා ගනිමින්.

එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 31429 ක් ලැබී ඇති අතර ඔවුන්ට කඩුවෙල මහ නගර සභාවෙන් ලැබුනු මන්ත්‍රී ආසන සංඛ්‍යාව 11 ක්.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ආසන 5 ක් ලැබී තිබෙනවා.

ඔවුන්ට හිමිවු ඡන්ද සංඛ්‍යාව 15549 ක්.

ජනතා විමුක්ති පෙරමුණ ආසන 5 කට හිමිකම් කියන්නේ ඡන්ද 15071 ක් ලබා ගනිමින්.

කොළොන්නාව නගර සභාවේ වැඩි ඡන්ද  සංඛ්‍යාවක් ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්වුනා.

ඔවුන් එම නගර සභාවේ ආසන 11 කට හිමිකම් කියනවා.

ඒ ඡන්ද 15271 ක් ලබා ගනිමින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 8486 ක් ලබාගෙන තිබෙනවා.

ඔවුන්ට ලැබී ඇති මන්ත්‍රී ධුර සංඛ්‍යාව 5 ක්.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 4781 ක් ලබා මන්ත්‍රී ආසන 3 ක් ලබාගෙන තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණට කඩුවෙල නගර සභාවෙන් එක් මන්ත්‍රී ආසනයක් ලැබී තිබෙනවා.

ඔවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1806 ක්.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්වුනා.

ඔවුන් ඡන්ද 22068 ක් ලබා ආසන 18 ක් ජයග්‍රහණය කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 17990 ක් ලබා ආසන 12 ක් හිමිකරගෙන තිබෙනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 7676 ක්.

ආසන 5 ක් ඔවුන්ට හිමිවුනා.

ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 4885 ක් ලබා ආසන 3 කට හිමිකම් කියනවා.
රට ම බලා සිටි කොළඹ මහනගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය මෙන්න රට ම බලා සිටි කොළඹ මහනගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය මෙන්න Reviewed by Anonymous on 1:58:00 PM Rating: 5

No comments:

Powered by Blogger.