Loading...
ආයතනයේ හිමිකරු වෙස්වලාගෙන පැමිණියා, අවංකම සේවිකාව ඔහුට හමුවුනා, ලොව සංවේදීම කතාවක් මෙන්න.
ජීවත් වීමට ප්‍රමාණවත් තරම් මුදලක් නොලැබුනත්, තම රැකියාවට කැපවී අවංකව සේවය කරන පුද්ගලයෝ ලොව නැතුවාම නොවෙයි. තම දරුවන් තිදෙනාව හදාවඩාගෙන තනිකඩව වෙසෙන මෙම කාන්තාව ඊට හොඳම උදාහරනයකි.
එම ආයතනයට අලුතෙන් එකතුවූ ජෝයි කියන සේවකයාව පුහුණු කිරීමේ වගකීම බාරවුණේ ඇයටයි. අලුත් සේවකයාව පහුණු කිරීම සඳහා උද්යෝගයෙන් සහ කැපවීමෙන් යුතුව ඇය කටයුතු කරනු ලැබූ ආකාරය සැබවින්ම ප්‍රසංශනීයයි. එම කාලය අතරතුර ඔවුන් දෙදෙනා තම තමන්ගේ ජීවිතයේ වූ පෞද්ගලික තොරතුරු ඛෙදාහදාගත් අතර එකිනෙකාගේ ජීවන තත්වය හොඳින් අවබෝද කරගත්තා.
තම පීසා ව්‍යාපාරය බංකොලොත් වූ නිසා තමන්ට මෙම රැකියාවට පැමිණෙන්නට සිදුවුණු බව ඔහු ඇයට පවසා සිටියා. ඔහුගේ තත්වය පිළිබඳව අතිශයින් කනගාටුව පලකල ඇය, ඔහුගේ සිත සැනසීම සඳහා තම ජීවන කතාව පැවසීමට තීරණය කළා.
(නිවසක් නොමැති කම හේතුවෙන්, මම සහ මගේ දරුවන් තිදෙනා වසර දෙකක් පුරාවටම ජීවත් වෙන්නේ කුඩා කුඩාරමක. නමුත් මට දැන් හොඳ රැකියාවක් ලැබී තිඛෙනවා එම නිසා අපි සතුටින් ජීවත් වෙනවා. මෙම රැකියාවෙන් ලැඛෙන මුදල අපේ කුසගිනි නිවාගැනීමට පමණක් ප්‍රමානවත් වුනත්, මම මේ රැකියාවට සහ ආයතනයට ඉතාමත් ආදරණය කරනවා. මොකද අපි ජීවත් වෙන්නේ මෙම රැකියාවට පින්සුදු වෙන්නයි.)
මෙය ඇසු ජෝයීගේ දෙනෙත් වලින් කඳුළු බිඳු නොවැටුන ටික විතරයි. ඔහුගේ හදවත පුරා වචනයෙන් විස්තර කිරීමට පවා අපහසු දුකක් සහ වේදනාවක් පැතිර ගියා කිව්වොත් නිවැරදියි. ඔහු මෙම ආයතනයේ සේවය සඳහා පැමිණි අලුත් සේවකයෙක් නොවෙයි, තම ව්‍යාපාර ආයතනයන් බිම් මට්ටමින් ක්‍රියාත්මක වෙන හැටි නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි එහි සැබෑ අයිතිකරුවායි. පුහුණු වෙන සේවකයෙක් ලෙස වෙස්වලාගෙන පැමිණි ඔහුට ඒන්ජල් කියන මෙම කාන්තාව මුණ ගැසුනේ අහම්ඛෙන්.
ඇය සමග දිගටම වැඩකරන විට තම රැකියාව සඳහා ඇයගේ තිබු උනන්දුව සහ කැපවීම ඔහුට සියැසින්ම දැකගන්නට ලැබුනා. ජීවිතය පිළිබඳව ඉතාමත් සුභවාදී ආකල්පයක්ද ඇයට තිබුණු බව තේරුම් ගන්නට ඔහුට වැඩි වෙලාවක් ගතවුනේ නැහැ.
සේවා ආයතනය තුල ඔහු සිදුකල මෙම නිරීක්ෂණය වෙනත් කෙනෙක් ලවා රහසේ පටිගත කරගැනීමටද ඔහු කටයුතු කළා. නමුත් එය අවසානයේදී තම ආයතනයේ සේවය කරන මෙම අවංක සේවිකාව සහ ඇයගේ අසරණ පවුල ගැන සිතන එක ඔහුට නතර කරගැනීමට නොහැකි වුනා.
පටිගත කරගැනීම නොනවත්වම සිදුවෙන අතරතුර, තමන් ජෝයී නොවෙන බව ඔහු ඇයට පැවසුවා. ඉන් පසුව සිදුවුණ දෙය ඇයගේ මුළු ජීවිතයම වෙනස් කිරීමට සමත්වුනා කිව්වොත් නිවැරදියි. හොඳ හදවතක් ඇති අයිතිකරු ඇය වෙනුවෙන් සිදුකල දෙය දුටුවොත් ඔබේ නෙත් කඳුලෙන් තෙත්වේවි. බොහෝ දෙනෙක් සංවේදී කරනු ලැබූ එම සත්‍යය වීඩියෝව ඔබට පහතින් දැකගන්නට පුළුවන්.
තම ආයතනය වෙනුවෙන් ඇය සිදුකරන මෙම කැපවීම පිළිබඳව හදවත උණුවූ, අයිතිකරු සහකාර කළමනාකාර තනතුර දක්වා ඇයව උසස් කළා. එපමණක් නොවෙයි නිවසක් මිලදී ගැනීම සඳහා ඇයට ඩොලර් 25000ක මුදලක් ලබාදීමටද ඔහු කටයුතු කළා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. නිවසක් නොමැතිව අසරණව සිටින කෙනෙකුට අලුත් නිවසක් ලැබුනොත් ඔහුට හෝ ඇයට දැනෙන සතුට ඔබට අමුතුවෙන් පවසන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. සතුට දරාගත නොහැකිව ඇය බිමවැටී හඬන හැටි දකින විට ඔබට එය හොඳින්ම අවබෝද වෙන්නට ඇති.
ආයතනයේ හිමිකරු වෙස්වලාගෙන පැමිණියා, අවංකම සේවිකාව ඔහුට හමුවුනා, ලොව සංවේදීම කතාවක් මෙන්න.
Reviewed by Anonymous
on
10:59:00 AM
Rating:
No comments: