Loading...
හඩන බිළිදෙකු තත්පරෙන් සනසා ගැනීමට සිදු කල හැකි ඵලදායී ක්‍රමවේද 15ක්
දරුවන් ඇවිදීම ආරම්භ කරනු ලබන්නේ වයස අවුරුදු දෙක හෝ තුන පමණ වන විට නිසා ඊට පෙර අවදියේදී දරුවන්ගේ පතුල් පැතලි ස්වභාවයක් ගනු ලබනවා. මේ නිසා මෙම සම්භාහන ක්‍රමයන් සිදු කිරීමද වඩාත් පහසු වනවා. පහත සඳහන් වන සම්භාහන ස්ථාන සහ එමගින් සංසිඳුවාලිය හැකි ශරීර අවයව පිළිබඳව නිසි ලෙස අධ්‍යයනය කරන්න.
1. හිස සහ දත්
හිස සහ දත් යන ශරීර අංග දරුවාගේ පාද වල ඇඟිලි මත නිරූපනය වනවා. පාදයේ ඇඟිලි සම්භාහනය කිරීම මගින් දත් කැක්කුම සුවපත් කර ගන්නට පුළුවන්. සම්භාහනය සිදු කිරීමේදී මෘදුව සහ ඇඟිලි වක්‍රාකාර ලෙස සම්භාහනය කර දැඩි පීඩනයක් නොහොදා ඇඟිලි මිරිකීම සිදු කරන්න. මේ ආකාරයට පාද දෙකෙහිම ඇඟිලි සම්භාහනය කරන්න. දත් කැක්කුමක් ඇතිවූ ආවස්තාවක ඔබේ ඇඟිලිද බිළිඳාගේ ඇඟිලි මෙන් සම්භාහනය සිදු කරන්නට පුළුවන්.
2. කෝටර
3. පෙනහළු
4. උදරයේ ඇති ස්නායු ජාලය “Solar plexus”
පාදයේ මෙම ස්ථානය සම්භාහනය කිරීම මගින් උදරයේ අපහසුතාවයන් සමනය කර ගන්නට පුළුවන්. දරුවාගේ පතුල් දෙකෙහිම මෙම ස්ථාන දෙක මත මහපට ඇඟිලි දෙක තබා වක්‍රාකාරව සම්භාහනය කරන්න.
5. යටි බඩේ උඩු කොටස
6. යටි බඩේ පහළ කොටස
බිළිඳාගේ බඩ පිපීම සහ මලබද්ධය වැනි සෞඛ්‍යය ගැටළු ඇත්නම් පතුලේ විලුඹට මදක් උඩ කොටස වක්‍රාකාර ලෙස සම්භාහනය කරන්නට පුළුවන්.
7. උකුළු ප්‍රදේශය
බිළිඳාගේ පාදයේ මෙවන් ස්ථාන සම්භාහනය කිරීම මගින් ශරීර වේදනාවන් සුවපත් කර කාංසාව දුරුකර සුවදායක නින්දක් ද අත්කර දෙන්නට පුළුවන්. නමුත් මෙම ස්ථාන වෙත දැඩි තෙරපුමක් ලබා දීම මගින් පතුල් හානියට පත් වන බව මතක තබා ගන්න. එක් ස්ථානයක් විනාඩියක් හෝ දෙකක කාලයක් සම්භාහනය කරන්න. දරුවා එයට විරුද්ධත්වය පල කරනවා නම් මද වේලාවක් සිට නැවතත් සම්භාහනය සිදු කිරීම ආරම්භ කරන්න.
මෙම සම්භාහන ක්‍රම සියල්ලක්ම සෞඛ්‍යාරක්ෂිත සම්භාහන ක්‍රමයන් වන අතර මෙම ක්‍රම අනුගමනය කිරීමට ඔබේ සිතේ යම් සැකයක් තිබෙනවා නම් වෛද්‍ය උපදෙස් අනුව එය සිදු කරන්න. ඉහත සඳහන් කල රෝග සඳහා වෛද්‍යවරුන් යම්කිසි ඖෂධ නියම කර තිබෙනවා නම් සම්භාහන ක්‍රම අනුගමනය කරන අතර වාරයේ එම ඖෂධ ලබා ගැනීමද සිදු කරන්න.
අත්ලේ සම්භාහනයන් සිදු කල හැකි චිකිත්සක ස්ථාන
අත්ලේ සම්භාහනයන් සිදු කල හැකි චිකිත්සක ස්ථාන
ඉහත සඳහන් කල ආකාරයටම අත්ල මත ඇති සුවිශේෂී ස්ථාන කිහිපයකට වක්‍රාකාර සම්භාහන සහ මෘදු තෙරපුම් ලබා දී බිළිඳාට ඇති වන රෝගී තත්වයන් සුවපත් කර ගන්නට පුළුවන්.
දරුවාට කැස්ස හෝ උදරයේ ආභාදයක් ඇතිනම් දරුවාගේ අත්ලේ මැද කොටස වක්‍රාකාර ලෙස සම්භාහනය කරන්න.
ඉක්කාව හෝ වමනය ඇතිවන අවස්ථාවක දරුවාගේ මහපට ඇඟිල්ල සම්භාහනය කිරීම සිදු කරන්න.
දරුවාගේ ඇස් රත්පැහැ ගෙන තිබෙනවා නම් දබර ඇඟිල්ලේ ඉහල කෙලවර සම්භාහනය කරන්න.
දරුවාට උන රෝගය ඇත්නම් මැද ඇඟිල්ලේ ඉහළ කෙලවර සම්භාහනය කරන්න.
කැස්ස සහ ශ්වසන ආභාද වලින් දරුවා පීඩා විඳිනවා නම් වෙදැගිල්ල සම්භාහනය කරන්න.
අලුතින් දත් පැමිණෙන දරුවෙකුගේ වේදනාව සමනය කිරීමට සුලැඟිල්ල ඉහළ කෙලවර සහ මැණික් කටුවේ මැද කොටස සම්භාහනය කරන්න.
දරුවා නින්දෙන් මුත්‍රා කරනවා නම් සුලැඟිල්ල යට සිට ඉහලට සම්භාහනය කරන්න.
දරුවාට යම් හෙයකින් පාචනය ඇතිවුවහොත් දබර ඇඟිල්ල යට සිට ඉහලට සම්භාහනය කරන්න. එමෙන්ම මලබද්ධය රෝගය සුවපත් කිරීම සඳහා දබර ඇඟිල්ල ඉහළ සිට පහලට සම්භාහනය කරන්න.
ඔබත් මෙම සරල සම්භාහන ක්‍රමයන් දිනපතා අනුගමනය කර දරුවාට අසනීප තත්වයන් ඇතිවීම වලක්වා ගන්න.
ඉහත සඳහන් වන කුමන සම්භාහන ක්‍රමයක් ඔබ අනුගමනය කලත් සම්භාහනයේදී වැඩි තෙරපුමක් ලබා දීම නොකළ යුතු වනවා. ඔබ සම්භාහනය සිදු කරනා විට දරුවා සතුටින් සිටිනවා නම් සම්භාහන ක්‍රම සිදු කරන්න නමුත් දරුවාගෙන් අසතුටුදායක ඉරියව්වක් පෙන්නුම් කරනවා නම් සම්භාහන සිදු කිරීම නවත්වන්න.
දරුවා නලවා ගැනීම සඳහා දරුවා අත දැරිය යුතු නිවැරදි ආකාරය
හඬන දරුවෙකු සුවපත් කිරීම සඳහා වෛද්‍ය “Robert Hamilton” මහතා නිර්දේශ කරනු ලබන සාර්ථක ක්‍රමවේදයක් වන මෙය අනුගමනය කිරීමෙන් දරුවාගේ හැඩීම ඉක්මනින්ම නවත්වා ගන්නට පුළුවන්.
ඔබ සිදු කල යුත්තේ:
මෙම සරල ක්‍රමවේදය මගින් ක්ෂණයකින් ඔබේ දරුවාගේ හැඩීම නතර වේවි.
හඩන බිළිදෙකු තත්පරෙන් සනසා ගැනීමට සිදු කල හැකි ඵලදායී ක්‍රමවේද 15ක්
Reviewed by Anonymous
on
11:24:00 AM
Rating:
No comments: