Loading...
බොරැල්ල උමං මාර්ගයේ ජීවිතයේ අවසන් අවුරුදු කිහිපය ගෙවන ධනවත් දූපුතුන්ගේ අම්මාගේ කඳුලු කතාව
82 හැවිරිදි හේරත් මුදියන්සේලාගේ බාලමැ‚කේ නැමති මැය වයස අවුරුදු 22 සපිරෙද්දී විවාහ වී ඇති අතර ඇයට දාව උපන් කුළුඳුල් දැරිය මියයාමෙන් පසු සැමියා ඇය හැර දමා ගොස් තිඛෙනවා’
මහනුවර ප්රදේශයේ දිවිගෙවා ඇති මැය ඉන් පසුව කොළඹට පැමිණ ඇත්තේ නිවෙස්වල කුළී වැඩ කිරීම සඳහායි’
වසර 60 ක පමණ කාලයක් නිවෙස්වල මෙහෙකාර සේවය කර ඇති මැයට වියපත් භාවයට පත්වීමෙන් අනතුරුව කිසිවෙකුගේ හව්හරණක් ලැබී නැහැ’
සිය සහෝදරියන්ගේ දැරි දැරියන්ද ඇය ප්රතික්ෂේප කිරීම හේතුවෙන් මෙලෙස පදික මාරුව තුළ සිඟමන් යදිමින් දිවි ගෙවීමට සිදුව තිඛෙනවා’
මව පැවසූ දේ පහතින්’
අක්කලා දෙන්න මරුණා’ දරුවො ඉන්නවා’ එක රැයක් ආසාවට බුදියන්න යන්න දෙන්නේ නැහැ’ එළවනවා’ කකුල් දෙක දිග ඇරලා මට බුදියන්න ආසයි’ නිදියන්න යන්න දෙන්නේ නැහැ’ ඒ ගොල්ලෝ තට්ටු ගෙවල් හදාගෙන හොඳට ඉන්නවා’ නංගිගේ පුතෙක් හමුදාවේ ඉන්නවා’ 9 වැනිදා නුවර හෝටලයක මගුල් තිබ්බා මට කිව්වේ නැහැ’ 10 වෙනිදා නිකන් එහෙ ගියා’ නෑයෝ ගියාට පස්සේ මට හරියට බැන්නා’ කෑම දුන්නෙත් 4 ට විතර’ බත් ටිකක් කන්න’ කැවුම් ගෙඩියක්වත් දුන්නේ නැහැ’ මම පහුවදා ආව එන්න’ ඒකෙන් මගේ හිත ගොඩක් දුර්වල වුණා’
බාල මැණිකේ මාතාව මුදලට එහා ගිය උපකාරයක් සමාජයෙන් අයැද සිටිනවා’
වීඩියෝව පහතින්’
බොරැල්ල උමං මාර්ගයේ ජීවිතයේ අවසන් අවුරුදු කිහිපය ගෙවන ධනවත් දූපුතුන්ගේ අම්මාගේ කඳුලු කතාව
Reviewed by Anonymous
on
2:03:00 PM
Rating:
No comments: