Loading...

ඇමති සාගල ඉල්ලා අස්වෙයි – කැබිනට් සංශෝධනයක් සහිතව පිල් මාරු ඉදිරි පැය කීපයේ


නීතිය සාමය බාර අමාත්‍යවරයා වශෙයන් කටයුතු කළ සාගල රත්නායක මහතා එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇත. මෙය පක්ෂය ශක්තිමත් කිරීම සඳහා ගත් තීරණයක් බවත් පක්ෂ නායකත්වය ලබාදෙන වෙනත් ඕනෑම වගකීමක් ඉටුකිරීමට සූදානම් බවත් ඔහු පවසයි.


“නීතිය සහ සාමය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමට මගේ බලාපොරොත්තුවක් නැති බව පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට මීට සුළු මොහොතකට පෙර දැනුම් දුන්නා. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඕනෑම තනතුරක් පරිත්‍යාග කිරීමට මා පසුබට නොවන අතර පක්ෂයේ යහපත වෙනුවෙන් මට කළ හැකි උපරිමය කිරීමට සූදානම් බවත් අග්‍රාමාත්‍යතුමාට අද උදෑසන දැනුම් දුන්නා.

මෙය මේ මොහොතේ පක්ෂය ශක්තිමත් කිරීම සඳහා මා විසින් ගනු ලබන පුද්ගලික තීරණයක් වන අතර පක්ෂයට මගේ ඇති පක්ෂපාතිත්වය එලෙසම ශක්තිමත්ව පවතින බවත්, පක්ෂ නායකත්වය විසින් ලබා දෙන ජනතාවට සේවය කළ හැකි වෙනත් ඕනෑම වගකීමක් නොපිරිහෙලා ඉටු කිරීමට සුදානම් බවත් මා වැඩිදුරටත් මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දුන්නා.”


අග්‍රාමාත්‍යධුරයේ තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත් මහතා පැවැසීය. මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් මාධ්‍ය හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. එසේම ඉදිරියේදී කැබිනට් සංශෙෘ්ධනයක් සිදුවන බවත් ඔහු සඳහන් කළේය.

යහපාලන ආණ්ඩුවට අකමැති ඕනෑම පුද්ගලයෙකුට ආණ්ඩුවෙන් ඉවත්විය හැකි බවත් දමිළ හා මුස්ලිම් පක්ෂවලින් ලැබෙන සහයෝගය අනුව ඉදිරි වසර දෙක තුළත් යහපාලන ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ඇමති සාගල ඉල්ලා අස්වෙයි – කැබිනට් සංශෝධනයක් සහිතව පිල් මාරු ඉදිරි පැය කීපයේ ඇමති සාගල ඉල්ලා අස්වෙයි – කැබිනට් සංශෝධනයක් සහිතව පිල් මාරු ඉදිරි පැය කීපයේ Reviewed by Anonymous on 2:38:00 PM Rating: 5

No comments:

Powered by Blogger.