Loading...
ලොවම හෙල්ලූ අද්භූත සිදුවීමක් ඉතාලියේ උමඟක් තුළදී මගීන් පිරුණු දුම්රියක් අතුරුදන්
ලෝකයා මවිතයට පත් කරලමින් එවැනි දුම්රිය අතුරුදන් වීමක් වසර 1911දී ඉතාලියෙන් වාර්තා වී ඇත. 1911 ජුනි මස 14 වැනි දින 'සැනෙමි' නම් දුම්රිය සේවා සමාගම තම නවතම දුම්රිය මාදිලිය හඳුන්වා දීම සඳහා විශේෂ දුම්රිය ගමන් වාරයක් සංවිධානය කර තිබිණි. මේ විශේෂ ගමන් වාරය සඳහා ඔවුන් ආරාධනා කර තිබුණේ සමාජයේ ධනවත් හා ප්‍රභූ ලෙස සැලකූ පිරිසකටය.
එදින සන්ධ්‍යාවේ දුම්රිය මැදිරි 3කින් සමන්විත වුණු මෙම දුම්රිය සියයක පමණ මගී පිරිසකුත් 6 දෙනකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක්ද සමඟ ගමන් ඇරැඹීය. මගී පිරිස අවට සිරි නරඹමින් ෂැම්පේන් පානය කරමින්, සතුටු සාමීචියේ යෙදෙමින් ගමන් කරමින් සිටියහ. කෙමෙන් කෙමෙන් ඔවුන් සමීප වූයේ ලොම්බාර්ඩ් කඳුවැටිය හරහා වැටී තිබූ උමං මාර්ගය වෙතය. මේ උමඟ මීටර 1ක් පමණ දික්වූ අතර පළලින්ද විශාල විය. උමඟට ඇතුළු වීමට පෙරාතුව දුම්රියේ වේගය අඩුවූ අතර කළු දුම අහසට විහිදිණි.
ඉන්පසු දුම්රිය උමඟ තුළට ගමන් කළ අතර සදහටම අතුරුදන් විය. දුම්රිය තුළ සිටි මගීන් දෙදෙනෙක් මෙතැන අසාමාන්‍ය යමක් සිදුවන බව වටහා ගැනීමෙන් දුම්රිය උමඟ තුළට ඇතුළු වීමට තත්පර කිහිපයකට පෙර ඉන් පිටතට පැන ගත්හ. ඔවුන්ගෙන් කෙනකු ඉන්පසු එම සිදුවීම ඉතාලි පුවත්පතට විස්තර කර තිබුණේ මෙසේය. "මට කළු පැහැ දුමාරය අතරින් අමුතු ශබ්දයක් ඇසුණා. මට පෙනුණා සුදු පැහැ මීදුවක් උමඟ දිගේ ඉදිරියට පැමිණෙනවා. එය මුහුදු රළක් වගේ දුම්රිය වෙළා ගත්තා. ඒ මීදුම අතර දුම්රියේ පළමු මැදිරිය සැඟවී ගියා. මම මහත් භීතියට පත් පත්වුණා. දුම්රිය ඒ වනවිට හිමින් ගමන් කරමින් තිබුණු නිසා මම එළියට පැන්නා. ඒ අවස්ථාවේ මම දැක්කා තවත් කෙනෙක් දුම්රියෙන් පිටතට පනිනවා. අපි දෙන්නාම බිමට වැටුණා. ඒ තමයි මට අවසානයට මතක තියෙන සිදුවීම" තමන් මුහුණ දුන් සිදුවීමෙන් මහත් කම්පනයකට මේ මගියා මුහුණ පා තිබිණි.
උමඟ පුරා සෝදිසි කිරීම් ක්‍රියාත්මක විය. හමුදාව ඇතුළු සේවකයන් දහස් ගණන් යොදවා සෝදිසි කිරීම් කළද දුම්රිය පිළිබඳ කිසිදු සලකුණක් සොයා ගැනීමට අපොහොසත් විය. රජයට මේ සම්බන්ධයෙන් කිසිවක් කීමටද නොහැකි විය. හැම දෙනාම මහත් පුදුමයටත්, භීතියටත් පත්වූහ. උමඟ අභ්‍යන්තරය පවා හාරා බැලුවද කිසිවක් සොයා ගත නොහැකි විය. මේ සිදුවීම රට පුරා මහත් ප්‍රසිද්ධියට පත් වූයේ විදුලි වේගයෙනි. බියට පත් වූ ඉතාලියානුවන් දුම්රියෙන් ගමන් කිරීමෙන් වැළැකුණහ.
අවසානයේ උමඟ වසා දමන ලදී. ධ්ධ් වැනි ලෝක යුද්ධ සමයේ බෝම්බයක් පිපිරීම මඟින් උමඟේ කට වැසීමත් සමඟ උමඟට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම නතර විය. කෙසේ නමුත් මේ සිදුවීම බොහෝ දෙනා විස්මයට පත් කළ ලෝකයේම අවධානය යොමු වූ සිදුවීමක් බවට පත්විය. විවිධ අය මීට විවිධ අර්ථකථන ඉදිරිපත් කළහ. සමහරු මෙය යම්කිසි භූත බලවේගයක් බව විශ්වාස කළහ. තවත් අය මෙය කාලය හරහා ගමන් කිරීමක් ලෙසත් තවත් අය මෙය යම් යුද උපක්‍රමයක් අත්හදා බැලීමක් ලෙසත් අර්ථ දැක්වූහ.
මේ සිදුවීමෙන් වසර ගණනාවකට පසු එනම් වර්ෂ 1940දී මෙක්සිකෝවෙන් අමුතු සිදුවීමක් වාර්තා වී ඇත. මෙක්සිකෝවෙහි ජීවත්වූ මානසික වෛද්‍යවරයකු සිය වෛද්‍ය වාර්තාවල මෙසේ සඳහන් කර ඇත. "මානසික රෝගීන් 104 දෙනකු එකවර මෙක්සිකෝවෙහි ග්‍රාමීය රෝහලකට ඇතුළත් කර ඇත. ඔවුන් සියල්ලන්ගේම රෝග ලක්ෂණ සමානය. ඔවුන් කියන්නේ, කරන්නේ කුමක්දැයි ඔවුන්ට හරි අවබෝධයක් නැත.
මොවුන් කිසිවකු මෙක්සිකන් ජාතිකයන් නොවේ. ඔවුන් ඉතාලියානුවන්ය. විශේෂත්වය වන්නේ ඔවුන් කිසිම නැව් මාර්ගයකින් මෙහි පැමිණ නැති බව තහවුරු වීමයි. ඔවුන් සියලුදෙනාගේ ඇඳුම් පැලඳුම් පවා අතීත යුගයට අයත් බව පෙනෙන්ට තිබිණි. ඔවුන් පවසා ඇත්තේ දුම්රියකින් මෙහි පැමිණි බවයි. නමුත් දුම්රිය මුහුදේ ගමන් නොකරන බව ඔබ හැම දන්නා කරුණකි". බොහෝ දෙනකු මේ සිදුවීම හා ඊට බොහෝ කලකට පෙර සිදුවුණු දුම්රිය ඇතුරුදන් වීම එකට එක ගැළපීමට උත්සාහ ගත්හ. එදා ඉතාලියේදී දුම්රිය සමඟ අතුරුදන් වූ ඉතාලි ජාතිකයන් 104 දෙනා මෙසේ ඉන් බොහෝ කලකට පසුව මෙක්සිකෝවෙන් මතුවීද? එසේ නම් ඒ කෙසේද? මේ කිසිදු ගැටලුවකට ස්ථීර විසඳුම් ලැබී නැත. එසේම මේ සිදුවීමද ලෝකයේ නොවිසඳුණු අබිරහස් ගොන්නට එක්වී ඇත.
එල්. ජයසේකර
ලොවම හෙල්ලූ අද්භූත සිදුවීමක් ඉතාලියේ උමඟක් තුළදී මගීන් පිරුණු දුම්රියක් අතුරුදන්
Reviewed by Anonymous
on
11:19:00 AM
Rating:
No comments: