Loading...

දිවි පරදුවට තබා කොන්ගෝ වනාන්තරේ චිම්පන්සියකු බේරාගත් ගුවන් නියමුවා – (Video)

  

කොංගෝවේ වනාන්තරවල සිටින වඳුරන් විශාල ලෙස දඩයක්‌කරුවන්ට ගොදුරුවන බවට එරට මාධ්‍ය වාර්තා කර තිබුණු අතර මේ පිළිබඳව සොයා බැලීමට ගිය  ඇන්තනි කෙයාරේ නමැති ගුවන් නියමුවෙකු පසුගියදා අපූරු අත්දැකීමකට මුහුණ දී තිබුණා.

මෙලෙස දඩයක්කරුවන්ට ගොදුරුවන වඳුරන් පිළිබඳව සොයා බැලීම සඳහා ඇන්තනි කෙයාරේ තමන්ට අයත් කුඩා ගුවන් යානාවෙන් කොංගෝ රටට ගොස් තිබූ අතර එහිදී දඩයක්‌කරුවන්ට කොටු වී සිටි කුඩා චිම්පන්සි පැටියකුද බේරා ගැනීමට හැකියාව ලැබී තිබුණා.

තම ජීවිතය ගැනද නොසිතා කුඩා චිම්පන්සියාගේ ජීවිතය බේරාගත් ගුවන් නියමුවා පසුව එම චිම්පන්සියා නියමු ආසනයේම තබාගෙන පැමිණ තිබෙනවා. එම අවස්ථාවේදී ඇන්තනි කෙයාරේ මුහුණ දුන් අපූරු අත්දැකීම සම්බන්ද වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම වීඩියෝව පහතින්.


දිවි පරදුවට තබා කොන්ගෝ වනාන්තරේ චිම්පන්සියකු බේරාගත් ගුවන් නියමුවා – (Video) දිවි පරදුවට තබා කොන්ගෝ වනාන්තරේ චිම්පන්සියකු බේරාගත් ගුවන් නියමුවා – (Video) Reviewed by Anonymous on 10:17:00 AM Rating: 5

No comments:

Powered by Blogger.