Loading...
ඉරණවිල දරුවා ඝාතනය කළ කාමාතුරයා කොටු වෙයි
ඉරණවිලදී සුසිත් නිර්මාල් නැමැති වයස අවුරුදු 10ක් වූ සිසුවා ඝාතනය කර පළා ගොස් සිටි සැකකරුව නාවුක හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් විසින් නයාරු ධීවර ගම්මානයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන මුලතිව් පොලීසිය වෙත බාර දී තිබෙනවා.
අද (04) අළුයම මෙම සැකකරුව මෙලෙස අත්අඩංගුවට ගැණුනා.
පසුගිය 25 වැනිදා සුසිත් නිර්මාල් සිසුවාව පැහැර ගෙන ගොස් ලිංගික අතවර සිදු කර ඝාතනය කර තිබුණා. ඉරණවිල ප්‍රදේශයේ කැලෑවක තිබී ඝාතනය කර ඇති දරුවාගේ සිරුර 27 වැනිදා පෙරවරුවේ ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව කරන ලද සෝදිසි මෙහෙයුමකදී සොයා ගැණුනා.
ඉරණවිල ගමට පොල් කැඩීම සඳහා නිතර යන එන බව කියන සැකකරුගේ ස්ථීර පදිංචියක් පිළිබදව තොරතුරක් ලැබී තිබුණේ නැහැ.
නමුත් 27 වැනිදා සවස සැකකරු හලාවත ප්‍රදේශයෙන් පිටත්ව ගොස් ඇති බවත්, ඔහු මා දැල් වාඩිවල සේවය කර ඇති අයෙකු බවටද පොලීසියට තොරතුරු ලැබී තිබුණා. සැකකරු සම්බන්ධයෙන් තොරතුරු සහ ඡායාරූප පොලීසිය විසින් නාවුක හමුදාව වෙතද ලබා දී ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා සහාය ඉල්ලා තිබුණේ ඒ අනුවයි.
ඒ අනුව විමර්ශණ කටයුතු සිදු කර ඇති නාවුක හමුදාව සැකකරුව අත්අඩංගුවට ගත්තා.
ඉරණවිල දරුවා ඝාතනය කළ කාමාතුරයා කොටු වෙයි
Reviewed by Anonymous
on
1:47:00 PM
Rating:
No comments: