Loading...
ඇගට දැනෙන වෙනස එයි.. බැංකු පොලිය විශාල වශයෙන් ඉහලට..
ලෝන් එකක් එහෙම ගන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යෙන්ම බලන්න
මෙරට බැංකු පොලී අනුපාතයන් ඉදිරි දින කිහිපයේදී ඉහල යනු ඇති බව මහ බැංකුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
බැදුම්කර පොලිය ඉහල යාම, මහ බැංකු මුදල් සංචිත අඩු වීම ආදී කාරණා හේතුවෙන් මෙසේ බැංකු පොලිය ඉහළ යනු ඇති බවද එකී ආරංචි මාර්ග කියා සිටී.
2017 වසරේදී ඉන්ධන ගෙන්වීම සදහා ආස්තමේන්තු මුදලට වඩා ඩොලර් මිලියන 900ක් වැඩිපුර වැයවීමත් රත‍්‍රන් ආනයනයට ඩොලර් මිලියන 500කින් ඉහළ යාමත් හේතුවෙන් විදේශ විනිමය පීඩනයකට ලක්ව ඇත.
එමෙන්ම මෙරට ආනයන වියදමද පෙර වසරට සාපේක්ෂව ඩොලර් බිලියන දෙකකින් ඉහළ ගොස් තිබේ.
මේ සියළු කාරණා හේතුවෙන් බැංකු පොලිය ඉදිරියේදී සැලකිය යුතු මට්ටමින් ඉහල යනු ඇති බවද සදහන්ය.
ඇගට දැනෙන වෙනස එයි.. බැංකු පොලිය විශාල වශයෙන් ඉහලට..
Reviewed by Anonymous
on
10:21:00 AM
Rating:
No comments: