Loading...

නාග කන්‍යාවියකට පෙම් බැඳ එයින්ම මරණය ළගා කරගත් දුටුගැමුණු රජතුමා


ඉතිහාසය අපට සැගවුන දුටුගැමුණු රජතුමා පසු පස හඹා ආ නාග ශාපයේ පුවත

නාග ගෝත‍්‍රිකයන් සිංහල ඉතිහාසයේ ද සඳහන් වන ප‍්‍රභල ජන වර්ගයකි. එමෙන්ම සිංහල හා දෙමළ ජාතිකවාදය මැද ස්ථානගත වූ ජන වර්ගයකි. යකුන් ගෞතම බුදුන් වහන්සේට මහියංගනයේ දී එරෙහි වන විට නාගයන් උන් වහන්සේ පිළිගත්තෝය. එමෙන්ම නාගයන්ට එරෙහිව යකුන් කෙරෙහි දිගු කාලීනව පැවති බල අරගල වලින් මෙරට ඉතිහාසය පිරී පවතී.

යකුන් සවදේශික ජන ගෝත‍්‍රයක් ලෙස ද නාගයන් ආගන්තුක ජන ගෝත‍්‍රයක් ලෙස ද අදහස් දැක්වීමක් විද්වත් ලෝකයාට වේ. මේ සියල්ල මැද නාගයන්ගේ දැඩි විරෝධයට බඳුන් වූ සිංහල රජතුමා වන්නේ දුටුගැමුණුය. එම කරුණ සැළකිල්ලට ගනිමින් නාගයන් ද‍්‍රවිඩ ජාතියේ මූල ජන ගෝත‍්‍රය බවට මුදලි රාසනායගම් ස්වකීය කෘති කිහිපයකින්ම ඓතිහාසික තර්කයක් ඉදිරිපත් කරයි.

ඔහුගේ මතය එක් අතකින් ප‍්‍රබල වන්නේ ලක්දිව සිංහල, දෙමළ ජාතිකවාදයේ උණුසුම්ම දේශපාලන සමය වූ එළාර හා දුටුගැමුණු යුගය සසඳා බලන විටය.දුටුගැමුණු කුමරු මාගම දිනා ගැනීමෙන් පසු මායා රට දිනා ගන්නට දැරූ තැත වළක්වන්නේ එහි විසූ නාගයන්ය.

ඉන් ඉක්බිතිව දුටුගැමුණු කුමරුට තම මව වූ විහාර මහා දේවිය යුද පෙරමුණේ ඉදිරියෙන්ම තබාගන්නට සිදු වූයේ මේ නිසාය. දුටුගැමුණුට විරුද්ධ වූ මායා රට නාග ප‍්‍රභූහු විහාර මහා දේවියට අවනත වූහ. ඉන් මාගම ද, මායා රට ද එක්සත් කොට ගෙන රජරට දිනාගන්නට ගැමුණු කුමරුට පදනම සකස් කර ගත හැකි විය.

දුටුගැමුණු කුමරුට එරෙහාව නාග විරෝධය යළිත් ඉස්මත්තට එන්නේ සේරු නුවරදී සහ සෝම නුවරදීය. ඒ දීඝාභය කුමරු හරහාය. සේරු නුවරත් සෝම නුවරත් මාගම රාජධානියෙන් ද රජරට රාජධානියෙන් ද වියුක්ත වූ ජනපද විය. මෙම ජනපද දෙකම නාග ගෝත‍්‍රිකයන්ගේ සුපිරි වෙළඳ නගර වූ අතර, දීඝාභය කුමරු හරහා පාලනය වූ බෞද්ධ පුරවරයන් ද විය. දුටුගැමුණු කුමරුට මායා රට දිනා දුන්තම මව්තුමිය සේරු නුවර සහ සෝම නුවර නාග විරෝධය ද සමනය කර දුන්නේය.

මේ සියල්ල වෙතින් පෙනෙන කරුණක් නම් දුටුගැමුණු කුමරුගේ සිංහල රණවාදයේ මුහුණත යක් ගෝත‍්‍රිකයන් වූ බැවින් එය නාග ගෝත‍්‍රිකයන් පිළිකෙව් කළ බවකි.

දුටුගැමුණු කුමරු එළාර රජතුමා ද ඔහුගේ දෙමළ සේනාව ද නසා දිග්විජය කළේය. ඉන්පසු දුටුගැමුණු රජතුමාගේ යෝධ පියවර වූයේ මහා සෑය, රුවන් වැලි සෑය නැංවීමය. ඒ සඳහා ඔහුට මහමෙව්නා උයනේ පිහිටි පෞරාණික රන් තෙළඹු වෘක්ෂය කපා හෙළන්නට සිදු විය. එම සිදුවීම දුටුගැමුණු රජතුමාට එරෙහිව මාරක විරෝධාකල්පයක් පැන නැගීමට හේතු වූ අතර එකී විරෝධයට මුලූ වූ ගාඩි වංශය දේශපාලනිකව සංවිධානය කළේ නාග ගෝත‍්‍ර බළමුලූව විසින්ය. එය පාගා දමා මහා සෑය නැංවීම සඳහා දුටු ගැමුණු රජතුමා එඩිතර විය.

එහෙත් මහා සෑයේ තැන්පත් කිරීම සඳහා සර්වඥ ධාතූන් වහන්සේලා රැුගෙන මහ රහතුන් වහන්සේලා පෝක් සමුද‍්‍ර සන්ධිය හරහා වැඩමවීමේ දී උන් වහන්සේලා ට මහා විරෝධතාවකට මුහුණ දීමට සිදු වූ බව මහාවංශය සඳහන් කරයි.

එම විරෝධතාවයේ දී පෙරමුණ ගත්තේ ද නාගයන්ය. එය දිය ගොඩ දෙකින්ම සිදු වූ යුද්ධයක් බඳු වූයේය. භක්තිමත් බෞද්ධයන් ලෙස ඉතිහාසය පුරා හමුවන නාග ගෝත‍්‍රික මූල නාගයන් මෙලෙස මහා සෑයට විරෝධය පළ කලේ මන්ද? විටෙක නාගයන්ගේ දේශපාලනික උභතෝකෝටිකය වන්නේ ද එයමය.දුටුගැමුණු රජතුමාට බෞද්ධත්වය හොඳින් ආරෝපණය කර ගැනීමට මෙම විරොධෙතා හේතු වූයේය.

අන් අතකින් මහා සෑයේ තැන්පත් කරන්නට ලබා ගත් සර්වඥ ධාතූන් වහන්සේලා එතුවක් කල් දිවිහිමියෙන් රැුකගෙන සිටියේ ද නාගයන්ය.

නාගයන් සතුව තිබූ සර්වඥ ධාතූන් වහන්සේලා දුටුගැමුණු රජතුමා අත්පත් කරගත් ශූර මෙහෙයුම වෙනම කතිකා කළ යුත්තකි.

නාගයන් සතු වූ ප‍්‍රභලතම ඓතිහාසික සම්පත වූයේ ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ සර්වඥ ධාතූන් වහන්සේලාය. නාග – යක් දිගු කාලීන වෛරය දුටුගැමුණු සමයේ කූටප‍්‍රාප්තියට පැමිණ කෙළවර වූයේ නාගයන්ගේ ඓතිහාසික සම්පත දුටුගැමුණු රජතුමා අතට පත් වීමෙනි.

ගැටුම නොනැවතුණි. නාගයෝ කෙටි කලක් දුර්මුඛව සිටියෝය. දුටුගැමුණු රජතුමා මහා සෑය නංවන කාර්යයේ ය. සිවුසතලිස් 44 වසරක එළාර පාලනය නිමා කොට ලක් පොළෝ තලය මත නංවන අසහාය නිර්මාණය ඉදිකිරීම ඇරඹුණේය.

ජන හද තුල වූයේ දුටුගැමුණු රජතුමා ඉර හඳ පවතින තාක් රට කරවන පාලකයා විය යුතුය යන්නයි. එය කොතරම් ගැඹුරු ලෙස කා වැදී තිබුණේ ද යත් විජය රජතුමා සිංහලයන්ට දායාද කළ සිංහල ජාතික ධජය ද දුටුගැමුණු සමයේ වෙනස් වූයේය. තනි සිංහ රුවින් යුත් සිංහල ජාතික ධජය, සිංහයා දෙපසින් ඉර හඳ ලකුණු ඇතුලත්ව නව මුහුණුවරක් ගත්තේය. ඒ දුටුගැමුණු සමය සදාතනික වන බවට තවත් අරුතක් විය.

ඉදිවන මහා සෑය ඒ විශ්මයට තවත් බලාපොරොත්තුවක් එක් කළේය. සසුන් භාරධාරී තෙරුන් වහන්සේලා රාජ දේශපාලනික භාරධාරීන් වන තරමට සසුන රාජ්‍ය පාලනය සම`ග සහවාස ගත කෙරිණි. මේ සියල්ල වඩාත් කේන්ද‍්‍රගත වූයේ මහා සෑයට සර්වඥ ධාතූන් වහන්සේලා ලද උදම් සහගත ජයග‍්‍රහණයෙන් අනතුරුවය.

මහ සෑ ගර්භයේ ධාතු නිදන් කළ මංගල්‍යයට පසුව දුටුගැමුණු මහ රජ දුටු රුදුරු සිහිනය ඔහුගේ ආත්මය සසල කළේය. එතැන් පටන් මහා සෑය නංවා එහි රන්කොත බඳන තුරු ඔහුට ඉවසීමක් නොවිණි. මහා සෑ මළුවට විත් එහි කටයුතු කඩිනම් කරවීම හැර ඔහු අතින් එකල වෙනත් රාජ්‍ය පාලන කටයුත්තක් ඉටු නොවිණි. එය කෙතරම් බරපතළ වූයේ ද යත් රජ දුටුගැමුණු රාජ සභාව පැවැත්වූයේ මහා සෑ මළුවේදීය. හිමිදිරියේ මහා සෑ මළුවට පැමිණි මහ රජතුමා රාත‍්‍රිය ළගා වනතුරු එහි සිටිමින් වැඩ මුර ඉක්මන් කළේය.

එක් සැඳෑවක මහ රජතුමාගේ හිස මැදට පැන ගත් නාගයෙක් ඔහුගේ හිස හරි මැද පාදා පෙනය පුම්බා විෂ දළින් ඇන සත් වරක් හිස මුදුනට ගසා නික්මුණේය. පුරුෂ වීර්යයෙන් පිරිපුන් රජ මරණයට මුහුණ දෙන්නට විය. මේ අතර නාගයා රජතුමාගේ රාජකීය වෙදැඳුරාට ද පහර දී මරා දැමුවේය. නාග ප‍්‍රහාරයෙන් ඔත්පල මහ රජතුමා සත් දිනක් මරණය සමග සටන් කොට මරණයට පත් වූයේය.

දුටුගැමුණු මහ රජ ඝාතනය කළ මෙම අභිරහස වසර දෙදහසක් මුළුල්ලේ සිංහල අපි ද, ඉතිහාස කතාකරුවන් ද සÛවා ගෙන පැමිණ ඇත්තෙමු. ඒ මන්ද යැයි නොදනිමි. ඒත් සිංහල ජන කතාකරු අපූරු ජන කතාවක් ජනප‍්‍රවාද ගත කර ඇත. ඒ අනුව දුටුගැමුණු මහ රජතුමා යුද්ධය දිනූ විගස යාපනයේ නාගදීපයට ගොස් උයනක් ඉදි කළේය. විවේකය, සැහැල්ලූව අවැසි විට ඒ නාග උයනට සපැමිණ තනිකඩ විම රජතුමාගේ සිරිතය.

දිනක් උයන්පල්ලා වු ජයසේන නාග පොකුණට බැස සුහුඹුල් නාග කෙළිත්තියක් හා රාග හුරතලයක වෙළී සිටිනු දුටු රජතුමාට කාම උද්දීපනය වී ජයසේන ගෙන් නාග කෙළිත්තිය උදුරා ගෙන ඇය හා රමණය කළේය. ඉන් කෝපයට පත් වූ ජයසේන ගෙල පාගා මහ රජ මරා දමන්නට උත්සාහ කළ බවත්, රජතුමා අතින් එහිදී ජයසේන මිය ගිය බවත් සඳහන් වේ. ඒ මොහොතේ තෝ, නාගයෙක් වෙලා ඇවිත් මරමි යැයි පවසා ජයසේන අවසන් සුසුම හෙළා ඇති බව ජනප‍්‍රවාද කතාව වැඩිදුරටත් කියයි.

එසේ නම් දුටුගැමුණු මහ රජතුමා රුවන්වැලි සෑ මළුවේ දී විෂ විද මරා දැමුවේ ඔහුමද? නොවේ නම් කවුරුද? නාගයන් විසින් දුටුගැමුණු රජතුමාට එරෙහිව කාලයක් පුරා ගෙන ගිය වෛරයේ අවසානය මෙයද? මෙහි පවසන නාගයා නාගයෙකු ද නොවේ නම් නාග ගෝත‍්‍රිකයෙකු ද? මේ කිසිවක් නිශ්චිත කර ගැනීමට ඉතිහාසය අපට ඉඩ දී නැත. සරළව පවසතොත් දුටුගැමුණු මහ රජතුමාගේ මරණ පරීක්ෂණ වාර්ථාව ජනගත නොවුනේය.

එය ඉතිහාසවේදීන් ඉතිහාසගත කිරීමක් ද නොකළෝය. ගැමුණු රජතුමා සිරිතේ සියල්ල ලියා ඇත. ඔහුගේ බිසව ද, ඔහුගේ මරණය ද ඉතිහාසයෙන් ස`ගවා තබා ඇත. ඒ මන්ද? දුටුගැමුණු හිස මස්තකයට විද එතුමා මරා දැමු නාගයා කාගේ කවුදැයි අපි තවමත් නොදනිමු. ඒත් ඔහු හෝ එම සර්පයා ඓතිහාසික රාජ දේශපාලන බල අරගලයක ජීවමාන සාධකයක් බව පැහැදිලිය. සියවස් විස්සක් ගෙවී ගොස් ඇතත් සිංහල ජාතියේ අසහාය රාජ විරුවාගේ මරණ පරීක්ෂණය සොයා බැලිය යුතුය. කිසිවෙක් ඒ ගැන නොසිතති. ඒත් මෙය ඉතිහාස නිමිත්තකි.

ඒ අනුව දුටුගැමුණු රජ ඝාතනය කළ නාගයා එකල රජතුමා අතින් පරාජය වූ නාග ජන ගෝත‍්‍රයේ වෛර ප‍්‍රාර්ථනාවද? නොවේ නම් ද‍්‍රවිඩ ජන මූලයේ වෛර ප‍්‍රාර්ථනාවද? එසේත් නොවේ නම් නාග උයනේ දී තම පෙම්වතිය පැහැරගත් ශෝකය වෛරයට පෙරළී දුටුගැමුණු රජතුමා අතින් මිය ගිය ජයසේන ගේ ආත්මයද? එසේත් නොමැති නම් දුටුගැමුණු රජතුමාගේ කර්ම විපාකයද? එසේ නොවේ නම් මේ සියළු සාධක එකට එක්වී සිදු වූ නියාමයක්ද?

කෙසේ නමුත් අවසානයේ දුටුගැමුණු රජතුමාම බලයෙන් පහ කළ සද්ධාතිස්ස කුමරුට ලක්දිව රජ පදවිය යළිත් ලැබුණේය. ගැමුණු පුත් කුමරු සාලිය රාජ දේශපාලනය හැර පියා රොමැන්ටික දාර්ශනිකයකු වූයේය. එළාර ඝාතනය කළ දුටුගැමුණු රජතුමා ද ඝාතනය විය. මහා සෑය සදාතනික වූයේය. ඉතිහාසය සර්ව සාධාරණ රිද්මයක අකුරු මාත‍්‍රාවක් යැයි විටෙක සිතෙන්නේ එබැවිනි.

උපුටාගැනීම – සුජිත් අක්කරවත්ත
නාග කන්‍යාවියකට පෙම් බැඳ එයින්ම මරණය ළගා කරගත් දුටුගැමුණු රජතුමා නාග කන්‍යාවියකට පෙම් බැඳ එයින්ම මරණය ළගා කරගත් දුටුගැමුණු රජතුමා Reviewed by Anonymous on 10:03:00 AM Rating: 5

No comments:

Powered by Blogger.