Loading...

මහනුවර සියදිවි නසාගත් අම්මාගේත් පුතාගෙත් මරණය ගැන ලිපියෙන් හෙළි වූ තොරතුරු මෙන්න! (PHOTOS)


මහනුවර මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයට අයත් සුදුහුම්පොල,සියඹලාපිටිය ප්‍රදේශයේ නිවසක මුළුතැන්ගෙයි තුළ ගෙල වැලලාගෙන මිය ගොස් සිටි මවකගේ සහ පුතෙකු මෘත දේහ පොලිසිය විසින් ඊයේ සොයාගෙන තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ දේවාලගෙ ලීලාවතී නැමති 69 හැවිරිදියේ කාන්තාවක් සහ දේවාලගේ ශාන්ත නැමති 45 හැවිරිදි පුතා බවයි පොලිසිය සඳහන් කලේ.

මෙම නිවස දෙසින් හෑමූ දුර්ගනධය නිසා අවට ගම්වාසීන් මව සහ පුතා මියගොස් ඇති බවට සැක නිසා පොලිසියට දැනුම් දී ඇති අතර පොලිසිය පැමිණ පරීක්ෂාකර බලන විටත් මෙම මළ සිරුරු නරක් වී දැඩි දුර්ගන්ධයක් හමමින් තිබූ බව සඳහන්.

මොවුන් සියදිවි නසා ගැනීමට පෙර ලියූ ලිපියක් පොලිසියට හමු වී තිබෙන අතර එහි සඳහන්ව ඇත්තේ රෝගී තත්වයක් හේතුවෙන් මවත් පුතත් දිවිනසා ගැනීමට තීරණය කළ බවත්ය.

අවිවාහක පුත්‍රයා සහ මව තනිවම මෙම නිවසේ වාසය කළ බව සඳහන් වන අතර මහනුවර මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි වාර්තා වුණේ.





මහනුවර සියදිවි නසාගත් අම්මාගේත් පුතාගෙත් මරණය ගැන ලිපියෙන් හෙළි වූ තොරතුරු මෙන්න! (PHOTOS) මහනුවර සියදිවි නසාගත් අම්මාගේත් පුතාගෙත් මරණය ගැන ලිපියෙන් හෙළි වූ තොරතුරු මෙන්න! (PHOTOS) Reviewed by Anonymous on 1:09:00 PM Rating: 5

No comments:

Powered by Blogger.