Loading...

පුද්ගලයින් ලක්ෂයකින් එක් අයෙකුට වැළඳෙන රෝගයක් වන 'සර්කෝමා' නිසා බොඳවන ඉංජිනේරු සිහිනය සමඟ ගැටෙන හැටන් හී ජී.ජී.රුක්ෂාන් නයනකාන්ත සිසුවා.


රෝගී දරුවාගේ නම විකුණා කළ නොහොඹිනා වැඩේ

හැටන් වටවල ප‍්‍රදේශයේ සර්කෝමා රෝගයෙන් පිඩා විදින පාසල් සිසුවෙකුට විදේශ ප‍්‍රතිකාර ලබා ගැනිමට ආධාර පිණිස හැටන් ප‍්‍රදේශයේ ප‍්‍රධාන සිංහල පාසලක ආදි සිසුන් පිරිසක් විසින් සංගීත ප‍්‍රසංගයක් පවත්වා එම සංගිත ප‍්‍රසංගයෙන් ලැබු ආධාර මුදල් තමන් වෙත ලබා නොදුන් බව රෝගි සිසුවාගේ පියා චෝදනා කරයි.

එම සිසුවාගේ රෝගි තත්ත්වය පිළීබද දැනගත් එම සංගිත ප‍්‍රසංගය පැවැත්වු තරුණයන් පිරිසක් එම රෝගි සිසුවාගේ නිවසට ගොස් ඔහුගේ දෙමවිපියන් මුණ ගැසි රෝගි සිසුවාට ආධාර ලබා දිම සඳහා හැටන් නගරයේ සංගීත ප‍්‍රසංගයක් පවත්වන බවත් ඒ සඳහා දැන්විමි වල සඳහන් කිරිමට රෝගි සිසුවාගේ ජායාරූපයක් සහ එම සංගීත ප‍්‍රසංගය පැවැත්විමට එම සිසුවාගේ දෙමව්පියන්ගෙන් අවසරද ලබා ගෙන තිබේ.

ඒ අනුව එම සංගිත ප‍්‍රසංගය පැවැත්විම සදහා හැටන් නගරයේ ඩි.කේ. ඩබිලිවි සංස්කෘති ශාලාවද වෙන් කරගෙන ඇත්තේ එම සිසුවාගේ රෝගි තත්ත්වය ශාලාව භාරකරුට පවසාය. එහිදි ඩි.කේ.ඩබිලිවි සංස්කෘතික ශාලාව බාරකරු විසින් ඉතා අඩු මුදලකට එම ශාලාව වෙන් කර දී ඇති බව පැවසීය.

මෙම සංගිත ප‍්‍රසංගය පැවැත්විම සදහා රැපියල් 100/= 150/= බැගින් ප‍්‍රවේශ පත‍්‍රවිශාල ප‍්‍රමාණයක් මුද්‍රණය කර එම ප‍්‍රවේශ පත‍්‍ර නගර සභාවේද අනුමැතිය ඇතිව අලෙවි කර ඇති අතර එහිදි ඇතැම් ප‍්‍රක්ක්‍ෂකයන් විසින් මෙම රෝගි සිසුවාගේ රෝගි තත්ත්වය ගැන සලකා ප‍්‍රවේශ පත‍්‍ර ගාස්තුවට වඩා වැඩි මුදලක් ගෙවා ප‍්‍රවේශ පත‍්‍රද ලබා ගෙන තිබේ.

මේ අනුව මෙම සංගීත ප‍්‍රසංගය 2017.12.06 වන දින 2.30 සහ 6.30 වශයෙන් ප‍්‍රසංග දෙකක් පවත්වා ඇති අතර එම සංගිත ප‍්‍රසංග දෙක සදහාද විශාල පේ‍්‍රක්‍ෂකයන් පිරිසක් සහභාගි වි ඇති බවෙ එම සිසුවාගේ පියා පවසයි.

එම සංගිත ප‍්‍රසංගයෙන් ලැබු ආදායමින් සංගීත සංන්දර්ශනය පැවැත්වු ශාලාවේ මුදලද සංගිත භාණ්ඩ සහ ශබිද විකාශන වලටද සංවිධායකයන් විසින් මුදල් ගෙවා ඇත.

ඉතිරි මුදල් මේ වන තෙක් තමන් වෙත ලැබු නොමැති බව එම රෝගි සිසුවාගේ පියා පවසන්නේ.

මේ සම්බන්ධයෙන් එම සංගිත සංන්දර්ශනය සංවිධානය කළ අයගෙන් අවස්ථා කිහිපයකදි තමන් කරුණු විමසු විට එම මුදල් කඩිනමින් ලබා දෙන බවට අවස්ථා කිහිපයකදි ප‍්‍රකාශ කලත් මේ වන විට ඔහුන්ගේ දුරකථනයට කථා කලත් ඔවුන් නිසි ප‍්‍රතිචාරයක් නොදක්වන බව එම සිසුවාගේ පියා චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් තමන් හැටන් පොලිසියේ පැමිණීල්ලක් කිරිමටද අපේක්‍ෂා කරන බව එම සිසුවාගේ පියා වැඩි දුරටත් කියා සිටියේය. 
පුද්ගලයින් ලක්ෂයකින් එක් අයෙකුට වැළඳෙන රෝගයක් වන 'සර්කෝමා' නිසා බොඳවන ඉංජිනේරු සිහිනය සමඟ ගැටෙන හැටන් හී ජී.ජී.රුක්ෂාන් නයනකාන්ත සිසුවා. පුද්ගලයින් ලක්ෂයකින් එක් අයෙකුට වැළඳෙන රෝගයක් වන 'සර්කෝමා' නිසා බොඳවන ඉංජිනේරු සිහිනය සමඟ ගැටෙන හැටන් හී ජී.ජී.රුක්ෂාන් නයනකාන්ත සිසුවා. Reviewed by Anonymous on 8:33:00 PM Rating: 5

No comments:

Powered by Blogger.