Loading...

ගෙල සිඳින අයුරු පෙන්වූයේ ඉවසා බැරිම තැන බ්‍රිගේඩියර් ප්‍රියංකරගේ තවත් වීඩියෝවක් එළියට


බි‍්‍රතාන්‍යයේ  ලන්ඩන් අගනුවර ශි‍්‍ර ලංකා  මහකොමසාරිස්  කාර්යාලයේ  ඉදිරිපිට උද්ඝෝෂයේ නිරත පිරිසකට මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා වශයෙන් කටයුතු කරන  යුද හමුදා බි‍්‍රගේඩියර්වරයා අතින්  ගෙළ සිද   දමන  ආකාරය නිරූපනය කිරීමේ  සිද්ධිය මේ වන විට දැඩි ලෙස කතාබහට ලක්වෙමින් තිබෙනවා.

පසුව විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක් මගින් ඔහුගේ සේවය අත්හිටුවා ඇති බව වාර්තා වූ අතර බි‍්‍රතාන්‍ය ශි‍්‍ර ලංකා මහකොමසාරිස්වරියගේ පරීක්ෂණයේ  ප‍්‍රථිපලය අනුව  යුද හමුදාව මෙම පරීක්ෂණ ආරම්භ කර බි‍්‍රගේඩියර්වරයා ලංකාවට ගෙන්වීමට කටයුතු කරන බවද වාර්තා විය.

කෙසේ වෙතත් මෙම සිද්ධිය ඇතිවීමට පෙර සිද්ධීන් මාලාවක් සිදුව ඇති බවත්   එක් සිදුවීමක් පමණක්  සමාජ ජාලා  වෙඩි අඩෙවි මගින්  ප‍්‍රචාරය වී ඇති බව වාර්තාවෙයි.

මෙම බි‍්‍රගේඩියර්වරයා මුලින්ම උද්ඝෝෂන කරුවන් සිටි දෙසට ගොස් ඔවුන් වෙත මුලින්ම කථා කර ඇති බවත් පසුව උද්ඝෝෂණකරුවෝ  ඔහුට බැන වැදී ඔහු සමඟ ගැටුම් ඇතිකර ගැනීමට උත්සහ ගෙන ඇති බවට තොරතුරු  වාර්තාවෙයි.

ඔහු එහිදී පවසා සිටින්නේ විරෝධතාකරුවන් පවසන පරිදි උතුරේ මිනිස් ඝාතන සිදු නොවූ බවත් ඒ පිළිබඳව පෙන්වීමට ඔහු සමඟින් උතුරේ සංචාරයකට හො පැමිණෙන ලෙසයි.

‘ඇයි ඔයාලා උතුරේ දෙමළ මිනිස්සු ඉන්න තැන්වලට සිංහල මිනිස්සු ගිහින් දාන්නේ ?‘
‘එහෙම දෙයක් වෙන්නේ නෑ. ඔයා දැක්කද ? එන්න යන්න යාපනයට ගිහින් පෙන්නවන්න. ඒ මිනිස්සු කොච්චර හොඳට ජීවත් වෙනවද කියලා‘.

ඇයි ඔයාලා තමිල්නාඩුවේ දෙමළ ධීවරයෝ 500කට වෙඩි තිබ්බේ ?

ඔයාලා මේ කියන හැමැදේම බොරු තොරතුරු එක්ක කතා කරන්නේ. ලංකාවේ එහෙම දෙයක් වෙලා නෑ. මේ මිනිස්සු කියන බොරු කතා අහලා බොරු දේවල් විශ්වාස කරන්න එපා.

වන්නි මානුෂීය මෙහෙයුමේදී කොටි නායක ප්‍රභාකරන්ගේ මුලතිව් කොටි බලකොටුව හා ඒ අවට ගම්වාසීන් මුදා ගැනීමේ සටනට 591 බල සේනාව යටතේ 11 වන ගැමුණු රෙජිමේන්තු අණදෙන නිළධාරී ලෙස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ( එවකට කර්නල් ) සුවිශාල මෙහෙවරක් ඉටුකළ අයෙකි.

කොටි ත්‍රස්තවාදීන් ගේ ග්‍රහණයේ සිරකරගෙන සිටි මුලතිව් මුලංකාවිල් ඇතුළු ද්‍රවිඩ ගම්මානවල වැසියන්ට හා ළමුන්ට විදේශ රටවල සිටින තම මිතුරන් මාර්ගයෙන් කෑම බීම, පොත්පත් , සපත්තු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දෙමින් මුලංකාවිල් ද්‍රවිඩ ජනතාවගේ වීරයෙකු ලෙසින් ප්‍රකට වූ චරිතයක් ලෙස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු නමක් දිනාගෙන ඇත.

ජාති භේදයකින් තොරව තම කඳවුරට එන සෑම අයෙකුටම කෑම බීම පවා දීමටත් කඳවුරට එන ඕනෑම දෙමළ ජාතිකයකු හිස් අතින් නොයවන්නටත් කටයුතු කළ නිළධාරියෙකු ලෙස මොහු ප්‍රකටය.
මේ එම අවස්ථාවේ වීඩියෝවයි…..

ගෙල සිඳින අයුරු පෙන්වූයේ ඉවසා බැරිම තැන බ්‍රිගේඩියර් ප්‍රියංකරගේ තවත් වීඩියෝවක් එළියට ගෙල සිඳින අයුරු පෙන්වූයේ ඉවසා බැරිම තැන බ්‍රිගේඩියර් ප්‍රියංකරගේ තවත් වීඩියෝවක් එළියට Reviewed by Anonymous on 12:10:00 PM Rating: 5

No comments:

Powered by Blogger.