Loading...
අක්මාවේ තෙල්ද ? – තෙල් දියකරන බෙහෙත මෙන්න
කීකිරිදිය කියන්නේ වල් පැලෑටියක් කියලයි බොහෝදෙනෙක් හිතන්නේ. නමුත් කීකිරිදිය කියන්නේ අපි නොසිතන ඖෂධීය ගුණයන් පවතින විශ්මිත ඔසුවක්. තෙතමනය සහිත තැන් වල හා දිය සීරාවල දකින්නට ලැබෙන කීකිරිදිය බැලු බැල්මටම මුකුණුවැන්න ශාකය වගේ. මුකුණුවැන්න කොලයට සමාන උනාට කීකිරිදිය කොළ මුකුණුවැන්න කොලයට වඩා ටිකක් ලොකුයි. බූවකින් සමන්විතයි.
මේ ශාකයේ ඩේසි මල වගේ සුදු පැහැති මලක් පිපෙනවා. කීකිරිදිය වර්ග 4 ක් යටතේ බෙදල වෙන් කරන්න පුළුවන්. කහ,සුදු,නිල් සහ රතු මල් සෑදෙන කීකිරිදිය මල් ප්‍රබේද තියෙනවා. ඒ අතරින් වැඩි වශයෙන් ඖෂධ සදහා ගන්නේ කහ වර්ණය සහ සුදු මල් රෝපණය වන වර්ග. මේ දෙකෙනුත් සුදු මල් රෝපණය වන වර්ග තමයි බහුල වශයෙන් ඖෂධ පිණිස ගන්නේ.
සුදු පට කීකිරිදිය ආයුර්වේදයේ හදුන්වන්නේ අක්බඹරු යන නමින්. අක්බඹරු වගේ කොණ්ඩයක් ලබා ගන්න ආයුර්වේදයේ පවතින විශිෂ්ටතම ඖෂධයත් කීකිරිදිය ලෙස තමයි පොත පතේ හැදින්වෙන්නේ. කීකිරිදිය හිස කෙස් වලට හොද ඖෂධයක්.
අක්මා රෝග සුව කරන්නත් ඉතාම හොද ඖෂධයක් තමයි කීකිරිදිය කියන්නේ. අක්මා රෝග නැතිකර අක්මාව ශක්තිමත් කරන්නත් මෙය ඉතා වැදගත්. අක්මාව දුර්වල අයට ඉතා හොද ඖෂධක්. අක්මාවේ තෙල් තැන්පත් වී ඇති රෝගීන්ගේ තැන්පත් තෙල් නැති කරන්න සුදුසු ඖෂධයක් සාදාගන්නේ මෙහෙමයි.
පිටවක්කා 10 gm අරගෙන එයට සමාන කීකිරිදිය අරගෙන ගම්මිරිස් කුඩු 20 gm ක් මිශ්‍ර කර හොදින් අබරා තලපයක් සාදාගෙන දිනකට දෙවරක් උදේ හවස මුදවපු කිරි වීදුරුවක් සමග පානය කරන්න. මේ ඖෂධීය පානය දින කිහිපයක් ගන්න. අක්මාව ආශ්රිත සියලුම රෝග වලට මේ ඖෂධය ඉතාමත් ගුණදායකයි.
Eclipa alba නැමෙති උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වන කීකිරිදිය අයත් වන්නේ Asteraceae කුලයට . කීකිරිදිය ඖෂධයේ පවතින සුවිශේෂී ගුණාත්මක බව නිසා මුත්‍රාශය ආශිත රෝග රැසකට මේ ඖෂධ ගුණාත්මකයි. කීකිරිදිය කොළ කොටාගත් ඉස්ම වීදුරු බාගයට වතුර ස්වල්පයක් මිශ්‍ර කර දිනපත් උදෑසන දින කිහිපයක් පානය කරන්න. මුත්‍රා දැවිල්ල , මුත්‍රා අඩස්සිය වගේ රෝග සුව කරන්න එය කදිම පානයක්.
ඒ වගේම ස්ත්රීන්ට ඇති වන රුධිරය පිටවන ගර්භාෂ ගත රෝග වලදී කීකිරිදිය 60 gm පමණ අරගෙන එයට වතුර පත 8ක් දමා පත එකට සිදුවා උදේ සවස පත බාගයක් බැගින් පානය කරන්න.ගර්භාෂ ගත රුධිරය පිටවන රෝග වලට එය අගනා කෂායක්.
ජේෂ්ඨ කථිකාචාර්ය
එස්.කේ. එම්. කේ. හැරපත්දෙණිය
අක්මාවේ තෙල්ද ? – තෙල් දියකරන බෙහෙත මෙන්න
Reviewed by Anonymous
on
12:23:00 PM
Rating:
No comments: