Loading...

මැතිවරණ ප්‍රතිඵල ප්‍රමාද වුණේ ඇයි? පැය 72කට පසු මැකො කට අරියි වැරැද්ද පිළිගන්න බවත් කියයි

 

මැතිවරණ ප්‍රතිඵල ප්‍රමාද වීමට හේතු වූයේ පරිගණක පද්ධතියේ මෘදුකාංගවල සිදුවූ බිඳ වැටීමක් බවත් මේ පිළිබඳව තමන් කනගාටුව ප්‍රකාශ කරන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (14) පැවසීය.

මැතිවරණයේ ප්‍රතිඵල තොරතුරු පරිගණක ක්‍රියාකරුවන්ගේ සහාය ඇතිව අතින් ඇතුළත් කිරීමට සිදුවූ බව පැවසූ මහින්ද මහතා මින් ඉදිරියට එවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩ නොතබන බවද පැවසීය.
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කොළඹ රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ‍ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී මෙම අදහස් ප්‍රකාශ කළ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අංශයේ ආචාර්ය ගාමිණී විජේරත්න සහ ඔහුගේ කණ්ඩායමක් මෙවර මෙම පද්ධතිය සකස් කළේ. එහි කිසිම අඩුපාඩුවක් මුලින් තිබුණේ නැහැ.

නමුත් මේ පද්ධතිය ක්‍රියාත්මක කිරීමේදී (ෆෝග්‍රෑම් එක) අපට නවවැනිදා පෙනී ගියා එක් අයකුගේ හෝ තොරතුරක් ඇතුළත් කිරීම ප්‍රමාද වුවහොත් මුළු පද්ධතියම ප්‍රමාද වෙනවා. අම්බලන්ගොඩින් අපට ආපු ප්‍රතිඵල සහ අපි මෙහෙන් ඇතුළත් කළ තොරතුරු සමාන කර බැලීමේදී ඒවා සමාන වූයේ නැහැ.

ඒ නිසා අපි ඒ වගේ තොරතුරු වෙනස් වූ ආයතන වෙනම ෆෝමට් එකකින් ගැහැව්වා. ඒකෙන් තමයි අපි තොරතුරු ඇතුළත් කළේ. එහෙත් ප්‍රතිඵලයේ යට කොටසේ වෙනසක් ඇතිවුණා. ඒ අනුව කොට්ඨාසයෙන් කොට්ඨාසයේ ප්‍රතිඵල අපි අතින් ඇතුළත් කළේ. මේ නිසා පැය හතරක් පමණ ප්‍රමාද වුණා. මේක මගේ වරදක් හැටියට දාන්න මාධ්‍යවල. මම වරද පිළිගන්නම්.

මේ ඡන්ද ක්‍රමයේ ප්‍රධාන පරමාර්ථය ගමේ මිනිස්සු රාත්‍රී ආහාරයට පෙර තමන්ගේ ප්‍රදේශයේ කොට්ඨාසයේ ඡන්ද ප්‍රතිඵලය දැනගත්තා. නමුත් මීඩියාවලට අසාධාරණයක් වුණා කියලා මම පිළිගන්නවා.

කොට්ඨාස කිහිපයක ඉලක්කම් වශයෙන් කිහිපයක් වැරදුණා. අපි ඒවා පුළුවන් ඉක්මනින් නිවැරදි කළා. ඡන්ද ගණන් කිරීමේදී බරපතළ ලෙස පැමිණිලි දෙකයි වාර්තා වුණේ. ගණන් කිරීම වැරදියි කියලා තමයි ඒ පැමිණිලි ආවේ. නමුත් ඒ වනවිට ප්‍රතිඵලය සහතික කරලා අවසන්. ඒ නිසා ප්‍රතිඵල සහතික කිරීමට පෙර අවස්ථා දෙකකදී නැවත ගණන් කිරීම සිදුකළ හැකියි. මේ සඳහා මුදල් ගෙවීමක්ද සිදු කළ යුතු නැහැ.

ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරියා නැවත ගණන් කිරීම් දෙකක් ලබාදිය යුතුයි. නමුත් ජනතාව අතර මතයක් තිබෙනවා මුදල් ගෙවන්න ඕන කියලා. මෙය මිථ්‍යාවක් බව මම කියනවා.

ඇත්තටම සභා දෙකක පළමුවැනියෝ දෙන්නෙක් හිටියා. අපි එහිදී කුසපත් ඇදීමකින් එක් අයකු තෝරාගත්තා. ඉතාම දුෂ්කර තත්ත්වයන් යටතේ අපේ පළපුරුදු නිලධාරීන් තම සේවය ඉතා හොඳින් ඉටුකළා.
අතුරුගිරියේ අපට ආවා පැමිණිල්ලක් එක මහත්මයෙක් කතා කරලා කිව්වා ඔහු දෘශ්‍යාබාධිත. එයා ඡන්දේ දාන්න ගියා ඥාති දියණියක් සමග. නමුත් එයා කැමති වුණේ නැහැ ස්ථාන භාර නිලධාරියාට කියා ඡන්දය ලකුණු කරන්න.

ස්ථානභාර නිලධාරියාට කියා කරන්න කැමති නැත්නම් පනතට අනුව විධිවිධාන තමයි අත වැඩ කරන්නේ. නැත්නම් ඇස් පේන්නේ නැත්නම් එයා අරගෙන යන්න ඕන වෛද්‍ය සහතිකයක් නැත්නම් ග්‍රාම නිලධාරී සහතිකයක්. අපි දිගින් දිගටම මේ ගැන ප්‍රචාරය කළා. එහෙත් මේ පුද්ගලයා එහෙම ගෙන ගියේ නැති නිසා ඔහුට ඡන්දය දැමීමට නොහැකි වුණා.

අපි අවසාන දවසේ දුරකථන අංක විස්සක් පමණ ප්‍රසිද්ධ කළා පැමිණිලි තිබෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. ඊට අමතරව පැය භාගයකින් පැය භාගයකට අපේ නියෝජිතයෙක් සෑම ඡන්ද ‍පොළකටම වෑන් රථයකින් පැමිණියා. ඔහුට ඉදිරිපත් කරන්න පුළුවන්කමක් තිබුණා ඕනෑම පැමිණිල්ලක්.

දහතුන් දහස් තුන්සිය හතරක් ඡන්ද ‍පොළ තිබුණා. ඒ අතරින් එක් පැමිණිල්ලක් තමයි විශේෂ එකකට තිබුණේ. සමස්ත වශයෙන් ගත්තාම ඉතාම සාමකාමීව ඡන්දය පැවැත්වුණු බව සතුටෙන් කියන්න පුළුවන්.

ඡන්ද‍පොළේ නියෝජිතයන් පත්කරන එකේ කිසිදු ගැටලුවක් ඇතිවෙයි කියා අපි හිතුවේ නැහැ. එහෙත් එක ඡන්ද‍පොළක නිලධාරියා වෙනුවට ‍ලේකම් ඡන්ද පෙට්ටි සීල් කළා. අපි ඒ සඳහාද අවශ්‍ය පියවර ගත්තා.

මේ ස්ථානයට පැමිණිලා නොයෙක් පුද්ගලයන් මට බලපෑම් කරනවා කියලා ප්‍රචාරය වුණා. ඒවා බොරු කතා. මේ ස්ථානයට ඇවිල්ලා කවුරුත් මට බලපෑම් කරලා යහතින් යන්නේ නැහැ කියලා මම නොබියව කියනවා.
දෙමළ භාෂාව භාවිත කරන, ලියන්න, කියන්න දන්න පිරිස්වල ලොකු අඩුවක් තිබෙනවා. මේ ගැන දැඩි අවධානයක් යොමුකරන්න ඕන.

අපි දීර්ඝ කලක් හැම ආණ්ඩුවකටම කියන කරුණක් තමයි අපේ රටේ ද්වීභාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා නම් හොඳයි. භාෂා දෙකම දන්න රජයේ නිලධාරීන් අවශ්‍යයි. රජයේ මුද්‍රණාලයේ දෙමළ භාෂාව දන්නා සෝදුපත් කියවන්නන් නෑ. විශ්‍රාමික කිහිපදෙනෙක්, පරණ අය නැහැ.

අපේක්ෂකයන් සියලුදෙනාගේ නම් භාෂා දෙකෙන්ම සෑම නිවසකටම යවන්න මම ගත්ත මෝඩ තීන්දුව නිසා ප්‍රමාදයක් වුණා. එහෙත් මම ජනතාවගේ යහපත වෙනුවෙන් මෙම තීරණය ගත්තේ.

මගේ අතිරේක ‍ලේකම්වරුන්ගේ කීම අහන්නේ නැතිව මම ගත්ත තීරණයත් එක්ක තරග කරන්නේ කවුද කියලා දැනගන්න ගෙවල්වලට අපි මේක යැව්වා.

මේ ගහන්න ගියාම දෙමළ සෝදුපත් කියවන අය එතැන නැහැ. මේ නිසා අපි ගාව ඉන්න සිංහල, දෙමළ දෙකම දන්න අය ඒ සඳහා යෙදෙව්වා. මේකෙන් අපේ ප්‍රමාදයකට හේතු වුණා.

බැලට් පේපර්වලට දෙමළෙන් ගහන්න තියන ඒවා එකිනෙක ප්‍රමාද වුණා.

ආණ්ඩුවේ විභාගයක් තියලා දෙමළ මාධ්‍යයට පමණක් අවශ්‍ය අය බඳවාගන්න ඕන කියලා අපි නැවතත් රජයට කියනවා.

ගම්පහ, වත්තල, තිහාරිය ඇතුළු ප්‍රදේශ රැසක පුද්ගලයන්ට අපි දෙමළ භාෂාවෙන් ලිපි යවන්න ඕන. එහෙත් ඒ තත්ත්වය සම්පූර්ණ වෙනකම් අපිට මේ කටයුතු කරන්න භාෂා දෙකම දන්න පුද්ගලයන් නැහැ.

අපි බලා‍පොරොත්තු වෙනවා පළාත් සභා ඡන්දය සැප්තැම්බර්වල වගේ වෙයි කියලා. මේ වැරදි එම මැතිවරණයේදී හදාගන්න පුළුවන් කියලා මම හිතනවා.
මැතිවරණ ප්‍රතිඵල ප්‍රමාද වුණේ ඇයි? පැය 72කට පසු මැකො කට අරියි වැරැද්ද පිළිගන්න බවත් කියයි මැතිවරණ ප්‍රතිඵල ප්‍රමාද වුණේ ඇයි? පැය 72කට පසු මැකො කට අරියි වැරැද්ද පිළිගන්න බවත් කියයි Reviewed by Anonymous on 12:22:00 PM Rating: 5

No comments:

Powered by Blogger.