Loading...

දිගන කම්පා කරමින් අමුතු ලෙස පිලිස්සී මියගිය එකම පවුලේ තිදෙනාගේ මරණයේ නොදත් කතාව! (VIDEO)



නිදන ඇඳන් හොඳටම පිච්චිලා ගිහින්..

මං කිව්වා ළමයි දෙන්න බේරා ගන්න හරි දොර කඩන්න කියලා..

පිළිස්සුම් තුවාල සහිතව අභිරහස් ලෙස මිය ගොස් සිටි තිදෙනෙකුගේ මළසිරුරු ඊයේ (10) පෙරවරුවේ දිගන, රම්බඩවත්ත ප්‍රදේශයේ නිවසක තිබී සොයාගෙන තිබුණා.

මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ පියා, දියණිය සහ පුත්‍රයායි. පිළිස්සුම් තුවාල ලබා මිය ගිය මෙම තිදෙනාගේ මළසිරුරු ඊයේ පෙරවරු 7.30 ට පමණ සොයා ගැනුණේ මැණික්හින්න පොලිස් වසමට අයත් දිගන, රජවැල්ල, රම්බඩවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේදී.

අසල්වැසි කාන්තාවක් පැවසුවේ නිවැසියන් පිළිබඳව සිදුකළ සොයා බැලීමේදී නිවසේ සිටි පුද්ගලයාගේ මළසිරුර දුටු බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි ඉන්දික පුෂ්පකුමාර හා ඔහුගේ 13 හැවිරිදි දුල්මි නවාංගනා සහ 5 හැවිරිදි ගයාන් ප්‍රේමතිලක යන දරු දෙදෙනායි.

අප වාර්තාකරු පැවසුවේ පියාගේ සහ පුත්‍රයාගේ මළසිරුර නිවසේ කාමරයක පිළිස්සී ගිය නිදන ඇඳන් අසල තිබී සොයාගෙන ඇති බවයි.

දියණියගේ සිරුර සොයාගෙන ඇත්තේ නිවසේ සාලයේ බිම වැටී තිබියදී.

අදාළ පවුලේ මව විදෙස් ගතවී ඇත්තේ වසර 2 කට පමණ ඉහතදී.

සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය මහනුවර අතිරේක මහේස්ත්‍රාත් යුරේෂාද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද සිදුකෙරුණා.

දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණය හෙට මහනුවර මහ රෝහලේදී සිදුකිරීමට නියමිතයි.

පොලිසිය සඳහන් කළේ ගින්නට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නොමැති බවයි.

එසේම මොවුන් මියගොස් ඇත්තේ ගින්න හේතුවෙන් ද නැතහොත් වෙනත් හේතුවකින් ද යන්න මෙතෙක් හෙළි වී නැහැ.


දිගන කම්පා කරමින් අමුතු ලෙස පිලිස්සී මියගිය එකම පවුලේ තිදෙනාගේ මරණයේ නොදත් කතාව! (VIDEO) දිගන කම්පා කරමින් අමුතු ලෙස පිලිස්සී මියගිය එකම පවුලේ තිදෙනාගේ මරණයේ නොදත් කතාව! (VIDEO) Reviewed by Anonymous on 4:32:00 PM Rating: 5

No comments:

Powered by Blogger.