Loading...
ජීවිතේ මම ගත්ත හොඳම තීරණේ විවාහය ,මම දෙවන වරටත් අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ - ඕෂධී හේවාමද්දුම
මම දෙවන වරටත් අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ. ඒ නිසා මම ගොඩක් මගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙනවා. මගේ කුස තුළ ඉන්න දරුවා මේ ලෝකෙට එන්නත් කලින් මම එයාට සම්පූර්ණ ආරක්ෂාව දෙනවා. ජූලි මාසේ වෙනකොට අපේ දරු පැටියා ගෙදර ගේන්නයි මමයි සැමියයි ආදරයෙන් බලාගෙන ඉන්නේ.
ඕෂධීට පුතෙක් ඉන්න නිසා මේ පාර බලාපොරොත්තු වෙන්නේ දූ පැටියෙක්ද?
(හිනැහී) අපිට දැන් පුතෙක් ඉන්නවනේ. ඒ හින්දා හැමෝම කියන්නේ දුවෙක් ආවොත් හොඳයි කියලා තමයි. මොකද එතකොට පවුල සම්පූර්ණ වෙන නිසා. මම නම් කවුරු ආවත් සතුටින් බාර ගන්නවා. පුතෙක් ආවා කියලා පුතාලා වැඩි වෙන්නේ නැහැනේ. දූ පැටියෙක් ලැබුණොත් ඉතින් අපේ පවුලම අංග සම්පූර්ණයි. ඒ කොහොම වුණත් මම ප්‍රාර්ථනා කරන්නේ නීරෝගී දරු පැටියෙක්.
එකතොට තාත්තා ඕෂධීගෙන් මේ පාර ඉල්ලුවේ දුවෙක්ද පුතෙක්ද?
තාත්තා නම් කියන්නේ හුරතල් ලස්සන චූටි දූ පැටියෙක් ඕනේ කියලා. ඒත් එයා වේලාවකට මට කියනවා කවුරු ලැබුණත් එයා අපේනේ කියලා.
ලොකු පුතා නම් ආශාවෙන් බලාගෙන ඉන්නේ සෙල්ලම් කරන්න මල්ලියෙක් ගෙදර ගේනකම් නේද?
එයා කියන්නේම අම්මි මට නම් ඕනේ මල්ලියෙක්මයි කියලා. (හිනැහී) එහෙම වුණොත් එයාට සෙල්ලම් කරන්න ලේසියි නේ. ඒත් ඉතින් නංගියෙක් එයාගේ අතට දුන්නම එයා නංගිවත් ආදරෙන් බලා ගනීවි කියලා මට හිතෙනවා. මොකද ඉතින් අයියලා නංගිලට ගොඩක් ආදරෙයිනේ.
පුතාව කලාව පැත්තෙන් ඉස්සරහට ගෙනියන්න අදහසක් නැද්ද?
ලොකු පුතා නම් පුංචි කාලේ ඉඳලම වෙළෙඳ දැන්වීම් වලට, වගේම නිර්මාණ කිහිපයකටම ඉල්ලුවා. මම ඇත්තටම දුන්නේ නැහැ. හැබැයි පිරිමි ළමයෙක් නිසා නළුවෙක් වෙනවට වඩා අධ්‍යාපනයෙන් ඉහළට යන්න ඕනේ කියලයි මං විශ්වාස කරන්නේ. අධ්‍යාපනය ඉවර කළාට පස්සේ එයා කැමති වෘත්තියක් තෝර ගත්තට මට ප්‍රශ්නයක් නැහැ.
එතකොට මේ පාර දුවෙක් ලැබිලා දුව කවදා හරි කිව්වොත් අම්මේ මටත් නිළියක් වෙන්න ඕනේ'' කියලා. ඕෂධී අවසර දෙනවද?
දුවෙක් හම්බ වෙලා එයා නිළියක් වෙන්න ඕනේ කියලා කිව්වොත් අවසර දෙන්න වෙනවා. මොකද මමත් නිළියක්නේ. හැබැයි එයා නිළියක් වුණොත් නම් මට පස්සෙන් හිඳගෙන ගයිඩ් කරන්නම වෙනවා. මොකද මම විවාහ වෙලා පුතා ලැබිලත් මගේ අම්මා තාමත් පිටිපස්සෙන් ඉන්නවනේ. ඒ වගේ හරි රැකවරණයක් තියෙනවා නම් මේ ක්ෂේත්රය ගැහැනු දරුවෙකුට නරක තැනක් නමෛයි කියලයි මම විශ්වාස කරන්නේ.
ඔබ විවාහ වෙලා දැනට අවුරුදු 11ක් ගතවෙනවා. මේ ගෙවුණු කාලය ගැන ඔබට මොකද හිතෙන්නේ?
මගේ ජීවිතේ මම ගත්ත හොඳම තීරණේ විවාහය කියලා මට හිතනවා. මම විවාහ වෙනකොට අවුරුදු 22යි. සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම නිළිය වෙලා මාස දෙකකින් තමයි මම විවාහ වුණේ. එතකොට මගෙන් හැමෝම ඇහුවා ''හිට්'' වෙලා ඉන්න කොට ඇයි දැන්ම බඳින්නේ කියලා. සාමාන්‍යයෙන් පුරුද්දක් විදිහට නිළියෝ වයස 30 පැන්නට පස්සේ බඳින ටේරන්ඩ් එකක්නේ තියෙන්නේ.
මං බැන්දට පස්සේ අපේ පරම්පරාවේ ගොඩාක් අයත් ඉක්මනට විවාහ වුණා. මං හිතනවා මම 22න් විවාහ වුණා කියලා. මගේ රංගන ජීවිතේට හානියක් වුණේ නැහැ කියලා. මොකද මට හොඳ සැමියෙක් ලැබුණා. එයා මට කොයි තරම් සහයෝගයක් දෙනවද කියලා මා ළඟින් ඉන්නා හැමෝම දන්නවා. ඕෂධී හේවාමද්දුම කියන්නේ සාර්ථක රංගන ශිල්පිනියක් වගේම සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන කාන්තාවක් බවත් කියන්නම ඕනේ.
ලක්බිම
ජීවිතේ මම ගත්ත හොඳම තීරණේ විවාහය ,මම දෙවන වරටත් අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ - ඕෂධී හේවාමද්දුම
Reviewed by Anonymous
on
12:40:00 PM
Rating:
No comments: