Loading...

රටම කම්පා කරමින් නොසිතූ ලෙස නොඑන ගමන් ගිය එකම පවුලේ 4දෙනාට අත්වූ ඉරණමේ නොඇසූ කතාව! (VIDEO)


හැමදාම කන්තාලේ යන වෑන් එක කැඩිලා නිසා ත්‍රිරෝද රථයේ ගිහින්..

දියණිය ගමන පිටත්වීමට පෙර දෙවතාවක්‌ රියෙන් බැහැලා අදිමදි කරලා..

පසුගිය 02 වනදා ගලේවෙල – දඹුල්ල මාර්ගයේ යටිගල්පොත්ත ප්‍රදේශයේදී උදෑසන සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ හතරදෙනෙකු මියගොස් තිබුණා. පත්ව තිබෙනවා.

ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක ගැටීමෙන් සිදුවුණු මෙම මාරක අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ මව, පියා, පුතා සහ දියණියයි.

මුළු රටක්‌ කම්පනයට සිදු වූ මෙම මාරක අනතුරින් මියගිය පුතා හා දියණියගේ සහ මාපිය යුවළගේ දේහයන් ඊයේ (3) දහවල් අත්තනගල්ල පෙදෙසට ගෙන ආවේ දහස්‌ සංඛ්‍යාත අසල්වාසීන් නෙත්වලට කඳුළු එක් කරමින්. කිසිවෙකුත් නොසිතූ මොහොතක මෙලොවින් සමුගත් එකම පවුලේ සිව් දෙනාගේ මාරක අනතුර ගැන පුවත් පතක පළ වූ සටහනක් පහතින්.

පෙරේදා (2දා) අලුයම ගලේවෙල ප්‍රදේශයේදී මෙසේ අවසන් ගමන් ගියේ එකම පවුලේ සාමාජිකයන් වූ අත්තනගල්ල වෙලගෙදර දෙව්මිණි නිවසේ පදිංචි ව සිටි ඩබ්ලිව්. යූ.ඒ. රණසිංහ 48, ජයලත් නිල්මිණි 42, ඩිලන්ත ෂෙශාන් 20, උමේෂා දෙව්මිණි 8 යන පිරිසයි.

අග්බෝපුර උපන් රණසිංහ යුද හමුදාවේ සේවය කරද්දී වේයන්ගොඩ දී දැන හඳුනාගත් රඹුක්‌කන යුවතියක වූ නිල්මිණි හා දිවි ගමන් ඇරඹුවේ කාගේත් ආශිර්වාදය මැදය. ගොවිතැනින් දිවි රැකගත් පවුලේ ආරක්‌ෂකයා වූයේද මේ පුතුය. දෙවසරක්‌ යුද හමුදාවේ සේවය කර ඉන් ඉවත් වූ රණසිංහ විදේශ ගතවූයේද බිරිඳ සමගය. වරින්වර වසර ගණනාවක්‌ එහි සේවය කර අතමිට සරුකරගත් රණසිංහ දරු මල්ලන් සමග වෙලෙගෙදර ප්‍රදේශය සිය දිවිය ගත කරන්නට තෝරා ගත්තේ තම ව්‍යාපාරය වැඩි දියුණු කර ගනු පිණිසය.

අත්තනගල්ලේ සුළුවෙන් පටන් ගත් තිරරෙදි නිපදවීම දිනෙන් දින දියුණුවට පත් වෙද්දී එහි ශාඛාවක්‌ තම උපන් ගමවූ කන්තලේ පිහිටු වූ රණසිංහ තවෙකක්‌ ඇල්පිටියේ ආරම්භ කළේ අනාගතය සරු කර ගන්නා අදහසිනි. එම ව්‍යාපාර පවත්වාගෙන යැම සහෝදරයන්ට බර කළ හෙතෙම වරින් වර එහි යමින් එමින් සියල්ල නොපිරිහෙල ඉටු කරනු ලැබුයේ මහා කළමනාකාරිත්වයක්‌ පෙන්නුම් කරමිනි.

පසුගිය 30 දා රණසිංහ මහතා සිය බිරිඳ, ලොකු පුතා හා එකම දියණිය සමග කන්තලේ බලා පිටත් වූයේය. වෙනදා මේ ගමන වන වෑන් රිය අබලන්වීම නිසා එදා මේ ගමනට යොදා ගත්තේ ළඟදී මිලදී ගත් ත්‍රිරෝද රියයි. වෙන දිනවල කන්තලේ යැමට දැඩි රුචියක්‌ දක්‌වන දියණිය මෙදා ගමන පිටත්වීමට පෙර දෙවතාවක්‌ රියෙන් බැස සාලයේ පුටුසැටියේ නිදා ගත්තේ සිදුවන්නට නියමිත වින්නැහියේ පෙරමග සලකුණු දක්‌වමින් බව මේ ගමනේ නොයෙදුණු පුතුන් දෙදෙනා හා කළ කතා බහේදී දැන ගන්නට ලැබිණි.

මවත් පියාත් අයියන්ඩියත් එකම නැගනියත් අහිමිව සිටින දෙසොහොයුරයන් වන සජිත් සිතාර හා අයාන් හිරන්ත 16 නිවසේ සාලයේ තැන්පත් කර ඇති දේහයන් අබියස කල් ගෙවන්නේ සිදුවූ කිසිවක්‌ තවමත් සිතා ගන්නට නොහැකි ශෝකයෙනි.

නිට්‌ටඹුව ප්‍රදේශයේ වඩාත් ප්‍රචලිත සංගීත කණ්‌ඩායමක නියාමක ගායන ශිල්පියා ලෙස කටයුතු කළේ මේ ගමනින් දැයට අහිමිවූ ලොකු පුතුය. පුතුගේ සංගීත දිවිය ඔපවත් කිරීමේ අරමුණින් පියාත් මවත් මැයි මස 5 වැනිදා කන්තලේ සැණකෙළියක්‌ පැවැත්වීමේ සූදානමක සිටි නිසා මේ ගමනේදී ඒ සම්බන්ධයෙන් ද කටයුතු කිරීමට ඔවුහු පියවර ගත්හ. තවද කන්තලේ දී පැවැත්වෙන පොලිස්‌ අවුරුදු ප්‍රසංගයේ ගීත ගැයීමේ අවස්‌ථාවක්‌ද මේ පුතුට ලබා ගැනීමටද මේ ගමනින් අවස්‌ථාව සැලසිනි.

මේ ගමනේදී සියලු දෙනා අතහැර ගිය දියණිය වල්පොල කනිටු විදුහලේ තෙවැනි ශ්‍රෝණියේ ඉගෙනුම ලබන්නියකි. ඇගේ ගුරුවරුන් මෙන්ම සහෝදර සිසුන්ගෙන් නිවස පිsරී ගියේ සිදුවූ වියෝව එකසේ දැනුණු නිසාවෙනි.



රටම කම්පා කරමින් නොසිතූ ලෙස නොඑන ගමන් ගිය එකම පවුලේ 4දෙනාට අත්වූ ඉරණමේ නොඇසූ කතාව! (VIDEO) රටම කම්පා කරමින් නොසිතූ ලෙස නොඑන ගමන් ගිය එකම පවුලේ 4දෙනාට අත්වූ ඉරණමේ නොඇසූ කතාව! (VIDEO) Reviewed by Anonymous on 8:57:00 AM Rating: 5

No comments:

Powered by Blogger.