Loading...
ශරීරය අභ්‍යන්තරයේ පිළිකාවක් වර්ධනය වන බව හගවන පුර්ව පිළිකා රෝග ලක්ෂණ මෙන්න
මහනුවර ශික්ෂණ රෝහලේ, පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ඔබේසේකර මහතා මේ පිළිබඳව දැක් වූ සවිස්තරාත්මක කරුණු මෙසේ ය.
දැන් දැන් පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාත්මක වැඩිවීමක් දක්නට ලැබෙන්නේ ඇයි?
වත්මන් සමාජයේ බහුතරයක් පිරිස බෙහෙවින් කාර්ය බහුලයි. අම්මා තාත්තා දෙන්නාම රැකියාවට යනවා. ළමයි පාසල් යනවා අමතර පන්තිවල රෑ වනතුරු යනවා. මේ නිසා ආහාර සඳහා ගන්නා කාලය, අවධානය උනන්දුව බෙහෙවින් අඩුයි. නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා එක් පුද්ගලයෙකු අවම වශයෙන් එළවළු වර්ග හතරක් සහ පලතුරු වර්ග දෙකක් දිනපතා ආහාරයට ගත යුතුයි. එයට කෙඳී සහිත ආහාරයක් එකතු විය යුතුමයි. පිරිසුදු ජලය අවශ්‍ය පමණ පානය කිරීම අත්‍යවශ්‍යයි. සිරුරට හොඳ ව්‍යායාම ලැබීම අපගේ සෑම ඉන්ද්‍රියකම, පේෂියකම ක්‍රියාකාරිත්වයට ඉතා වැදගත්.
අතීතයේ සහ වත්මන් ග්‍රාමීය ප්‍රදේශවල ගැමියෝ අදටත් හොඳ ජීවන රටාවක් පවත්වාගෙන යනවා. ඔවුන් ව්‍යායාම සඳහා වෙනම කාලයක් ගත කරන්නේ නැහැ. අලුයම අවදි වූ මොහොතේ සිට සවස්වනතුරු ගොවිතැන් කටයුතුවල වත්තේ පිටියේ හේනේ වැඩ දහඩිය දමනතෙක් සිදු කරනවා. ඇවිදිනවා. පලා එළවළු පිරි පළතුරු සපිරි සමබල ආහාර ගන්නවා. අදටත් එවැනි පුද්ගලයා හොඳ නිරෝගී ජීවිත ගත කරනවා.
නමුත්, කාර්යබහුල යැයි කියන බොහෝ පිරිස්, නගරබද පිරිස්, ක්ෂණික ආහාර (ෂෝර්ට්ටීස්, බේකරි නිෂ්පාදන, හෝටල් කෑම) වලට පුරුදු වී සිටිනවා. නගර බද රැකියා නොකරන ගෘහණිය පවා නව තාලයට, සෝස් වර්ග යෙදූ ආහාර, රතු මස බහුල ආහාර, කෘත්‍රිම රසකාරක, යොදමින් පෝෂ්‍යදායි එළවළු පවා විකෘති කරමින් පිසීමට හුරු වී සිටිනවා. රෙදි සෝදන යන්ත්‍ර සෙසු සියලුම වැඩපහසු කරන උපකරණ භාවිත කරමින්, අලස ජීවිත ගත කරනවා.
මේ තත්ත්වය නිසාවෙන්මයි, පෙර නොවූ විරූ තරම් අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, රුධිරයේ අධික සීනි මට්ටම් ඇති රෝගීන් විශාල පිරිසක් බිහිවී සිටින්නේ පිළිකා රෝගයට ප්‍රවේශ වෙන ප්‍රධාන මාර්ගයක් වන්නේ ද වැරදි ආහාර රටාවයි.
පිළිකා සායනවල වැඩි පිරිසක් කාන්තාවන් දක්නට ලැබීම විශේෂත්වයක් නේද?
ආසියාතික රටවල දශක කිහිපයකට පෙර සංඛ්‍යා දත්ත මඟින් සනාථ වී තිබුණේ වැඩිම පිළිකා රෝගීන් සංඛ්‍යාවක් සිටින්නෙන් මුඛ පිළිකා සහ ගැබ්ගෙල පිළිකා සඳහා බවයි.
නමුත් අද වන විට ශ්‍රී ලංකාවේ, පිළිකා රෝගීන් ගෙන් වැඩි පිරිසක් පියයුරු පිළිකා රෝගීන්, දෙවන තැන ගැබ්ගෙල පිළිකා, තෙවන තැන බඩවැල් පිළිකා සහ සිව්වන තැන පෙනහලු පිළිකා. පිළිකා රෝගීන්ගෙන් සියයට අසූවක් අනූවක් ම ඉහත කී පිළිකා තත්ත්වයන් ඇති අය. නමුත් පිළිකාව හිසේ සිට දෙපතුළ දක්වා ඕනෑම තැනක හටගැනීමේ ඉඩ ප්‍රස්ථාව සහිතයි. මොළයේ ඇතුළත, ඇස්වල, කන, උගුර, නාසය, අන්නස්‍රෝතය, ස්වරාලය, ආමාෂය, සම, මාංශ පේෂී, ඇටමිදුළු, ස්ත්‍රී ලිංගයේ, පුරුෂ ලිංගයේ, ඒ ආශ්රිත ග්රන්ථ ලේවල ඇතුළු සෙසු සෑම තැනකම පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවය සියයට 10ක් පමණ වෙනවා.
පියයුරු, ගැබ්ගෙල, බඩවැල් සහ පෙනහලු පිළිකා තත්ත්වයන් වැඩිවීමට හේතු කවරක් ද?
මා මුලින් කී පරිදි පිළිකා ඇති වීමට බෙහෙවින් බලපාන්නේ වැරදි ආහාර පුරුදු ඊට අමතරව ඒ ඒ තත්ත්වයන්ට බලපෑ හැකි හේතු වෙන්වෙන් ව දැක්විය හැකියි.
පියයුරු පිළිකා ඇතිවීම සඳහා සිරුරේ ඊස්ට්‍රජන් චක්‍රයේ ඍජු බලපෑමක් තිබෙනවා. වයස අවුරුදු හත අට කාලයේ දී අඩුවයසින් වැඩිවියට පත්වන ගැහැනු දරුවන්ට දරුවන් ඇතිවීමේ හැකියාව නැති කාන්තාවන්ට වයස අවුරුදු 30න් පසුව පළමු දරුවා බිහිකළ මව්වරුන්ට මෙම රෝගී තත්ත්වය ඇති වීමේ අවදානම වැඩියි. විවාහක කාන්තාවන් පවුල් සැලසුම් ක්‍රමයක් වශයෙන් පාවිච්චි කරන ‘ගිලින පෙති’ බීමෙන් ද සිරුරේ ඊස්ට්‍රජන් චක්‍රය වෙනස්් වෙනවා. අධික තරබාරු කාන්තාවන්ට ද (ස්ථුලභාවය), පවුලේ පිළිකා රෝගීන් සිටි තත්ත්වය අනුව ජානමය හේතු මත ද පියයුරු පිළිකා ඇතිවිය හැකියි.
පියයුරු සම මත වෙනසක් ඇත්නම්, තණ පුඩු පිපිරී ශ්රාවයක් ගලයි නම්, සෙන්ටි මීටරයකට තරම් වත් නැති (රවුම් පැරසිටිමෝල් පෙත්තක් වඩා කුඩා) කුඩා ගැටිත්තක් ඇත්නම්, මූලික අවස්ථාවේ දී හඳුනාගත් විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් සුවවිය හැකි පතිකාර ලබා ගත හැකියි.
ගැබ්ගෙල පිළිකා තත්ත්වය මෙයට දශක දෙකකට පෙර ඉතා ශීඝ්‍රයෙන් පැතිරුණ රෝගයක් ලෙස පැවතියා. නමුත් සෞඛ්‍ය අංශවල මැදිහත් වීමෙන්, මව්වරුන්ට, නොමිලේ පවත්වන පැප් පරීක්ෂණ (Tenusmus) හේතුවෙන් ගැබ්ගෙල පිළිකාව ඇතිවීමට වසර 10කට පෙර හඳුනා ගැනීමේ අවස්ථාව උදා වී තිබෙනවා. ගැබ්ගෙල පිළිකාව ඇතිවීමට ප්‍රධාන හේතුව වෛරස් ආසාදනයක්. පිළිකා කාරක වෛරසය බහු පුරුෂ සේවනය හෙවත්, වැඩි පිරිසක් සමඟ ලිංගික ඇසුරක් පවත්වන කාන්තාවන්ගේ සිරුරට ඇතුළු වූවායින් පසුව බෝවීමේ ප්‍රවණතාවයක් ඇති වෙනවා.
පුරුෂයකු කාන්තාවන් රැසක් ඇසුරු කළ විට ද මෙම තත්ත්වය ඇති වෙනවා. විදේශ ගත වූ කාන්තාවන්ට ද මෙම රෝගය වැළදීමේ ඉඩ වැඩි බවත් වයස අවුරුදු 14 – 15 වයස්වල තරුණ තරුණියන් ලිංගික ඇසුර පටන්ගත් විට ඔවුන් දීර්ඝ කාලයක් එම ඇසුර පවත්වනවා. මේ හරහා වෛරස් අවධානම වැඩියි. ගැබ්ගෙල පිළිකා ඇතිවීම සඳහා අපිරිසුදු ජීවන පුරුදුවල බලපෑමක් ද තිබෙනවා.
දුගඳක් ඇතිව හෝ නැතිව ලිංගික ප්‍රදේශයේ ශ්රාවයක් නිකුත් වීම, ලිංගික සබඳතා පැවැත්වීමේ අපහසුතා ඇති වීම, ලේ ගැලීම් ආදී රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. පළමු දෙවන අදියරයන්හි නිසි ප්‍රතිකාර ලබා ගතහොත් සුව කර ගත හැකියි. බඩවැල් පිළිකා ඇතිවීමට ප්‍රධාන හේතුව පෝෂ්‍යදායි ආහාර නොගැනීමයි. හරක් මස්, එළු මස්, බාබක්‍යු වැනි රතු මස් වර්ග ආහාරයට ගැනීමත්, කොළවර්ග, එළවළු, පලතුරු ආහාරට නොගැනීමත් මත, කෑම දිරවීම ප්‍රමාදවෙමින් එම ආහාර බඩවැල්වල අභ්‍යන්තර බිත්ති සමඟ ප්‍රතික්‍රියා කරමින් පිළිකා කාරක නිපදනවා. වැඩි කාලයක් අපගත් ආහාර ජීර්ණය නොවී ආමාශයේ රැඳී තිබීම මෙම රෝගය ඇති වීමට මූලික හේතුවක්.
නිතර නිතර බඩ පුරවා දැමීම, මළපහ කිරීමේ රටාවේ වෙනසක්, වැඩිපුර මළපහ කිරීම හෝ, දින ගණනක් මළපහ නොකිරීම, මළපහ කිරීමේ අවශ්‍යතාවය දැනුන ද මළපහ නොයාම , අසූචි සමඟ ලේ පිටවීම, කෑම අරුචිය, වැනි රෝග ලක්ෂණ දැකිය හැකිය. බොහෝ අවස්ථාවල මෙවැනි රෝගීන් අපට මුණ ගැසෙන්නේ තෙවන හෝ සිව්වන අවස්ථාව තෙක් රෝගය පැතිර අවසන් වූ විටයි. එහෙයින් බඩපිපුම, හෝ මළපහ කිරීමේ රටාවේ යම් කිසි වෙනසක් ඇති වෙත්ම, වෛද්‍යවරයෙකු වෙත යොමු වී පරීක්ෂණ සිදු කර ගැනීම සුදුසුයි.
පෙණහලු පිළිකා ඇතිවීම ශ්‍රී ලංකාව තුළ බහුලව දක්නට ලැබෙනවා. දුම්කොළ සහ සිගරට් භාවිතය, රසායනික මිශ්‍ර වායු, කෘෂි රසායන හෝ වාහන දුම් ආග්‍රහණය කිරීම, නිකල් කැඩ්මියම් ආසනික්, වැනි කර්මාන්තශාලාවල සේවය කරන පුද්ගලයින්ට පෙනහලු පිළිකා වැළදීමේ අවධානම වැඩියි. කාන්තාවන්ට පෙනහලු පිළිකා වැළදීමේ වැඩි ඉඩක් ඇත්තේ සිගරට් දුම ආග්‍රහණය කිරීමට සිදුවීමයි. සිගරට් දුම ගන්න හුස්මේ පිළිකා කාරක 400ක් ඇතුළත් වූවත්, එළියට පිටරකන හුස්මේ පිළිකා කාරක 1200ක අධික කොටසක් තිබෙනවා.
මාස දෙකකට වැඩි කැස්ස පැවතීම, කැස්සේ දී ලේ සහිත කෙල පිටවීම, බෙල්ල අවට කුද්දැටි මතුවීම රෝග ලක්ෂණ ලෙස දැක්විය හැකියි.
සියලුම රෝගීන් සඳහා ලබා දිය යුතු ප්‍රතිකාර ශ්‍රී ලංකාවේ තිබෙනවා ද?
ඔව්. මහරගම පිළිකා රෝහල සියලු ප්රතිකාරවලින් පරිපූර්ණයි. දිස්ත්‍රික් රැසකින් මහනුවර රෝහලේ පිළිකා සායනයට පැමිණෙන රෝගීන් දිනෙන් දින වැඩිවෙනවා. මෙම වසරේ දී මහනුවර පිළිකා සායනයට පැමිණි රෝගීන්ගෙන් 4000ක් නව රෝගීන් ලෙස ලියාපදිංචි වී තිබෙනවා. නේවාසික ප්‍රතිකාර සඳහා ඇඳන් 90ක් තිබෙන නමුත් දිනකට සියයකට අධික රෝගීන් පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
රෝගීන්ට පහසුකම් සහිතව ප්‍රතිකාර ලබා ගැනීමට නව පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් රෝහල් තුළ ඉදිකිරීමට සැලසුම් සකස් කර තිබෙනවා. ඒ යටතේ නවීන ප්‍රතිකාර විකිරණ යන්ත්‍ර ආදියෙන් සමන්විතව මහරගම පිළිකා රෝහල සේම සියල්ලන්ගෙන් සමන්විත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිවේවි.
මහනුවර ශික්ෂණ රෝහලේ, පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ඔබේසේකර
ශරීරය අභ්‍යන්තරයේ පිළිකාවක් වර්ධනය වන බව හගවන පුර්ව පිළිකා රෝග ලක්ෂණ මෙන්න
Reviewed by Anonymous
on
10:06:00 AM
Rating:
No comments: