Loading...
දෙහිවල නිවසේ කාමරයක කුලියට නැවතී සිටි චීන තරුණියට අතවර කල 9 වසරේ සිසුවා
අද රටේ වැඩම අපරාධ ක්රියාකාරකම් වලට සම්බන්ධ වන්නේ තරුණයින්
විශේෂයෙන්ම පාසල් යන වයසේ සිසුන්
මොවුන් මෙලෙස පෙළඹෙන්නේ දෙමාපියන්ගේ නොසැළකිලිමත් කම නිසාමත් නොවෙයි
ඔවුන් අන්තර්ජාලය හරා නරඹන යම් යම් දේවල් නිසා වන්නත් පුලුවන්
ඒ මොනවා වුනත් අන්තිමට වරද යන්නේ හදපු වඩපු අම්මටයි තාත්තටයි
මේ කියන්න යන්නෙත් ඒ වගේම 9ය වසරේ ඉගෙන ගන්න පාසල් සිසුවෙක් කරපු නරුම වැඩක් ගැනයි
අවුරුදු 14 ක පාසල් සිසුවෙකු තමන්ගේ නිවසේ කුලියට සිටි චීන කාන්තාවකට ලිංගික අතවරයක් කර තිබෙනවා
චීන කාන්තාව සංචාරක සමාගමක සේවය කරන අතර ලිංගික අතවරය කළ සිසුවාගේ නිවසේ කාමරයක් කුලියට ගෙන ඇය පදිංචිව සිටි තිබුණා
පසුගිය 24 වැනිදා චීන කාන්තාව කාමරයේ නිදා සිටින අවස්ථාවේ සිසුවා පැමිණ ඇයට ලිංගික අතවරයක් කර ඇති අතර පසුව ඔහු ඇයට තම ඇඟ සම්බාහනය කරන ලෙස පවසා තිබෙනවා
නමුත් ඇය ඊට අකමැති වූ නිසා සිසුවා ඇයගේ මුහුණට පහර දී ඇති බවයි දැන ගන්නට ලැබෙන්නේ
පසුව චීන කාන්තාව ඒ ගැන දෙහිවල පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව ඇයව වයිද්ය පරීක්ෂණයක් සඳහා කලුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කර පසුව ගල්කිස්ස අතිරේක මහේත්රාත්වරිය වෙත ඉදිරිපත් කර තිබුණා
කෙසේ වෙතත් සැකකාර සිසුවාව දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ගල්කිස්ස මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අතිරේක මහෙස්ත්රාත් ප්රහර්ෂා රණසිංහ මහත්මිය විසින් ඔහුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහරිමින් මවුපියන් හට භාර දීමට නියෝග කර තිබෙනවා
දෙහිවල නිවසේ කාමරයක කුලියට නැවතී සිටි චීන තරුණියට අතවර කල 9 වසරේ සිසුවා
Reviewed by Anonymous
on
10:49:00 AM
Rating:
No comments: