Loading...
වටිනාකම ලක්ෂ 3යි! අනතුරු බහුල රෝද හතරෙ වාහනයක් ලංකාවට ගෙන්වීමේ සැලසුමක්! (VIDEO)
ඉන්දියාවේ භාවිතය තහනම් කර තිබෙන රෝද හතරේ වාහනයක් ලංකාවට ගෙන්වීමට සැලසුම් කර ඇතැයි ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමය සඳහන් කරනවා.
පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී මුදල් අමාත්‍ය රවී කරුණානායක කියා සිටියේ ත්‍රිරෝද රථයටත් වඩා අඩු මුදලකට රෝද හතරේ වාහනයක් රටේ ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව ලබාදෙන බවයි. නමුත් එහිදී එම වාහනය කුමක්ද යන්න හෙළි කෙරුණේ නැහැ.
ඉන්දියාවේ බජාජ් සමාගම මේ වන විට එම වාහනය වෙළෙද පොළට හදුන්වා දී ඇති අතර එය කොඩ්රිසයිකලය Qute නමින් නම් කර තිබේ. මෙහි මිල අමෙරිකානු ඩොලර් 2000ක් (රුපියල් ලක්ෂ 3ක්) පමණ වේ.
මින් රථ කිහිපයක් ශ්‍රී ලංකාවට මේ වනවිට ගෙන්වා ඇති අතර, මේ දිනවල එම රථ තත්ව පරීක්ෂාවට ලක්කරමින් ඇති බවද වාර්තාවේ. ළඟදීම මෙම කොඩ්රිසයිකලය මෙරට ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති අතර රජයේ බදු ඇතුළත්ව අළෙවි කෙරෙන මිල තවමත් තීරණය කර නැත.
මේවනවිට ලොව මිලෙන් අඩුම කාරය ලෙස සැලකෙන ටාටා නැනෝ රථයද මෙරටදී රුපියල් මිලියන 1.4ක් පමණ වේ. ඒ අනුව අපට මේ ලැබෙන රෝද හතරේ වාහනය ලෝකයේ මිල අඩුම කාරයද නොවේ.
පැයට කිලෝමීටර් 70 වේගයෙන් යා හැකි මෙම රථය නිපදවා ඇත්තේ නාගරික භාවිතය සඳහායි. රියැදුරුද සමග ගමන්කළ හැකි පුද්ගලයින් ගණන 04කි. පෙට්‍ර්ල් ලීටරයකින් කිලෝ මීටර් 36ක් ධාවනය කිරීමට හැකියාව ද තිබේ.
මෙම වාහනය ඉන්දියාවේ නිෂ්පාදිත එකක් බවත්, එහෙත් එම වාහනය ධාවනයේදී අනතුරු බහුලවීම නිසා ඉන්දියාවේ භාවිතය තහනම් කර තිබෙන බවත් එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ඊයේ (04) පැවැති මාධ්‍ය සාකච්ජාවකදී සඳහන් කර තිබුණා.
මේ නිසා මෙම ක්‍රියාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බවත්,ඊට පෙර මේ මස 06 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සංදේශයක් බාර දෙන බවත් හෙතෙම පවසා සිටියේය.
වටිනාකම ලක්ෂ 3යි! අනතුරු බහුල රෝද හතරෙ වාහනයක් ලංකාවට ගෙන්වීමේ සැලසුමක්! (VIDEO)
Reviewed by Anonymous
on
11:02:00 AM
Rating:
No comments: