Loading...
අපවත්වී වදාළ බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වූ දේ
බෙල්ලන්විල රාජමහා විහාරයේ විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ මරණයට හේතුව ඇද වැටී ඉලඇට කැඩී යෑමෙන් සිදුවූ තුවාල නිසා කම්පනය, වේදනාව හේතුවෙන් වූ හෘදයාබාධයක් බව සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී තිබෙනවා.
උන්වහන්සේගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී පෙරේදා (3) සවස පවැත්වුවා.
කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී පී. බී. දසනායක සහ ජ්‍යෙෂ්ඨ චතුර නන්දසිරි යන මහත්වරු මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන්ගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකළා.
උන්වහන්සේගේ ඉලඇට 9 ක් පමණ කැඩී බිඳී ගොස් තිබූ බවත් දකුණු අතට තුවාල සිදුවී තිබූ බවත් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී හෙළිවී තිබෙනවා..
මහාචාර්ය නාහිමිපාණන් පසුගිය 2 වැනිදා පෙරවරු 9.00 ට පමණ විහාරස්‌ථානයේ සිටින “මියන් කුමාර” නමැති ඇතාට ආහාර ලබාදීමේදී සිදුවූ අනතුරකින් කළුබෝවිල මහ රෝහලටත් පසුව කොළඹ පෞද්ගලික රෝහලටත් ඇතුළත් කරනු ලැබුවා.
එම රෝහලේදී සිදුකරන ලද පැය 10 ක ශල්‍යකර්මය අතරතුරදී උන්වහන්සේ අපවත් වී තිබුණා..
මේ අතර උන්වහන්සේගේ හදිසි මරණ පරීක්‍ෂණයේ සාක්‍ෂි විභාගය බොරලැස්‌ගමුව හදිසි මරණ පරීක්‍ෂිකා මල්ලිකා සුගතදාස මහත්මිය විසින් සිදුකළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විහාරස්‌ථානයේ සිටි ඇත්ගොව්වකුගෙන්, විහාරයේ හිමිවරුන් තිදෙනකුගෙන් ප්‍රකාශ ලබාගත් බවද පොලිසිය පැවසුවා.
පැය 10 ක ශල්‍යකර්මය අතරතුරදී උන්වහන්සේ අපවත් වෙලා.

Reviewed by Anonymous
on
4:25:00 PM
Rating:
No comments: