Loading...
ලොව සරාගීම ගුවන් සේවිකා සම්මානයෙන් ලංකාවෙ අපෙ තරුණිය

ගුවන් සේවිකාවක් කියපු මතක් වෙන්නේ මොකක්ද? ලස්සනට ඇද පැළඳගෙන ලෝකේ වටේ යන සුන්දර යුවතියක් වද? නෑ ගුවන් සේවිකාවක් කියන්නේ ඊට වඩා ගොඩාක් බැරෑරුම් කාර්යයක් කරන කෙනෙක්. ඔබ දන්නවාද ගුවන් සේවිකාවකට හදිසි අවස්ථාවකදි අවම වශයෙන් මගීන් 35 දෙනෙකුගේ වගකීම තියෙනවා. ඔවුන් බේරගන්න ඇයට දීල තියෙන්නේ තත්පර 90ක් විතරයි. ඉතින් මේ රැකියාව සුන්දරත්වය තිබුණ පලියට කරන්න බෑ. ඇය බුද්ධිමත් වගේම කඩිසර වෙන්නත් ඕනි.
1. Air Canada Rouge
2.Air China

චීන ගුවන් සේවයේ කාරුණික සත්කාර නිසා ජනතාව ප්‍රිය කරන සේවාවක්. මේ ගුවන් සේවිකාවන් සැරසිලා ඉන්නේ දිප්තිමත් රතු පැහැයෙන් නිර්මාණය කෙරුණු නවීන පන්නයේ ඇදුමකින්.
3.Air France

මේ හරිම සුඛෝපභෝගි ගුවන් සේවයක්. මොවුන් සැරසි සිටින මධ්‍යම ප්‍රමාණයේ හැඩැති කලු පැහැ සාය හා තද රතු පැහැති ඉන පටිය සහිත් ඇදුම් කට්ටලය නිර්මාණය කරලා තියෙන්නේ Christian Lacroix විසින්.
4.Emirates

Emirates ගුවන් සේවය ලෝකයේ ඉතා ප්‍රකට ගුවන් සේවයක්. එපමණක් නොව ලොව හොඳම ගුවන් සේවය ලෙස තේරී පත් වුනෙත් Emirates. යුරෝපීය ඇදිම් කට්ටලය හා රතු පැහැති හිස් ආවරණය නිසා මේ ඇදුම කැපි පෙනවා.
5.Ethiopian Airlines

මේ ඉතියෝපියානු ගුවන් සේවිකාවන් තමන්ගේ රටේ ජාතික ඇදුමෙන් තමයි මේ සැරසිලා ඉන්නේ. මේ සුදු පැහැති ඇදුම් කට්ටලය හදුන්වන්නේ, habesha qemi කියන නමින්.
6.Finnair

මේ Finnair ගුවන් සේවය පිළිබිඹු කරන්නේ 60 දශකය. නිල් පැහැති යුරෝපීය කෙටි ඇදුම සහ තම රටේ ලාංජනය හා ඔවුන්ගේ තනතුර ඇතුලත් හිස් වැස්මක් මේ ඇදුමට ඇතුලත්.
7. Korean Air

මේ celadon නිල් පාට කෝට් එක මේ කොරියානු ගුවන් සේවිකා නිල ඇදුම ලස්සන කරනවා. මොවුන් කොණ්ඩය සකස් කරලා තියෙන්නේ නම් තමන්ගේ සම්ප්‍රදාය ඉස්මතු වෙන විදියට.
8. Qantas

මේ ඔස්ට්‍රේලියානු ගුවන් සේවයක ඇදුමක්. මේ ඇදුම නිර්මාණය කරලා තියෙන්නේ Miranda Kerr විසින්. දැක්ක ගමන් කියන්න පුලුවන් නේද මේ වර්ණ සංයෝජනය නම් හරිම ලස්සනයි කියලා.
9. Singapore Airlines

අවුරුදු 40ක් තිස්සේ සිංගප්පූරු ගුවන් සේවය භාවිතා කරන්නේ මේ සුන්දර සම්ප්‍රදායික ඇදුම
10.Thai Airways

මේ Thai Airways භාවිතා කරන්නේ දම් පැහැයට හුරු ලස්සන සිල්ක් නිල ඇදුමක්. ඒ විතරක් නෙවේ මෙ ගුවන් සේවයේ තේමාව වන Smooth As Silk යන්න මේ ඇදුමෙන් අපූරුවට පිළිබිඹු කරනවා.
11.Vietnam Airlines

12 Sri Lankan Airlines

හැම රටක් ගැනම කතා කරලා අපේ රට අත අරින්නේ කොහොමද? මේ තමයි අපේ රටේ අභිමානය. මොනර පිලේ පැහැති අපුරූ ශ්‍රි ලාංකීක ක්‍රමයට ඔසරියකින් තමයි SriLankan Airlines හි අපේ සුන්දර ගුවන් සේවිකාවන් සැරසිලා ඉන්නේ. මේකත් ලෝකේ තියෙන ලස්සනම ගුවන් සේවිකා නිල ඇදුමක්.
ඉතින් මේ සුන්දර නිල ඇදුම් වලින් ඔබට ලස්සනම මොකක්ද කියලා අපිටත් කියන්න. සුභ දවසක්!
ලොව සරාගීම ගුවන් සේවිකා සම්මානයෙන් ලංකාවෙ අපෙ තරුණිය
Reviewed by Anonymous
on
10:22:00 AM
Rating:

No comments: