Loading...

" මම කට්ට කඩලා තියෙන්නේ , දැන් තියෙන්නේ පැටියා එළියට ගන්න " ජනපති මෛත්‍රී අගමැතිට දෙහි කපයි , යහපාලන ආණ්ඩුව අවසන් ?

 

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග දේශපාලන ක්ෂේත්‍රය අතිශය උණුසුම්ව තිබෙනවා.
වත්මන් රජයේද අනාගතය අවිනිශ්චිතව තිබෙන මොහොතක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම අතර සාකච්ඡාවක්  ඊයේ (14) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

එම ආණ්ඩුවේ අග‍්‍රාමාත්‍යවරයා කවුරුන්ද යන්න මෙතෙක් අවසන් තීරණයකට එළඹී නොමැති බවයි ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ. රජයේ ඉදිරි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ලබන සිකුරාදා විශේෂ ප‍්‍රකාශයක් ද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දැඩි ලෙස විවේචනය කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ.  අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන ලෙසට ද රනිල් වික‍්‍රමසිංහ මහතාට තමන් දැන්වූ බවද  ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී සඳහන් කර තිබෙනවා.

එම ඉල්ලීම අග‍්‍රාමාත්‍යවරයා නොසළකා හැර ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබෙනවා. ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදිද අග‍්‍රාමාත්‍යවරයා විසින් අනවශ්‍ය යෝජනා ඉදිරිපත් කර ඇති බවද ජනාධිපතිවරයා විසින් මෙම සාකච්ඡාවේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රී කණ්ඩාම හමුවේ පවසා තිබෙනවා.

තමන් බිත්තර කට්ට කඩා ඇති බවත් දැන් කළ යුතුව ඇත්තේ පැටවා එළියට ගැනීම බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.
" මම කට්ට කඩලා තියෙන්නේ , දැන් තියෙන්නේ පැටියා එළියට ගන්න " ජනපති මෛත්‍රී අගමැතිට දෙහි කපයි , යහපාලන ආණ්ඩුව අවසන් ? " මම කට්ට කඩලා තියෙන්නේ , දැන් තියෙන්නේ පැටියා එළියට ගන්න " ජනපති මෛත්‍රී අගමැතිට දෙහි කපයි , යහපාලන ආණ්ඩුව අවසන් ? Reviewed by Anonymous on 12:47:00 PM Rating: 5

No comments:

Powered by Blogger.