Loading...

කඩුවෙල ම කම්පා කරවමින් නිහඬ වූ ලහිරි අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගනී



හදිසි අනතුරකින් බරපතළ තුවාල ලබා රෝහල්ගතකර සිටි 27 හැවිරිදි තරුණියක් පෙරේදා (1-Feb-2018) අවාසනාවන්ත ලෙස සිය ජීවිතයෙන් සමුගත්තා.

ඇය පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිදුවූ රිය අනතුරකින් හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.

මෙලෙස අවාසනාවන්ත ලෙස සිය ජීවිතයට සමුදුන්නේ කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ලහිරි නමැති තරුණියක්.

නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

බීමත් රියදුරෙකුගේ නොසැලිකිලිමත් රිය ධාවනය හේතුවෙන් අදාළ අනතුර සිදුව ඇති බවටයි වැඩිදුර තොරතුරු වාර්තා වූයේ.

කෙසේ වෙතත් මාස 10 කට ආසන්න කාලයක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඇය ඊයේ දිනයේ සිය අවසන් සුසුම් හෙලන්නේ සියල්ලන්ට විශේෂ මතක් කිරීමක් සිදුකරමින්.

ඒ බීමත්කම තුළින් අවසානයේ තමන්ගේ පමණක් නොව අන් අයගේ ජීවිතවලටද වටිනාකමක් නොදෙන බවයි.


කඩුවෙල ම කම්පා කරවමින් නිහඬ වූ ලහිරි අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගනී කඩුවෙල ම කම්පා කරවමින් නිහඬ වූ ලහිරි අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගනී Reviewed by Anonymous on 9:48:00 AM Rating: 5

No comments:

Powered by Blogger.