Loading...

විවාහයෙන් පසු කාන්තාවන් මහත් වෙන්න හේතුව මෙන්න


විවාහයත් සමඟම කාන්තාවන් වෙතින් තරබාරු බවක් දකින්නට ලැබෙන බව ඔබත් අත්දැක ඇති. මෙයට නිශ්චිත හේතුවක් තිබෙනවාද? අද අපි ඒ ගැන විමසා බලමු. මෙයට හේතුවක් වෛද්‍ය විද්‍යාත්මකව නම් පැහැදිලිව කියන්නට බැහැ. නමුත් විවාහයත් සමගම කාන්තාවකගේ හෝමෝන වෙනස් වීමක් වෙන බව නම් සත්‍යයක්. ඇය සංසර්ගයේ යෙදීම නිසා ඇගේ ලිංගික පද්ධතියේ උත්තේජනයත් ඇය මවක් වීමට ශරීරය සූදානම් කිරීමත් මේ මහතට හේතුව කියලා විශේෂඥයින් විශ්වාස කරනවා. නමුත් විද්‍යාත්මකව එය ඔප්පු කර නැහැ. විවාහයත් සමඟ කාන්තාවන් සතුටින් සිටින නිසා මහත් වෙනවා වන්නත් පුළුවන්.

අනෙක් අතට අද තරුණ පරපූර බෙහෙවින් තමන්ගේ ශරීරය ගැන සැලකිලිමත් වෙනවා.

අනවශ්‍ය ලෙස මහත් වෙන්නට නොදී ආහාර, ව්‍යායාම මගින් ශරීරය පාලනයක් ඇතිව තියාගන්නට ඔවුන් වෙහෙස වෙනවා. නමුත් විවාහ වුණාට පස්සේ මේ සැලකිල්ල ඔවුන්ට අමතක වෙනවා.

එතකොට ඉතින් ශරීරය මහත් වෙනවා. ඇතැම් අයගේ ශරීර ස්වභාවය අනුව අපි කියනවා ඉක්මනටම මහත් වෙන ඇඟක් තියෙන්නේ කියලා. එය ඔවූන්ගේ පවුල් ස්වභාවය.

එවැනි අය පරිස්සම් වෙනකොට ශරීරය මහත් වෙන්නේ නෑ.

නමුත් සාමාන්‍ය ක්‍රමයට කන්න ගත්තම මහත් වෙනවා. තවත් කාන්තාවන් හෝර්මෝන එන්නත් ලබා ගන්නවා. එවිටත් මහත් වෙන්නට පුළුවන්.

යුවතියන් පාසල් යන කාලයේදී ක්‍රීඩාවලට, නැටුම්, පිහිනීම ආදී ශරීරයට ව්‍යායාම ලැබෙන දෙයට යොමු වී සිටිනවා. නමුත් විවාහයත් සමඟ මේ හැමදේම අත් හරිනවා.

එවිට පාලනයෙන් මිදුනු ශරීරය මහත් වෙනවා.
එහෙම වුණත් අද කාන්තාවන් ව්‍යායාම කෙරෙහි වැඩි උනන්දුවක් දක්වනවා.



ඇවිදීම ඉතාම හොඳ ව්‍යායාමයක්. නගරයේ පමණක් නොවෙයි අද ගම්බද කාන්තාවන් පවා ව්‍යායාම කෙරෙහි නැඹුරු බවක් දක්වනවා. ඒ වගේම හොඳ පෝෂ්‍යදායි ආහාර ගැනත් ඔවුන් සැලකිලිමත්.

ක්ෂණික ආහාරවලට තිබූණූ නැඹුරු බව අද බොහෝ දුරට අඩු වෙලා.
පාසල්වලදී පවා මේ ගැන නිතර උපදෙස් ලබා දීම සිදු කෙරෙනවා.

විවාහයත් සමග තරබාරු වෙනවා යැයි ඔබ හිතනවා නම් ඔබේ ආහාර ගැන සැලකිලිමත් වන්න.

ව්‍යායාම ලබාගන්න. නිවසේ සිදු කරන වැඩ කටයුතු මගින් ලැබෙන්නේ වෙහෙසක් විතරයි.

ඉන් ව්‍යායාම ලැබෙන්නේ නෑ.

නමුත් විවාහක කාන්තාවකට දරුවෙක් ලැබෙන්නට ඉන්නවා නම් ඇය මහත් වෙන්නට පූළුවන්. එයට හේතුව හෝර්මෝන වෙනස්වීමයි. ඇතැම් පළාත් අනූව අයඩින් ඌනතාව නිසාද මහත් වීම සිදුවන්නට පුළුවන්.

ඒත් එය හැම දෙනාටම පොදු කාරණයක් නෙමෙයි. ඔබ එවැනි ප්‍රශ්නයක් තිබෙන ප්‍රදේශයක ජීවත් වෙනවා නම් හොර්මෝන පරීක්ෂාවක් කරගෙන එය දෑනගන්නට පූළුවන්.

පැහැදිලිවම කියන්නට පුළුවන් මෙය බෙහෙවින් ගැටලුවක්ව ඇත්තේ ලංකාවේ කාන්තාවට පමණයි. බලන්න විදේශ රටවල කාන්තාවන් තමන්ගේ සිරුර පවත්වාගෙන යන ලස්සන.

විවාහ වුණත් දරුවන් ලැබුණත් ඔවුන්ගේ සිරුරේ ප්‍රමාණය වෙනස් වෙන්නේ නෑ. ඒකට හේතුව ඔවුන්ට අද බබා ලැබුණා නම් ඉඳලම ඇඳෙන් නැගිටලා ගෙදර වැඩයි, බබාගේ වැඩයි හැමදේම කරනවා.

ව්‍යායාමත් කරනවා. නමුත් අපේ අම්මලා මාසයක් විතර ඇඳට වෙලා කකා, බිබී ඉන්නවා. මං හිතන්නේ අපේ අම්මලාත් මේ ක්‍රමය පුරුදු වෙන්න ඕන. තමන්ගේ සිරුරේ ලස්සන වගේම සෞඛ්‍ය පවත්වා ගැනීමටත් එය වැදගත්.

ඒ සඳහා අවශ්‍යවන්නේ තමාගේ උනන්දුව.

ඔබ මේ විදිහට ඉන්නවා නම් එය ඔබගේ මානසික සෞඛ්‍යයටත් හොඳයි. ඒ වගේම ඔබේ සැමියාත් ඒ ගැන බොහොම සතුටු වේවි.
විවාහයෙන් පසු කාන්තාවන් මහත් වෙන්න හේතුව මෙන්න විවාහයෙන් පසු කාන්තාවන් මහත් වෙන්න හේතුව මෙන්න Reviewed by Anonymous on 3:14:00 PM Rating: 5

No comments:

Powered by Blogger.