Loading...

කෝටි 15 ක පඩිගත්තත් කරන්න තරම් ලොකු වැඩක් නොදෙන නිසා ආයතනයට නඩු දැමු සිරිසේන

අපේ රටේ පිංපඩි ගනිමින් අයිස් ගහන, මහජනතාව රස්තියාදු කරවන රජයේ සේවකයන්ට ආදර්ශයක් ගත හැකි විශිෂ්ට ශ්‍රී ලාංකිකයෙකු ගැන මේ දිනවල ඇමෙරිකන් ජනමාධ්‍ය කතා කරයි.

මේ විශිෂ්ට ලාංකිකයා නම් 1995 සිට නිව්යෝක් විශ්ව විද්‍යාලයේ සේවය කරන හරේන්ද්‍ර හැරල්ඩ් සිරිසේන මහතාය.

ඔහු කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් ශ්‍රාස්ත්‍රපති උපාධිය (Msc) ලැබූවෙකි. 1995 සිට 2003 දක්වා නිව්යෝක් ටෙක්නිකල් විදුහලට අනුයුක්තව සිටි කාලයේ තමන්ට ඉතා වගකිවයුතු වැඩකොටසක් භාර දී තිබුණු බවත් තමා එය ඉතා වගකීමෙන් ඉටුකළ බවත් සිරිසේන මහතා කියයි. නමුත් 2003 දී විශ්වවිද්‍යාලය තමාගේ වැඩ රාජකාරි සියල්ලම අලුතෙන් පැමිණි තරුණ සහායිකාවට පැවරූ බවද සිරිසේන මහතා කියයි.

මට දැන් වසරකට ඩොලර් දස ලක්ෂයක (රුපියල් කෝටි පහළොවක) පඩියක් විශ්වවිද්‍යාලයෙන් ලැබෙනවා. නමුත් මට කරන්න තියෙන එකම වැඩේ යුනිවර්සිටි එකෙන් යවන එක්තරා ලියුම් වර්ගයකට අවශ්‍ය ළමයින්ගේ නම හා ලිපිනය ටයිප් කරන එක විතරයි. මේ රාජකාරිය මම කරන්නේ අවුරුද්දට දවස් 30 ක් විතරයි. සිරිසේන මහතා නිව්යෝක් ටයිම්ස් පත්‍රයට කියයි.

මගේ වාර්ෂික සේවා කාලයෙන් සියයට 86ක් නැතිනම් දවස් 171 ක් මට රාජකාරි කියලා කරන්න කිසි දෙයක් නැහැ. මම ඉතින් අපේ ඔෆිස් කාමරයේ මගේ කුටියට වෙලා උඩ බලං ඉන්නවා. බොහොම වෙලාවට මම සංගීතයට සවන් දෙනවා. නැතිනම් කම්පියුටර් එකෙන් ක්‍රිකට් බලනවා. එහෙම නැත්නම් මොළයට සුවයක් දැනෙන්න කියලා ගණිත විසඳුම් කරනවා. ප්‍රහේලිකා පුරවනවා. හැමදාම ඔෆිස් එකට වෙලා අයිස් ගහන්න ගියහම ඔළුවට හොඳ නැහැනේ. ඉතින් මම හිටපු ගමන් යුනිවර්සිටි එකේ පාක් එකට ගිහින් කුරුල්ලන්ටයි ‍ලේනුන්ටයි කන්න දෙනවා. සමහර දවස්වල මට කරන්න වැඩක් නැතිකමට ඔෆිස් එකේදී ඉබේටම නින්ද යනවා. 72 හැවිරිදි සිරිසේන මහතා තවදුරටත් කියයි..

තමාගේ උපාධියට පළපුරුද්ද හා සුදුසුකම්වලට ගැළපෙන අන්දමේ වැඩ රාජකාරි බහුල රැකියාවක් දෙන ලෙස විශ්වවිද්‍යාල බලධාරින්ට දහපහළොස් වතාවක් තමා ලිඛිතව දැනුම් දුන්නත් ඔවුන් බිරි අලින් මෙන් සිටිනවා යැයි ඒ මහතා චෝදනා කරයි.

මේක කොපමණ මුදල් නාස්තියක්ද? මට කොච්චර දේවල් කරන්න පුළුවන්කම තිබුණත් බලධාරින්ට කිසිම ගාණක් නැහැ.

“what a waste of money. I could have done so much. but they didn’t care” සිරිසේන මහතා තවදුරටත් කියයි.

මේක මහජනතාවගේ විශ්වාසය බරපතළ ලෙස කඩකිරීමක් යයි සිරිසේන මහතාගේ නීතිඥ හිටපු නිව්යෝක් නීතිපති ඔලිවර් කොංපල් කියයි. වයස වැඩිවීම හා සුළු ජාතිකයෙකු වීම නිසා හැරල්ඩ් සිරිසේන මහතාට සෑහෙන රාජකාරියක් නොපැවරීම බරපතළ වැරැද්දක්. අපි එනිසා විශ්වවිද්‍යාලයට විරුද්ධව නඩු කියනවා.

පුදුමේ කියන්නේ හැමෝටම ඉහළ අධ්‍යාපනය ලබාදෙන්න තරම් අධ්‍යාපන අරමුදලක් තමන්ට නැහැ කියලා විශ්වවිද්‍යාලය මැසිවිලි නගනවා. ඒ අතරම හැරල්ඩ් සිරිසේන වගේ අයට නිසි රාජකාරියක් නොදී විශාල පඩි ගෙවමින් ඔවුන් මුදල් නාස්ති කරනවා.

සිරිසේන මහතාගේ පැමිණිල්ල ගැන අපි දැන් සලකා බලාගෙන යනවා. ඔහුගේ රැකියාවේ නිසරු බව ගැන පියවරක් ගැනීමට අපි සරසවියේ මානව සම්පත් අංශයට භාරදීලයි තියෙන්නේ.යි නිව්යෝක් විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක කියා සිටියි. රුපියල් කෝටි 15ක පඩියක් ලබන තමාට කරන්නට නිසි රාජකාරියක් නැතැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම ගැන නිව්යෝක් ජනමාධ්‍ය ඔහුට බලවත් ලෙස ප්‍රශංසා කරයි.
සිරිසේන මහතාගේ මේ අවංක ප්‍රකාශය ලංකාවේම අයිස් ගහන නිලධාරි පෙළැන්තියට ලොකු ප්‍රහාරයකි.

කවදාහරි ලංකාවේ කන්තෝරු නිලධාරිනියකද හැරල්ඩ් සිරිසේන මහතාගේ අඩිපාරේ යමින් තම ලොක්කා හමු වී අනේ සර් හැමදාම ඔෆිස් එකට වෙලා නිය‍පොතු පාට කර කර ඉඳලා මටත් හොඳටම ඇතිවෙලා. ප්ලීස් මට පැය අට පුරාම මහන්සි වෙලා කරන්න ඩියුටියක් දෙන්න කියා ආයාචනා කළොත් ඇයට ජනාධිපති සම්මානයෙන් බුහුමන් කළ යුතු යැයි මට සිතේ.

කෝටි 15 ක පඩිගත්තත් කරන්න තරම් ලොකු වැඩක් නොදෙන නිසා ආයතනයට නඩු දැමු සිරිසේන කෝටි 15 ක පඩිගත්තත් කරන්න තරම් ලොකු වැඩක් නොදෙන නිසා ආයතනයට නඩු දැමු සිරිසේන Reviewed by Anonymous on 4:03:00 PM Rating: 5

No comments:

Powered by Blogger.