Loading...

ජාතික රෝහලේදී අංශභාග රෝගියකුගේ මොළේ කපනව වෙනුවට කකුල කපලා

 

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍යම පිරිස. බැංකුවක නම් කළමනාකරු, විදුහලක නම් විදුහල්පති. මෙවැනි කෙනෙක්ගේ මොළයේ කොටසක් මැරුණා කියන්නේ රටට මොන තරම් නම් පාඩුවක්ද?

මොළයේ අභ්‍යන්තර ලේ නහරයක හිර වූ ලේ කැටියක් නිසා ආඝාත තත්ත්වයට පත්ව සිටි කාන්තාවකගේ මොළය විවෘත නොකර කකුලක ලේ නහරයක් ඔස්සේ යවන ලද සියුම් උපකරණයක් මඟින් එම ලේ කැටිය ඉවත් කළ විස්මිත ප්‍රතිකාරයක් පිළිබඳ පසුගියදා කොළඹ ජාතික රෝහලෙන් වාර්තා විය.

ආඝාතය නිසා සිහිසුන්ව සිටි 46 හැවිරිදි පියසීලි බෝපිටිය නම්වූ කාන්තාවගේ ජීවිතය බේරා ගැනීමේ කර්තව්‍යයට උරදුන්නේ කොළඹ ජාතික රෝහලේ නහර ආශ්‍රිත විකිරණවේදී විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු වන වෛද්‍ය ප්‍රසාද් ද සිල්වා හා වෛද්‍ය පද්මසිරි බණ්ඩාරනායක විසිනි. මොළය විවෘත නොකර සිදු කළ මෙවැනි ශල්‍යකර්මයක් ජාතික රෝහලේදී සිදු වී ප්‍රථම අවස්ථාවද මෙයයි.

මෙවැනි රෝගී තත්ත්වයකදී කාලය යනු තීරණාත්මක සාධකයකි. ආඝාත තත්ත්වයට පත්වූ මෙවන් රෝගියකු හැකි ඉක්මනින් ශල්‍යකර්මය සඳහා යොමු වීම අතිශය වැදගත් බව විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් ද සිල්වා පවසයි. පැය හතරක කාලයක් තුළදී අදාළ ශල්‍යකර්මය නොකළහොත් රෝගියා මරණයට පත්වීම හෝ ජීවිත කාලය පුරාම එක්තැන්ව සිටීමට සිදුවීම වැළැක්විය නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

“ශල්‍යකර්මයට බඳුන් වූ මෙම කාන්තාව කඩවත පදිංචිකාරියක්. ඇයගේ රෝගී තත්ත්වය සම්බන්ධව දුරකතන පණිවුඩය මට ලැබෙද්දී ඇය ආඝාත තත්ත්වයට පත්ව පැය තුනහමාරක් ගෙවිලා තිබුණා. මමත් විශේෂඥ වෛද්‍ය පද්මසිරි ඇතුළු අපේ කණ්ඩායම මෙවැනි අවස්ථාවකදී කාලය අපතේ නොයවා හැකි ඉක්මනින් සියලු කටයුතු සිදු කිරීමට අවශ්‍ය සූදානම ප්‍රගුණ කර සිටි නිසා කඩිනමින් සාර්ථකව මෙම කටයුත්ත සිදු කරන්න පුළුවන් වුණා.

බාහිර රෝගී අංශයෙන් මට ඇමැතුම ලැබුණේ 27දා උදේ 9.35ට. 9.45 වෙද්දී අපි ප්‍රතිකාර කරන්න ආරම්භ කළා. පෙරවරු 10.20 වෙද්දී සියල්ල අවසන්ව ඇය දැඩි සත්කාර ඒකකයට යොමු කළා”

රෝහලට ඇතුළත් කරන විටත් අතක් පණ නැතිව කතා කරගත නොහැකිව සිහිසුන් තත්ත්වයේ පසුවූ මෙම කාන්තාව ඛ්ඊ ස්කෑන් පරීක්‍ෂාවට ලක්කර මොළයේ සිරවී ඇති ලේ කැටිය නිරීක්‍ෂණය කරනු ලැබුයේ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රසිරි ලොකුබාලසූරිය විසිනි. ඉන් අනතුරුව සිදු කළ ශල්‍යකර්මය පිළිබඳව අපට තවදුරටත් අදහස් දැක්වූයේ වෛද්‍ය ප්‍රසාද් ද සිල්වාය.

”මෙවැනි රෝග තත්ත්වයකදී සිදුවන්නේ මොළයේ ලේ නහරයේ රුධිර කැටියක් හිරවීමයි. ඒ අවහිරතාව නිසා මොළයේ එම කොටස මිය යනවා. ආඝාතය සඳහා ලබා දෙන අඊර්ථීඒ කියන බෙහෙත දැනටත් ජාතික රෝහලේදී ලබා දෙනවා.

එයින් සිදුවෙන්නේ ලේ කැටිය දියවීමයි. මෙවැනි විටෙක ලබාදෙන එම එන්නත මඟින් එය ඇඟ පුරා පැතිරී අදාළ ස්ථානයේ ඇති ලේ කැටිය හෙමින් හෙමින් දිය කරනවා.

මේ මොන ප්‍රතිකාරය ලබා දෙන්නත් රෝගය හටගෙන පැය 4ක කාල සීමාවකදීවත් රෝගියා රෝහලට පැමිණ සිටිය යුතුයි.මෙම ප්‍රතිකාරය දැනට වසර දෙක තුනක සිට සිදු කරනවා.

නමුත් මෙම කාන්තාවට අඊර්ථීඒ දෙන්න බෑ. හේතුව ඇය රුධිරය කැටි ගැහෙන්නේ නැති රෝගයකින් පීඩා විඳීම. අඊර්ථීඒ දුන්නා නම් ලේ කැටියට අමතරව මොළයේ ලේ ගැලීමකුත් සිදුවෙන්න පුළුවන්. එවැනි විටෙක සිදුවන අනතුර ඉතාමත් විශාලයි. නමුත් අපි මෙවැනි රෝගීන් කිසිම විටෙක ප්‍රතික්‍ෂේප කරන්නේ නෑ. නමුත් නියමිත කාලයට පෙර පැමිණීම නම් අත්‍යවශ්‍යමයි.

මේ කාන්තාව ඇත්තටම වාසනාවන්තයි. ඇය නියමිත කාලය තුළ පැමිණියා විතරක් නොවෙයි පැමිණි විගස ප්‍රතිකාර සඳහා යොමු වීමටත් අවස්ථාව හිමි වුණා.

ඇය රෝහලට පැමිණි වෙලාවේ අපි තවත් ශල්‍යකර්මයක යෙදිලා හිටියා නම් එය අතරමඟ නතර කරන්නේ නෑ. එහෙනම් මැයගේ අවස්ථාව මඟහැරෙනවා. නමුත් වාසනාව කියන්නේ අපි රෝගියකු සමඟ ශල්‍යාගාරයට යෑමට සූදානම් වුණා පමණයි. ඊට වඩා හදිසි රෝගියකු සිටින බවට ලැබුණු ඇමැතුමත් සමඟ පියසීලිට ජීවත්වීමේ වාසනාව හිමි වුණා.”

ඇගේ කකුලක් ඔස්සේ ඇතුළු කළ සියුම් උපකරණයක් මඟින් ලේ කැටිය චූෂණ ක්‍රමයෙන් ඉවතට ගැනීමට වෛද්‍යවරුන්ට ගත වූයේ ඉතාමත් සුළු කාලයකි. ඉභජබඪධද මැෂිමක ආධාරයෙන් ලේ කැටිය ඇදලා ගැනීමට සාමාන්‍යයෙන් තෙවරක් පමණ උත්සාහ කළ යුතු වුවත් පළමු උත්සාහයේදීම ලේ කැටිය පැමිණි බව වෛද්‍යවරුන් පැවැසීය.

”ලේ කැටිය ඇදිලා ඒමත් සමඟ එතෙක් සාමාන්‍ය තත්ත්වයෙන් මිදී සිටි ඇය ප්‍රකෘති තත්ත්වයට පත්වුණා. ක්‍ෂණිකව එය සිදු වුණා. අපෙත් පළමු අත්දැකීම මෙය නිසා එම වෙනස අපිට හොඳහැටි තේරුණා. පළමුවරට සිදුකළ මේ ප්‍රතිකාරය සියයට සියයක් සාර්ථක වීම පිළිබඳව අපිට තියෙන්නේ ලොකු සතුටක්.

අපි මේ මොහොතේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ස්තුති කළ යුතුයි.

අපස්මාර රෝගීන් සඳහාම වෙන් වූ මේ ගොඩනැඟිල්ල ඉදිවුණේ මීට වසරකට පමණ පෙර. ඒ වගේම මේ සිදු කළා වූ ශල්‍යකර්මය සඳහා අවශ්‍ය උපකරණ කට්ටල 5ක් අපිට ලබාගන්න පුළුවන් වුණේ සෞඛ්‍ය ඇමැතිතුමාගේ මූලිකත්වය නිසා. මේ එක් උපකරණ කට්ටලයක් රුපියල් ලක්‍ෂ 15ක් පමණ වෙනවා. දැන් එක් කට්ටලයක් ප්‍රයෝජනයට අරන් ඉවරයි.

තව කට්ටල හතරයි තියෙන්නේ. මූලික වියදම වැඩියි. නමුත් මෙවැනි රෝගීන් ජීවත් කරලීම උදෙසා අවශ්‍ය තවත් උපකරණ මිලදී ගැනීමට රජයේ අනුමැතිය ලැබිලයි තියෙන්නේ.මෙවැනි රෝගී තත්ත්වයන්ට බොහෝවිට ලක්වෙන්නේ වයස අවුරුදු 40, 45, 50 අය.

ආඝාතය ඇතිවීමට දියවැඩියාව අධි රුධිර පීඩනය හේතු වෙනවා මෙන්ම කිසිදු රෝගී තත්ත්වයක් නැතිවත් ආඝාතය ඉස්මතු විය හැකි බව වෛද්‍ය පද්මසිරි බණ්ඩාරනායක පැවැසීය. මොනයම් හෝ රෝගී තත්ත්වයක් වුවත් මූලික ලෙසම මොළයට, හෘදයට හා වකුගඩුවලට බලපාන බැවින් ‘පරිස්සම’ අත්‍යවශ්‍ය සාධකයක් බවත් ඔහු පවසනවා.

”සාමාන්‍යයෙන් සතියකට ආඝාත රෝගීන් 16ක් පමණ ජාතික රෝහලින් වාර්තා වෙනවා. ඒ බව අපිට අනාවරණය කරගන්න පුළුවන් වුණේ පසුගිය වසරේදී සිදු කළ සමීක්‍ෂණයකින්.

මේ හැමෝම ප්‍රතිකාර කර සුව කළ හැකි අය. අවශ්‍ය වෛද්‍ය උපකරණ කෙසේ හෝ ලබාගෙන ඒ අයට ජීවිතය දෙන්න අපි හැම තිස්සේම උත්සාහ දරනවා. පෞද්ගලික රෝහලක මෙවැනි ශල්‍යකර්මයක් සිදුකළා නම් ලක්‍ෂ 30ක් පමණ ඕන වෙනවා. අපේ රටේ බහුතරය ඒ තරම් පොහොසත් නැහැ. එහෙම කියලා නිකරුණේ ඔවුන්ට මියයන්න දෙන්නත් බෑ”

ඒ වෛද්‍ය පද්මසිරි බණ්ඩාරනායකය.
”මෙම ශල්‍යකර්මයේ සාර්ථකත්වයට එකම හේතුව මමත්, වෛද්‍ය බණ්ඩාරනායකත් පමණක් නොවෙයි.

මේ සඳහා සහභාගිවූ සියලුම නිලධාරීන්ගෙන් උපරිම සහාය ලැබුණා. ක්ෂණිකව බඩු බාහිරාදිය අපිට ලබා දෙමින් අවශ්‍ය උපකරණ නිවැරැදිව ක්‍රියාකරවමින් ඔවුන් දැක්වූ සහයෝගය අති විශාලයි.

මේ අපි සියල්ලන්ගේම කැපවීමේ සාර්ථකත්වයි. අද වෙද්දී රෝගී වූ කාන්තාව ඇයට සිදුවූයේ කුමක්ද කියාවත් දන්නේ නෑ. ඇයට දැන් බොහෝ දුරට සුවයි. අත් ඉහළ පහළ දමන්නත් පුළුවන්. අද හෙට වෙද්දී දැඩි සත්කාර ඒකකයෙන් වාට්ටුවකට යොමු කරනවා”.

ඒ රෝගියා තරමට සතුටු වන විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් ද සිල්වාය.
ජාතික රෝහලේදී අංශභාග රෝගියකුගේ මොළේ කපනව වෙනුවට කකුල කපලා ජාතික රෝහලේදී අංශභාග රෝගියකුගේ මොළේ කපනව වෙනුවට කකුල කපලා Reviewed by Anonymous on 10:52:00 AM Rating: 5

No comments:

Powered by Blogger.