Loading...

වේදනාවේ අවසන් හෝරාව - චූටි දියණියකගේ වේදනාත්මක කතාපුවත - Photo

 

කො‍ළොම්බියේ, අරෝමා ජනපදයේ ජනතාවගේ සිත් කාලයක පටන් බියක් තැති ගැන්විලා තිබුනා. ඒ ගමේ එක පසකින් දැවැන්ත යක්ෂයෙකු නිදාගෙන සිටින නිසාවෙනි. මේ යක්ෂයා දින කිහිපයක පටන් අරෝමා ජනතාවගේ බිය දෙගුණ කරන්නට සමත් වුනේ එයින් කළු දුම් වලා අහසට මුසු කිරීමත් සමගයි. මේ යක්ෂා අන් කිසිවක් නොව කොයි මොහොතක හෝ සක්‍රීය වීමට බලා සිටි නෙවාඩෝ ඩෙල් රුයිස් නම් දැවැන්ත ගිනි කන්දයි.

වර්ෂ 1985 නිදාගෙන සිටි යක්ෂා අවදි වූ වර්ෂයයි. දින කිහිපයක් තිස්සේ කළු දුම දමමින් සිටි නෙවාඩෝ ගිනි කන්ද නොවැම්බර් 13 වෙනිදා සම්පුර්ණයෙන් ම සක්‍රීය විය. ගිනි ජලා සමග පුපුරා ගිය ගල් කැබලි අහසට විසි වී ගියේය. ගිනි කන්ද තුළින් දැඩි උණුසුම් සහිත ලාවා පිටතට ගලා එමට පටන් ගත්තේ ඒ සමගයි. කාලයක පටන් නෙවාඩෝ ගිනි කන්දේ පහළ කොටසේ තිබු හිම මතට මේ ලාවා ගලා එමත් සමග ඒවා දිය වී මහ ජල කදක් නිර්මාණය විය. මේ ජල කද සිත් පිත් නොමැති ලෙස වේගයෙන් සියලු දේ පෙරළාගෙන පල්ලම් බසින්නට පටන් ගත්තේ ය.

මඩත් සමග මිශ්‍ර වූ මේ ජල කද තත්පරය මීටර් 6ක වේගයෙන් පල්ලම් බැසීමට පටන් ගත්තේ ය. පහළ තිබුනේ අරෝමා ජනපදයයි. ඉතාමත් වේගයෙන් පැමිණි මේ ජල කද අරෝමා ජනපදය වසා ගැනීමට සමත් විය. ඒ 20,000කට ආසන්න ප්‍රමාණයකගේ අවසන් හුස්ම පොද නෙවාඩෝ ගිනි කන්දේ දුම් වලින් අපිරිසිදුව ගිය අදුරු අහසට මුසු කරමිනි. බොහො දෙනා මිය යන්නට එදා හේතු වුනේ ඒ වෙලාව රාත්‍රී කාලයක් වූ නිසාවෙනි. ඒ ආසන්නයේ ම පිහිටි ලාහර් ගම්මානයේ 1800කගේ ජිවිත අහිමි වී ගියේය. ගම්මාන 13ක් විනාශ කරමින් පුපුරා ගිය නෙවාඩෝ ඩෙල් රුයිස් ගිනි කන්දෙන් ජිවිත අහිමි ගණන 23,000ක් බව වාර්තා විය.
20 සියවසේ අග භාගයේ සිදු මේ පිපිරීම ගිනිකදු පිපිරීම ලෝකයේ වාර්තා දරුණුම ස්භාවියක උපද්‍රවයන් අතරින් එකක් බවට පත් විය.

පළමු වරට නෙවාඩෝ ගිනි කන්ද සක්‍රිය වී තිබුනේ ක්‍රි.ව. 1500 දී බව සදහන් විය. කෙසේ වෙතත් ගිනි කන්ද පුපුරා යාම දවස් කිහිපය සිට එක දිගට පෙන්නුම් කරත් එවකට කොළොම්බියානු රජය අදාල පියවර නොගත් බව බොහො දෙනා චෝදනා කරන්නට විය. පැහැදි ලෙස විනාශයකට සාක්ෂි පෙනි පෙනී තිබිය දීත් කිසිදු පියවරක් නොගෙන අහිංසක ජිවිත විනාස වෙන්න ඇරි බව බොහො දෙනා චෝදනා කරන්නට විය. නමුත් ඒ වෙන විටත් ජිවිත බොහොමක් අවසන් වී තිබුනි.

නෙවාඩෝ ඩෙල් රුයිස් පුපුරා යන විට ඇයගේ වයස අවුරුදු 13යි.ඇයගේ ගම වුනු ලාහර් විනාශ වෙද්දී ඇයගේ නිවසත් මේ දැවැන්ත විනාශයට හසු වුනා. ලාහර් හා අවට ගම්මාන රැසකම ගෙවල් දැඩි ලෙස විනාස වීමට හේතුව වී තිබුනේ මේ ගෙවල් වල සවිමත් බාවයක් නැති නිසා බව පසුව අනාවරණය කර ගනු ලබනවා. ඇයගේ නිවාසය විනාශ වෙද්දි ඇයගේ නැන්දනියත්, පියාත් නිවස ඇතුළතම මිය ගියා. නැමුත් ඔමායා සන්චෙස් මේ අනතුරින් බේරීමට සමත් වෙනවා.

පසුදා සහන සේවකයින් අනතුරට පත් වූ අය සොයමින් සැරිසරන විට නිවස පරාලයක එල්ලී සිටින ඔමායාව දකිනවා. ඇය තරමක් වේදනාවෙන් පසු වුනේ.සහන සේවකයින් ඇයව ඉවතට ගැනීමට උත්සහ කරත් එය අසාර්ථක වෙනවා. ඒ වන විටත් හිම දිය වී ගලාගෙන ආ ජල දහර ලාහර් වසාගෙනයි සිටියේ. ඔමායාගේ නිවසත් ජලයට යට වී තිබුනා. සහන සේවකයින් කිහිප වරක් ම ඇයව ඉවතට ඇදලා ගන්න උත්සහ කරත් අසාර්ථක වෙනවා.

ඇයව උඩට ගැනීමට නොහැකි හේතුව දිය යට ඇති දෙයක් නිසා බව සිතූ සහන සේවකයින් කිමිදුම්කරුවන් මාර්ගයෙන් එය ඉවත් කිරීමට උත්සහ කරා. සිදු වී තිබු දෙය සිතා ගත නොහැකි දෙයකි. ඇයගේ දෙපා මතට දැවැන්ත කොන්ක්‍රීට් බිත්තියක් සිර වී තිබුණි. එය ඉවත් කිරීමට හෝ කඩා දැමීට නොහැකි තත්ත්වයේ පැවැති බව සදහන් වෙනවා. ඇයගේ දෙපා මුල ඇයගේ නැන්දණිය මිය ගොස් සිටියාය, ඇය තදින් ඔමායාගේ කකුලින් අල්ලා ගෙන සිටි බවටත් සදහන් වෙනවා.

කොහොම වුනත් සහන සේවකයින් ඇයගේ සිරව තිබූ අත් නිදහස් කර ගන්නට සමත් වෙන අතර, ඇයව දිය යට ගිලීම වැලැක්වීම උදෙසා ඇයගේ ශරීරයේ උඩ කොටසට ටයරයක් දමනවා.

කෙතරම් දැඩි අනතුරක් සිදු වී තිබුණද ඇයගේ සිත තුළ තිබුනේ වැඩිහිටියෙකුට නොමැති ධෛර්ය වන්ත බවකි. මෙම විනාස දැනගත් ජර්මානු මාධ්‍යවේදිනියක් වන සාන්ත මරියා බැරගෙන්, ඔමායා අසලට වී ඇයව බලා ගන්න ඉදිරිපත් වෙන්නේ ඇයගේ ස්වේඡාවෙන් මයි.

ඇයත් සමග ගිත ගායනයේ යෙදෙන්නට ඔමායා කැමැත්ත දැක් වු බව සදහන් වෙනවා. මේ වෙද්දි ඇයව ගොඩට ගැනීම ගැන විවිධ තීන්දු තීරණ සහන සේවකයින් අතර සාකච්ඡාවට බදුන් වුනා. ඇයගේ දෙපා කපා ඉවතට ගැනීමට හැකියාව තිබුනු නමුත් ඇයගේ ශරීරය දුර්වල නිසා ඔවුන් ඒ අදහස අත් හරිනු ලබනවා. මරියා ඔමායා හට රැසකැවිලි කැව්වා, සෝඩා පෙව්වා නිතරම ඇයත් සමග කතා කරා.

ඔමායා හිටි හැටියේ අඩන්න පටන් ගත්තා, වෙලාවකට ඇය දෙවියන් ට යාඥා කරා. තවත් වෙලාවකට ඇයට ස්කෝලේ නොකරපු වැඩ ගැන කිව්වා. විටෙක ඇයට එතනින් එළියට එන්න ඕන පාසල් යන්න පරක්කු වෙනවා යැයිද ඇය කියලා තිබුනා. සහන සේවකයින් වෙහෙසනවා දුටු ඇය කියූ කතාවකින් සියලු දෙනාගේ සිත් වලට ගෙනාවේ දැඩි වේදනාවක්, ඇය කියා තිබුනේ “ මාව දැන් අත ඇරලා දාන්න, ඔයාලා ගෙදර ගිහින් විවේක ගන්න...” ලෙසෙනි.

තවත් වරක් දැවැන්ත බිත්තිය ඉවත් කිරීමට ගත් උත්සහයේ දී එය තවත් ඔමායාගේ දෙපා වලට සිර වීමට පටන් ගත්තේ ය. දෙපා කපා ගැනීමේ අදහස ගැන සිතූ සහන සේවකයින් සියලු උපකරණ සහ වෛද්‍ය කණ්ඩායමක් රැගෙන පැමිණියත් ඇයගේ තත්ත්වය එවැනි සැත්කමක් සදහා කිසිදු ලෙසක සුදානම් නැති බවට වෛද්‍යවරුන් පවසන්නේ ඇයගේ ජිවිතය ගලවා ගත්තත් දැඩි ආසදනයන් හමුවේ ඇය මිය යා හැකි බවයි. ඉතා වේදනාත්මක රාත්‍රී 3ක් ගෙවා දැමූ ඔමායා තමන්ගේ ජිවිතේ අවසන් හෝරාව වෙත ළගා වෙමින් සිටියාය. ඇය වේදනාව ඉවසා ගත නොහැකි මහ මඩින් කෑ ගසන්නට විය.

නොවැම්බර් මාසයේ 16 වෙනිදා වේලාව උදෑසන 10.05 ට පමණ ඇත. ඔමායා ඇයගේ වේදනාත්මක අවසන් හෝරාව ගෙවා දැම්මේ ය. සහන සේවකයන්ගේ හා සියලු ස්වේඡා සේවකයන්ගේ සියලු ප්‍රයන්තයන් ඇද දමින් ඇය අවසන් සුසුම් හෙළුවේ ය.

ඇයගේ මරණයෙන් මාස 06කට පමණ පසුව ඇයගේ වේදනාත්මක ජිවිතයක් ඇයගේ සිනහාවත් රැගත් ඡායාරූප ප්‍රසිද්ධියට පත් කරේ ය. මෙම ඡායාරූප තමන්ගේ කැමරාවේ සටහන් කර ගනු ලැබුවේ වර්ල්ඩ් ප්‍රෙස් ඡායාරූප ශිල්පියෙකු වූ ෆ්‍රෑන්ක් ෆොර්නියර් විසිනි. අරෝමා ජනපදයේ මේ අවසානාවන්ත සිදුවීම සිහිපත් කිරීමට ඉදි කර ඇති තැන ඔමායා වෙනුවෙන් ද ස්මාරකයක් ඉදිව ඇත. එයට යන දෙස් විදෙස් සංචාරකයන් දෙවියන්ට අදටත් යාඥා කරමින් පවසන්නේ නැවත ආත්මයක ඇයට කිසිදාක එවන් වේදනාවක් උරුම නොවේවා ලෙසයි.


වේදනාවේ අවසන් හෝරාව - චූටි දියණියකගේ වේදනාත්මක කතාපුවත - Photo  වේදනාවේ අවසන් හෝරාව - චූටි දියණියකගේ වේදනාත්මක කතාපුවත - Photo Reviewed by Anonymous on 12:30:00 PM Rating: 5

No comments:

Powered by Blogger.