Loading...

මෙවර මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වෙද්දී එක එක පක්ෂය වියදම් කරපු වියදම මෙන්න

 

පළාත් පාලන මැතිවරණයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු මේ වන විට අවසන් වී තිබේ.එක් එක් පක්ෂ විසින් පක්ෂ වලට එකතු වූ මුදල් මගින් එම ප්‍රචාරක කටයුතු සිදු කර ඇත.වාර්තා වන අන්දමට මෙම මැතිවරණයේදී ප්‍රචාරණ කටයුතු සදහා වැඩිම මුදලක් යොදවා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම ප්‍රචාරක කටයුතු සදහා බිලියන ගණනක මුදලක් වැය කර ඇත.මෙලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙතරම් මුදලක් ලැබී ඇත්තේ විමසා බැලු අවස්ථාවේ අපට වාර්තා වුයේ බහු ජාතික සමාගම් විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සදහා අනුග්‍රහය ලබා දී ඇති බවය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බොහෝ බහුජාතික සමාගම් වලට දක්වන දැඩි විරෝධය හේතුවෙන් ජනාධිපතිවරයා 2020 පරාජය කිරීමේ අරමුණින් මෙලෙස මෙම බහුජාතික සමාගම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා මුදල් ලබා දී ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කිරිපිටි සමාගම් සමගද ඉතා දැඩි ක්‍රියාමාර්ග රැසක් ගැනීම හේතුවෙන් ෆොන්ටෙරා වැනි බහුජාතික සමාගම් ජනාධිපතිවරයා පරාජය කිරීමේ අරමුණින් විපක්ෂයට මුදල් ලබා දෙමින් ඇත.

තවද බහුජාතික ඖෂධ සමාගම් ද පොදුජන පෙරමුණට මුදල් ලබා දී ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඖෂධ මාෆියාවට වැට බදිමින් සිදුකල ක්‍රියා හේතුවෙනි.වකුගඩු රෝගයට හේතුවන ඇතැම් වල්නාශක තහනම් කිරීම නිසාද බහු ජාතික සමාගම් රැසක් ජනාධිපතිවරයා සමග පරාජය කරීමේ අරමුණින් සිටියි.තවද මහත් ආන්දෝලනයකට තුඩු දුන් ඇස්බැස්ටර් තහනම හේතුවන් එම නිෂ්පාදන කටයුතු වල නිරත බහුජාතික සමාගම් මෛත්‍රිපාල සිරිසේන ජනපති පිළිබද දැඩි විරෝධයක් දක්වයි.

මේ කරුණු නිසා බහු ජාතික සමාගම් බිලියන ගණනක මුදලක් මහින්ද රාජපක්ෂ මහතා සහය ලබාදෙන පොදුජන පෙරමුණට ලබා දී ඇත.මෙම පළාත් පාලන මැතිවරණයේදී පොදුජන පෙරමුණ යටතේ අපේක්ෂකයන් 9500 ක් පමණ මැතිවරණය සදහා ඉදිරිපත් වී ඇති අතර එහිදී එක් අපේක්ෂකයෙක් සදහා රුපියල් ලක්ෂයක මුදලක් ලබා දී ඇත.එනම් මිලියන 950 ක පමණ මුදලක් අපේක්ෂකයන් සදහා පමණක් පොදුජන පෙරමුණ විසින් ලබා දී ඇත.

තවද පොදුජන පෙරමුණේ පති එක් රැළියක් සදහා වියදම රුපියල් ලක්ෂ 70 කි.එලෙස මැතිවරණ රැස්වීම් 25 ක පමණ පැවති අතර මිට අමතරව දැන්වීම් ප්‍රචාරණ කටයුතු සදහා තවත් මිලියන ගණනක විශාල මුදලක් බහු ජාතික සමාගම් විසින් පොදුජන පෙරමුණට ලබා දි ඇත.

මෙලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් මුදලින් බිලියන ගණනක මුදලක් ලබාදෙන බහුජාතික සමාගම් වල අරමුණ වී ඇත්තේ 2020 දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව ජනාධිපති ධුරයෙන් ඉවත් කර ඔවුන්ගේ සමාගම් වල නිෂ්පාදන හිතේ හැටියට ශ්‍රී ලංකාව තුල අලෙවි කර දේශීය නිෂ්පාදන අඩපන ගැන්වීමය.ජනාධිපතිවරයා මුදලට යට නොවී ජනතාව සමග යන මේ ගමන බහුජාතික සමාගම් වලට නැවතිය හැකිදැයි අප බලා සිටින්නෙමු
මෙවර මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වෙද්දී එක එක පක්ෂය වියදම් කරපු වියදම මෙන්න මෙවර මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වෙද්දී එක එක පක්ෂය වියදම් කරපු වියදම මෙන්න Reviewed by Anonymous on 10:38:00 PM Rating: 5

No comments:

Powered by Blogger.