Loading...

බඩු කිරද්දී කරන ජරා වැඩක් මාට්ටු වුණ හැටි!! (VIDEO මෙන්න)

 
බඩු ගන්න කඩේට ගියාම ඒවාගේ තදබදය නිස අපිට මේ හොර වැඩ ගැන එච්චර ගානක් නැතුව යනව.එත් ඔයලා බඩු ගද්දී සෙවිල්ලෙන්.අපේ සල්ලි ව්ලට වටිනා කමකට හරියන බඩු නොදෙන මේ වගේ වෙලෙන්දුන් බොහොමයි.

මෙරට ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන බොහෝ පිරිසක්‌ තවමත් තම ජීවිකාව සරි කරගන්නේ ගොවිතැන හරහායි. ඔවුන්ගේ ලොකුම සිහිනය වන්නේ මාස ගණනාවක්‌ දහදුක්‌ විඳ ලබාගන්නා තම අස්‌වැන්නට සාධාරණ මිලක්‌ ලබාගැනීමයි. දහදිය, කඳුළ කැප කර අස්‌වැන්නට මිලක්‌ ලබාගැනීමට වෙරදරන ගොවීන්ගේ අස්‌වැන්න කොල්ල කෑමට වෙනස්‌ කරන ලද වංචනික තරාදි සකසා කූට වෙළෙඳුන් දරනා වංචනික ප්‍රයෝගයක්‌ පිළිබඳව පසුගියදා මහියංගනය ප්‍රදේශයෙන් අනාවරණය කර ගන්නට හැකි වූ අතර කිරුම් මිනුම් හා ප්‍රමිති දෙපාර්තමේන්තුවේ බදුල්ල ඒකකයේ නිලධාරීන් පසුගියදා කූට වෙළෙඳුන් අල්ලා ගැනීම සඳහා විශේෂ වැටලීමක්‌ මහියංගන නගරයේදී සිදු කෙරින.

වී අස්‌වනු ලබාගැනීම සඳහා සූක්‍ෂම ලෙස තරාදි වෙනස්‌ කිරීමේ ජාවාරමක්‌ මහියංගනය, හසලක, පල්ලෙවත්ත හා මිනිපේ යන ප්‍රදේශවලින් පැමිණෙන වෙළෙඳුන් විසින් සිදු කරනු ලබන අතර බහුලව මෙම වෙනස්‌ කරන ලද තරාදි භාවිත කර වී තොග වංචනික ලෙස ලබාගන්නා බවද පැවසේ.

විශේෂයෙන් මහියංගනයේ සිට බිබිල මොනරාගල, මීගහකිවුල, කන්දකැටිය, දඹාන, පදියතලාව, ගිරාඳුරුකෝට්‌ටේ, හෙබරව, ගින්නෝරුව, දිවුලපැලැස්‌ස හා මහවැලි සී කලාපයේ ප්‍රදේශ ඉලක්‌ක කරගනිමින් මෙම ජාවාරම ක්‍රියාත්මක වන බවත් වී, බඩ ඉරිඟු, කවුපි, මුං, තල හා ධාන්‍ය බෝග සඳහා වැඩි වශයෙන් වංචාව සිදු කරන බවට පැමිණිලි හා තොරතුරු අනාවරණය වී ඇත.

මේ වන විට ප්‍රදේශ රැසක වී අස්‌වනු නෙළීම ආරම්භ කර ඇති අතර විශේෂයෙන්ම එම ප්‍රදේශ ඉලක්‌ක කරගනිමින් කුඹුරු වලටම ගොස්‌ ගොවියාගෙන් වැඩි මිලට වී මිලදී ගැනීමට මෙම ජාවාරම්කරුවන් ක්‍රියා කරමින් සිටී.

වීඩියෝව පහතින් > > >

පහතින් එම වීඩියෝව බලන්න යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න.


බඩු කිරද්දී කරන ජරා වැඩක් මාට්ටු වුණ හැටි!! (VIDEO මෙන්න) බඩු කිරද්දී කරන ජරා වැඩක් මාට්ටු වුණ හැටි!! (VIDEO මෙන්න) Reviewed by Anonymous on 11:09:00 AM Rating: 5

No comments:

Powered by Blogger.